Sidu Teledrama girl ?

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Manisha chanchala
    මනීශා චංචලා

    madai maneesha hoyanna giya,,,,
    menna amta set wechcha eka..:lol::lol::lol:
    1979336_737177899669738_5441349695284382106_o.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,764
    113
    -In Darkness-
    අඩෝ මං අවුරුදු 5කට කලින් මේකි ගැන ත්‍රෙඩ් එකක් දැම්මා :lol::lol:
    මේ තියෙන්නේ ඒක

    http://www.elakiri.com/forum/showthread.php?t=1084581


    කාලයක් මහත් වෙලා හිටියේ. දැන් ආයේ එළටම ඉන්නවා ඔව්. මේ පහල විඩියෝ එකේ ඉන්නෙත් ඒකිම තමා. මේ නම් අවුරුදු 16 වගේ.

     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    මට නම් පේන විදියට කතාවට චීප් ලව් ස්ටෝරි එකක් දාලා චාටර් කරන්න වගේ යන්නෙ. මෙච්චර කල් කතාව වරදක් නැතුව ගියා. පොඩි හාමුදුරුවොන්ගෙයි පොඩි ළමයින්ගෙයි දර්ශන වලට තමයි මම වැඩියෙන්ම ආසා කරන්නෙ.

    මලී 1 සහ 2 කොටස් විමසලා බැලුවොත් මලීගේ දැන් වයස 57 ක්වත් වෙන්න ඕන!
    'ඩිංගිරි' (මලීගෙ අම්මා) කියපු විදියට මලීගෙ ලොකු දුව 'සාරදී' ඉපදිලා අවුරුදු 21ක් යනකන් තව ළමයෙක් හදන එක මාර අපලයි කියල තිබුනා. ඒ එක්කම ඒ අවුරුදු 21 ළමයා අම්මගෙන් වෙන් කරන්න කියලත් තිබුනා. මලී පිටරට යන්න ලොකුම හේතුව ඒක තමයි.


    ඉතින් එහෙම බැලුවම Timeline එක මේකයි

    මලී කසාද බඳින වයස - 20
    'සාරදි' උපදින්කොට මලීට වයස - 21 (එහෙම හිතමුකො. හනිමූන් එකේදිම මලීට හිට්ට නම් එහෙම වෙනවනෙ!)
    එතකොට දෙවෙනි දූ (මේ පින්තූරෙ ඉන්න කෙල්ල ) උපදිනකොට මලීට වයස - 42 !
    දැන් මේ පින්තූරෙ ඉන්න කෙල්ලට වයස කතාවෙ හැටියට අඩු ගානෙ 15 ක් වත් ඇති. එතකොට දැන් මලීගේ වයස - 57 !!

    සමාධි අරුණචායාගෙ (මලී) වේශ නිරූපණය නම් 57 ක ගෑණියෙන් වගේ පේන්නෙ නෑ

    (මේක මට නික්න ඉන්න බැරි හින්ද කරපු analysis එකක්!!)

    uba hari oi, mn hithuwe meka patan ganna dawase aththamma thama athi kiyala. ohe gahannan wale katha gahanawa bn mun.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,604
    897
    113
    Australia
    සිදූ නාට්‍යයේ අධ්‍යක්ෂක තිළින බොරලැස්ස, සමාධි අරුණචායා (මලී), කවීෂ විහඟ (පොඩි හාමුදුරුවෝ) සහ මලී 1 සහ 2 රඟපෑ දුලීකා මාරපම (ඩිංගිරි ) මාධ්‍යට පවසා ඇති කරුණු වලින් පලවූ ලිපියක් පහත දැක්වේ.

    මේ ලිපියේ තිළින බොරලැස්ස පවසා ඇති අන්දමට මලී 1 සහ 2 වලින් චරිත අර ගත්තත් සිඳූ නාට්‍යයට 1 සහ 2 සම්බන්ධයක් නැති බව තමයි පේන්නෙ.!!
    ______________________________________________________________________
    "දූලීකා කැපිලා සෝරතයි පූසයි ජනප්‍රිය වෙලා මොකද්ද සිඳු වුණේ..?"

    sidu-03-npr_zpsg0m1hajw.jpg



    අපි තුරුම්පුවක් ගැහුවේ... -තිළිණ බොරලැස්ස



    • මලී සහ අත්තම්මාට පස්සේ සිඳු ඇවිත්. මලී තුන විදියට සිඳු ගේන්න හිතුවේ?

