ඔබෙ දෙතොල් පෙති ලිහී ගලන හසරැල් ගඟේ..
හද දිය ගලා යයි රැලි ලමින් සැලි සැලී..
එවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ..
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...
යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා..
ඔබ මගෙන් වෙන්ව ගිය ලඛුණු ඇති මාවතේ..
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා..
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...