    ලෝකයේ වෙනත් රටවල සීසන් 1,2,3 කියලා වැඩ වෙනවනේ. මේ සංකල්පයට මූලික වුණේ නම් දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ. මම, නිෂ්පාදක ජානක සිරිවර්ධන, පිටපත ලියන සමන් එදිරිමුණි අපි හැමෝම එකතු වෙලා කතා බහ කරලා තමයි මේක කළේ. මලී තුන කියලා ගත්තට මලී ටෙලි නාට්‍යයේ තිබුණ චරිත කිහිපයක් මෙයට අරන් වෙනම කතාවක් තමයි හදලා තියෙන්නේ.



    • මේක ප්‍රේක්ෂක ඉල්ලීම්වලට කළ වැඩක් නෙවෙයිද?

    ප්‍රේක්ෂකයන්ගෙත් ඉල්ලීමක් තිබ්බා තව කොටසකට යන්න කියලා. චැනල් එකට ප්‍රතිචාර ඇවිත් තිබ්බා මලී, අත්තම්මා නාට්‍ය හොඳයි. ඊට වඩා හොඳ එකක් චැනල් එකේ ගියේ නැහැ කියලා. ඉතිං මේ ප්‍රතිචාරත් එක්ක හරිම කාලය ආවම තමයි අපි මේ තුරුම්පුව ගැහුවේ.



    • මලී සහ අත්තම්මා කියන්නේ කාන්තා චරිත ප්‍රධාන කරගත්ත නාට්‍ය දෙකක්. 'සිඳු' නාට්‍යයේ ප්‍රධාන වෙන්නේ පිරිමි දරුවෙක්. ඇයි මේ වගේ වෙනසක් කළේ?

    ආසියාතික රටවල කාන්තාවන් වීරවරියන් වන සංකල්පයක් ශාන්ති, චිත්ති හරහා හැදුනනේ. ඕක හරහා තමයි මලී සහ අත්තම්මා කියන චරිත දෙක ආවේ. වර්තමානයේ ළමයින්ට වෙන ට්‍රෙන්ඩ් එකක් හැදුණා. අපි මේ දෙක සම්බන්ධ කිරීමක් තමයි කළේ.



    • මලී සහ අත්තම්මා ටෙලි නාට්‍යවලට පස්සෙ සිඳු ටෙලි නාට්‍ය කරන්න ගත්ත කාලය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

    එහෙමත් හිතෙනවා. හැබැයි හරිම තැනදී තමයි මේක කෙළේ.



    • මලී සහ අත්තම්මා නාට්‍යවල විශේෂ චරිතයක් වුණ දුලීකා සිඳු ටෙලි නාට්‍යයට ගත්තේ නැත්තේ ඇයි?

    මේ නාට්‍ය කේන්ද්‍ර කරගත්තේ ළමා චරිත එක්ක. දුලීකා අක්කා මලී සහ අත්තම්මා ටෙලි නාට්‍ය දෙකටම ලොකු සාධාරණයක් කළා. නමුත් මේ නාට්‍යයේ සංකල්පය වෙන එකක්. ඒකයි දුලීකා අක්කා නැත්තේ. දුලීකා අක්කා නාට්‍යයේ නැති වෙන්න වෙන හේතුවක් නැහැ.



    • සිඳු ටෙලි නාට්‍යය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය එක්ක. ඒ චරිතයට ගැළපෙනම කෙනා හොයා ගන්න මහන්සි වෙන්න ඇති නේද?

    අපි ඔඩිෂන් ගණනාවක් තිබ්බා. ඒත් ඒ චරිතයට ගැළපෙන කෙනා ලැබුණේ නැහැ. ඔහොම ඉද්දි තමයි දෙරණ එෆ්.එම්. එකේ ඩබින්වලට එන කවීෂ් කියන දරුවව දාලා කරලා බලමු කියන යෝජනාව ලක්සිරි මහතා කළේ. ඉතිං ඒ චරිතයට මේ දරුවා හරියටම හරි ගියා.



    • මේ නාට්‍ය හිටි කරගන්න බලාගෙන කරපු වැඩක්ද?

    සිඳු හිට් කර ගන්න බලාගෙනම තමයි කළේ. මේක මම හරියට නොකළා නම් මගේ ගමනත් ඉවර වෙන්න තිබ්බා. අභියෝගයක් අරගෙනම තමයි නාට්‍ය කළේ.



    • සමාජ මාධ්‍යවලින් නාට්‍යට ලොකු ප්‍රචාරයක් ලබා දෙන ක්‍රියාවලියට ඔබලත් සම්බන්ධයිද?

    ඇත්තටම නැහැ. මෙහෙම ප්‍රතිචාර ලැබෙයි කියලා අපි හිතුවේවත් නැහැ. ෆේස්බුක්වල ෂෙයාර් වෙන එක පෝස්ට් එකක්වත් අපි නෙවෙයි හැදුවේ. නාට්‍ය ප්‍රචාරය වෙන්න ගත්ත දවසේ ඉඳන්ම පෝස්ට් හැදෙන්න ගත්තා. ටෙලි නාට්‍යයෙන් මෙච්චර දෙයක් වුණේ කොහොමද කියලා අපිටත් හිතා ගන්න බැහැ.



    • සීසන් විදියට යන ලංකාවේ වැඩ ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි පළමුවැනි දෙවැනි වැඩේ සාර්ථක වුණා. ඉදිරියට යද්දි සමහරු ඒ වැඩ ඇන ගත්තා. 'සිඳු'ට එහෙම වෙන එකක් නැද්ද?

    අපි ඇනගත්ත තැන් තියෙනවා. හැබැයි අපි මෙතැනදී ඇනගන්නේ නෑ. ප්‍රේක්ෂකයෝ මේක වැලඳගත්ත විදියට ප්‍රේක්ෂකයන්ගෙන් ගැලවෙන්න බැරි තත්ත්වයකට අපි ඇවිත් තියෙන්නේ.



    • මෙගා වැඩවල කොලිටිය ගැන ප්‍රශ්න තියෙනවනේ 'සිඳු' ටෙලි නාට්‍යය ප්‍රේක්ෂක ආකර්ෂණය තියාගන්නවා වගේම ඉදිරියටත් ඒ කොලිටිය ආරක්ෂා කර ගනියිද?

    මෙගා නාට්‍ය කරද්දි මේ යන විදියට ප්‍රඩක්ට් එක බාල වෙන්න පුළුවන්. හැබැයි අපේ නිෂ්පාදක ජානක සිරිවර්ධන කියන්නේ නිර්මාණයේ කොලිටි එක ගැන හිතන්න කියලා. නිර්මාණය හොඳට කරන්න මට පූර්ණ නිදහස ලැබිලා තියෙනවා. ඒ නිසා වැඩේ බාල වෙන්නේ නෑ.



    • විදේශීය මෙගා නාට්‍යවල එල්ලුණු ප්‍රේක්ෂකයෝ ගලවා ගන්න 'සිඳු'ට පුළුවන් වෙයිද?

    දැනටමත් ඒක සිද්ධ වෙලා ඉවරයි. වර්තමානයේ මිනිස්සු විදේශීය නාට්‍ය වැලඳ ගන්නෙම ඒ නාට්‍යවල තියෙන ෆැන්ටසිය නිසා. හැබැයි ප්‍රේක්ෂකයෝ ඒ නාට්‍ය බලලා තියෙන්නේ හොඳ එකක් එනකල්. ඒක මේ දවස් කිහිපයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තේරෙනවා.


    මලී නාට්‍යය මගේ... -සමාධි අරුණචායා



    • කාලෙකට පස්සෙ ආයෙම මලීට ජීවිතය ලැබිලා නේද?

    ඔව්නේ. සිඳු ටෙලි නාට්‍යයෙන් මලීට ආයෙම ජීවයක් ලැබුණා.



    • මලී ටෙලි නාට්‍ය ඉවර වුණාට පස්සේ තවත් තැනකින් මලීට පටන් ගැන්මක් තියෙයි කියලා හිතුවද?

    අම්මෝ... මම හීනෙකින්වත් හිතුවේ නැහැ. මලී 2 ටෙලිනාට්‍යත් මලී නැතිව ගියානේ. ඉතින් දෙරණෙන් කිව්වා මලී 3ට මම ආවොත් හොඳයි කියලා.



    • සමාධිව ජනතාව අතර තිබ්බ නිර්මාණය මලී නිසා මේ ආරාධනාවත් එක පයින්ම භාරගත්තද?

    වෙනදා වගේම නිදහසේ හිටියා නම් එහෙම කිව්ව ගමන්ම භාර ගන්න තිබ්බා. ඒත් තාම මගේ දුවට මාස හයයි. අම්මා කෙනෙක් විදියටත් මට වැඩ කොටසක් තියෙනවනේ. මම චූටි පැටියා ගැනත් ගොඩක් හිතුවා. මට කරපු ඉල්ලීම අහක දාන්නත් බැහැනේ. ඉතින් හිතලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.



    • අමාරුවෙන් හරි ගත්ත තීරණය ගැන සතුටුද?

    අමාරුවෙන් හරි ගත්ත තීරණය හරි. මොකද මට නැවත වතාවක් ප්‍රේක්‍ෂකයෝ අතරට යන්න පුළුවන් වුණා. මාව අලුත් වුණා.



    • මලී ටෙලිනාට්‍යයේදී මලී මතුවුණා. හැබැයි සිඳු ටෙලි නාට්‍යයේදී මලීගේ පුතා ප්‍රධාන වෙන්නේ. මේක මලීගේ චරිතය මතුවෙන්න බාධාවක් වෙයිද?

    මම එහෙම හිතන්නේ නෑ. මේක ලස්සන තේමාවක්. අම්මා පුතා කියන සම්බන්ධය මෙතැනදී මතු වෙන්නේ. මමත් බිරියක්, මවක් විදියට ස්ටෙප් දෙකක් ඉස්සරහට ඇවිත්නේ ඉන්නේ. ළාබාල පෙම්වතියට වඩා අම්මා කෙනෙක්ගේ චරිතය කරන්න පුළුවන් වුණ එක හොඳයි.



    • තරුණ රංගන ශිල්පිනියන් තිරයේදී මවකගේ චරිත නිරූපණය කරගන්න අදිමදි කරනවා. සමාධිට එහෙම අදිමදි කරන්න හේතු තිබ්බේ නැද්ද?

    වයස අවුරුදු තිහක වගේ කෙනෙක් ඒකට අදිමදි කරයි. මම ඒ වයස් සීමාවේ කෙනෙක් නෙවෙයිනේ. මලී නාට්‍ය මගේ කියන හැඟීම මට තියෙනවා. දහවැනි කාණ්ඩය දක්වා ගියත් මලී මම. මලී අම්මා වුණත් මලී ආච්චි වුණත් ප්‍රේක්‍ෂකයෝ දන්නවා මම කොයි වයසේ කෙනෙක්ද කියලා. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.



    • සැබෑ ජීවිතේදී අම්මා කෙනෙක් නිසා අම්මගේ භූමිකාව නිරූපණය කරන්න පහසු වෙන්න ඇති නේද?

    ඔව්. මම මලී ටෙලිනාට්‍ය කළේ අවුරුදු දහනවයෙදි. යොවුන් ආදරය දැනෙන කාලෙක ඒ චරිතය මට ලැබුණේ.අවුරුදු 26 වෙද්දී අම්මා කෙනෙක්ගේ සැබෑ හැඟීම් එක්ක නිර්මාණයකත් අම්මා කෙනක් වෙන්න ලැබුණා. ලබලා තියෙන අත්දැකීම් එක්ක මේ නිරූපණය තවත් පහසුයි.



    • මලී නැවත ආවාම ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    සාමාන්‍යයෙන් අපි හිතන්නේ පාට් 1ට වඩා පාට් දෙක තුන යද්දී ඒවා මිනිසුන්ට දැනෙන්නේ නෑ කියලනේ. ඒක සිඳු ටෙලි නාට්‍යයෙන් බොරුවක් බවට පත් කළා. පළමුවැනි කොටස් විකාශය වෙද්දීම දුරකතන ඇමැතුම් ගොඩාක් ආවා. හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ සිඳු එක රැයින්ම ලංකාවම ඇල්ලුවා.



    • මවක් වෙන නිසා රංගනයට දුන්න නිවාඩුව සිඳු ටෙලිනාට්‍යයෙන් ඉවර කළානේ. දැන් දිගටම රංගන කටයුතුවල නියැළෙයිද?

    මම බොළඳ ප්‍රේම වෘත්තාන්තවලට කැමැති නැහැ. මට හම්බවුණ නිර්මාණ හොඳ නිර්මාණ. මලී කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තියෙන නිසා සැකයක් නැතිවම ඒ වැඩේ භාර ගත්තා.


    සිවුර දාගෙන ඉන්න අමාරුයි... කාවිෂ් විහඟ



    • කොහොමද කවීෂ්?

    හොඳින් ඉන්නවා.



    • කවීෂ් මොන පාසලේද ඉගෙන ගන්නේ?

    පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ.



    • කීවැනි වසරෙද ඉගෙන ගන්නේ?

    එක වසරේ.



    • පවුලේ කවුද ඉන්නේ?

    අම්මයි, තාත්තයි, මල්ලියි.



    • මේ දවස්වල කවීෂ් සෝරත හාමුදුරුවෝ විදියට ජනප්‍රියයිනේ. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

    මම පුංචි තරුත් එක්ක ආයුබෝවන් දෙරණ වැඩසටහනේ නාට්‍ය ඉදිරිපත් කරනවා. ඒක දැකලා නාට්‍යයට කතා කළා.



    • මුලින්ම කැමරාව ඉස්සරහට ගියාම බයක් දැනුණද?

    මුල්ම දවසේ ටිකක් බය හිතුණා. ඊට පස්සේ නම් බයක් දැනුණේ නෑ. ඒ මාමලා කියන විදියට රඟපෑවා.



    • රඟපාන්න ලේසියිද?

    ලේසියි. හැබැයි සිවුර දාගෙන ඉන්න අමාරුයි. සිවුර හැලෙනවා.



    • ටෙලි නාට්‍යයේ කවීෂ් එක්ක කවුද වැඩිපුරම යාළු?

    හීන්බබා සීයා එක්ක යාළුයි.



    • එතකොට සරණ එක්ක යාළු නැද්ද?

    සරණ එක්කත් යාළුයි. එයාව මට හම්බුණේ නාට්‍යයේදිනේ.



    • ලොකු හාමුදුරුවන්ට බයද?

    නෑ. බයක් නෑ. ලොකු හාමුදුරුවොත් යාළුයි මාත් එක්ක.



    • කවීෂ්ගේ රංගනය ගැන යාළුවෝ මොකද කියන්නේ?

    එයාලා මම රඟපානවා හොඳයි කියනවා.



    • රංගනය නිසා පාසලේ වැඩ මඟහැරෙන්නේ නැද්ද?

    නෑ. මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුයිනේ. ඊට පස්සෙත් ඉස්කෝලේ වැඩ මඟහරින්නැතිව රඟපානවා.



    • දිගටම රඟපාන්න ආසද?

    ඔව්. මම දිගටම රඟපාන්න ආසයි.

    තවත් අත්තම්මෙකුට කරන්න දෙයක් මම ඉතිරි කළේ නෑ... - දුලීකා මාරපන



    • දුලීකා පසුගිය දවස්වල රියැලිටි වේදිකාවේ කාර්යබහුල වෙලා හිටියනේ. දැන් ආයෙම රංගන කටයුතු පටන් ගත්තද?

    ස්ටාර් සිටි වැඩසටහනට ලොකු කාලයක් මිඩංගු කරන්න ඕනෑ නිසා මම ඒ කාලය තුළ ටෙලිනාට්‍ය භාරගත්තේ නෑ. පසුගිය 17 වැනිදා ඉඳන් සුනිල් ආරියරත්න මහත්මයගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා.



    • මලී 3 විදියට සිදු ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. මලී සහ අත්තම්මා ටෙලි නාට්‍යවල හිටපු දුලීකා සිඳු ටෙලි නාට්‍යයේ නැත්තේ ඇයි?

    අත්තම්මා නාට්‍යයෙදී අත්තම්මා සියලු දේ අතහැරලා යන්න ගියානේ. ඒ යන්න ගිය අත්තම්මා ආපහු එන්නේ කොහොමද කියන කාරණාව මට තියෙනවා. කොටස් දාහකට ආසන්න සංඛ්‍යාවක් මම ඩිංගිරි අම්මගේ චරිතය නිරූපණය කළා. සිඳු කියන නාට්‍ය හරහා ආපහු එන්න බලාපොරොත්තුවක් නෑ.



    • සිඳු ටෙලි නාට්‍යට ආරාධනා ලැබුණද?

    කිහිප අවස්ථාවකදිම ආරාධනා කළා. දෙරණ නාළිකාවට ඒ වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන. නමුත් පෞද්ගලිකව ඒකට රුචියක් නෑ මට.



    • එහෙම අකැමැති වෙන්න හේතුවක් ඇතිනේ?

    මම මලී, අත්තම්මා තුළ හිටපු ඩිංගිරි අම්මට හරි ආදරෙයි. ඩිංගිරි අම්මගේ චරිතයේ තවදුරටත් රැදුණොත් මගේ ප්‍රේක්‍ෂකයෝ මාව ප්‍රතික්ෂේප කරයි. එහෙම ප්‍රතික්ෂේප වෙන්න අවශ්‍ය නෑ කියන තැන මම ඉන්නවා. ඩිංගිරි අම්මගේ චරිතය ඝාතනය කරන්න ඕනේ නෑ. මම තවත් අත්තම්මා කෙනකුට කරන්න දෙයක් ඉතුරු කළේ නැහැ. අත්තම්මා හැටියට කරන්න තියෙන හැමදේම කරලයි මම ගියේ. මම කළ අත්තම්මාගේ චරිතය ගැන තව චිරාත් කාලයක් මේ රටේ ප්‍රේක්ෂකයෝ කතා කරයි.



    • සිඳු ටෙලිනාට්‍යයෙන් අත්තම්මව විනාශ වෙයි කියලා හිතනවද?

    නැහැ. නැහැ. පෞද්ගලිකව මම හිතනවා මම ඒ චරිතය තුළ හිටියා ඇති කියලා. මමනේ මගේ ජීවිතය ගැන තීන්දු ගන්න බලධාරියා. ප්‍රේක්‍ෂකයෝ හරි ආදරෙන් අත්තම්මව වැලැඳගත්තා. ඒ චරිතය මලී සහ අත්තම්මා තුළ තිබුණම ඇති. ඒ චරිතය නැවැත වතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.



    • හැබැයි සිඳු තුළ දුලීකව හොයන ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා නේද?

    හුඟක් අය මගෙන් ඇහුවා ඇයි මම ඒ ටෙලි නාට්‍යයේ නැත්තේ කියලා. අත්තම්මා නැත්නම් සිඳු බලලා වැඩක් නෑ කියලා හුඟක් අය කිව්වා. සිඳු කියන්නේ අලුත් රචකයෙක්ගේ වැඩක්. තව වෙනස් නිර්මාණයක් කියන එක මම ඔවුන්ට කිව්වා.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,604
    897
    113
    Australia
    QUOTE=NK123;20682583]මේ දෙන්න එක වගේ නේද ???

    1ac4b8504297971.jpg



    5937c5e2c9ebae03426a87faaa4cea76.jpg


    ඔව් ඔව්, මට නිකන් අම්මයි දුවයි වගේ ගතියක් පේනවා! ඇහේ දෝෂයක්ද මන් දන්නෙ නෑ.