පැරණි ලංකාවේ තුවක්‌කු භාවිතය
ක්‍රි.ව. 1505 එවකට පෙර අපර දෙදිග යුද ශක්‌තීන් අනූන පෘතුගීසීන්ගේ ආගමනයත් සමඟම මෙරට යුද්ධ තාක්‍ෂණයට නවීනත්වය එකතු විය. ඒ අනුව බොහෝ උගතුන් පෙන්වා දෙන්නේ සිංහලයන්ට තුවක්‌කුව හා සබැඳි වෙඩි බෙහෙත් තාක්‍ෂණය හඳුන්වා දෙන ලද්දේ පෘතුගීසීන් බවයි. එහෙත් ක්‍රි.ව. 1515 බෙයිරෝ වාර්තා කරන්නේ පෘතුගීසී තුවක්‌කුවට වඩා වෙනස් තුවක්‌කුවක් සිංහලයන් විසින් භාවිත කළ බවයි. විශේෂයෙන්ම බොන්ඩිකුල නමින් සිංහලයන් හඳුන්වන දේශීය තුවක්‌කු විශේෂය බණ්‌ඩක් යන අරාබි වචනයෙන් බිඳී ආ එකක් බව පැවසේ. එසේම තුවක්‌කුව යන වචනය පෘතුගීසි නොව තූපක් යන තුර්කි වචනයෙන් බිඳී දෙමළ හරහා සිංහලයට පැමිණි වචනයක් බව ටිකිරි අබේසිංහයන් පෙන්වා දෙයි. කරුණු මෙසේ වුවත් මෙරට සාමාන්‍ය භාවිතයට තුවක්‌කු පැමිණියේ පෘතුගීසීන්ගේ ආගමනයත් සමඟ බව සඳහන් කිරීම තර්කානුකූලය. එහෙත් පසුව සිංහලයෝ යුරෝපීන්ට වඩා දක්‍ෂ ලෙස හා කලාත්මක ලෙස තුවක්‌කු නිපදවීමටත්, ඒවා භාවිත කොට සටන් කිරීමටත් පුරුදු පුහුණු වූහ. පෘතුගීසි ජාතික ක්‌වේරොස් පියතුමා ක්‍රි.ව. 1688 උඩරට සෙබළුන්ගේ තුවක්‌කු භාවිතයෙන් ශූර වීර භාවය පිළිබඳව මෙසේ සඳහන් කරයි.
"ඔවුහු රාත්‍රී කාලයේ දී වෙඩා තබා දැල්වෙන ගිනිහුළු
නිවති. සැට පියවරක් ඈතින් සිට වෙඩි තබා පිහියා
තලමත තැබූ වෙඩි උණ්‌ඩ පලති, නැතහොත් එකම
තැනට වෙඩි උණ්‌ඩ පහක් පිට පිටම එවති"
තවද ක්‍රි.ව 1660 දී මෙරටට පැමිණි ස්‌පාඤ්ඤයකු වූ අපරිවයි සූසා සිංහල තුවක්‌කු නිෂ්පාදකයන් පිළිබඳව මෙසේ වාර්තා කරයි.
"සිංහල ආචාරියෝ මුළු පෙරදිගින්ම අති විශිෂ්ට
තුවක්‌කු සෑදූහ."
මීට අමතරව හෙන්රි මාර්ෂල්, ජෝන් ඩේවි, රොබට් නොක්‌ස් යන ඉංගී්‍රසි රචකයන්ගේ වාර්තාවල උඩරැටියන් තුවක්‌කු වර්ග නිෂ්පාදනය කළ ආකාරය සඳහන් වේ. මන්දාරම් නුවර පුවතේ පහත කවි පෙළෙන් විජය රාජසිංහ රජු ස්‌වකීය සේනා නවීන තුවක්‌කුවලින් සන්නද්ධ කළ ආකාරය මෙසේ සවිස්‌තර වේ.
තුන් සියයක් භටයන් මහා - තුවක්‌කු මුර ජාම පිණිස
නව සියයක් කොඩි තුවක්‌කු - සෙබළුන් යොදමින් එම ලෙස
උඩරැටියන් භාවිත කළ තුවක්‌කු (Muskety) සහ කාලතුවක්‌කු (Artilory) වර්ග පහත දැක්‌වේ. මේවායින් රජතුමාගේ තුවක්‌කු සුවිශේෂ ලෙස නිම කරන ලදී.
ගිනිතුවක්‌කුව
කොඩිතුවක්‌කු
බොන්ඩික්‌කුලම
අත්තුවක්‌කුව
කාලතුවක්‌කුව
මේවායින් ගිනි තුවක්‌කුව ලෝහ ඔබවන ලද අඩි 3 අඟල් 101/2 ක් දික් කඳින් යුක්‌තය. මෙහි ප්‍රථම සහ පිටුපස මානම් අච්චුවට සවි කිරීම පිණිස පුඩු තුනක් ද පැවති අතර ඔප දැමූ ආයත චතුරශ්‍රාකාර තහඩු කැබලිවලින් සැකසුණු වෘත්තයකින් සැරසූ ඝන්ඨාකාර විශ්මයජනක කටක් ඇත. මෙහි කන්පඩිය දකුණින් පිහිටි අතර ඊයට ගිනි පන්දමක් ගෑවීමෙන් වෙඩි යෑවිය හැකිය. බොන්ඩිකුලා හෙවත් ගල් තුවක්‌කු උඩරැටියන්ගේ තවත් වැදගත් ආයුධයක් වන අතර එහි සුවිශේෂි ලක්‍ෂණය. විශ්මයජනක ලෙස දෙකකට බෙදී ගිය අච්චු සහ එහි උඩු හෝ යටි පෙත්තේ දිගු බවයි. මූලිකවම මෙහි කොකා අරාබි තුවක්‌කුවකට සමානය. රන් රිදියෙන් ඇත්දළයෙන් අලංකාරව කරන ලද ගල් තුවක්‌කුවලින් විශාල කොටසක් තේපාවක රඳවා වෙඩි තැබූ අතර ඇතැම් විට ඇතෙකු පිට හෝ පවුරක් මත සිට හෝ ගල් පර්වතයක් උඩ සිට වෙඩි තබන ලදී. මේවා දිගු හා කෙටි ප්‍රහාර සඳහා භාවිත කෙරිණි.
යුරෝපීය හෝ පර්සියානු (pistols) පිස්‌තෝල අනුකරණය කොට නිපදවන ලද කාණු එකේ සහ දෙකේ සහ උඩරට පිස්‌තෝල හෙවත් අත් තුවක්‌කුවෙහි අච්චුව සඳහා මීහරක් අං යොදා ගැනිණි. යුද්ධයේ" කෙටිදුර ප්‍රහාර සඳහා මෙන්ම ආත්මාරක්‍ෂාවට භාවිත කළා විය හැක. සිංහලයේ අවසාන පාලක ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අලංකාරවත් පිස්‌තෝලයක් වර්තමාන මහනුවර කෞතුකාගාරයේ ඇත. පොදුවේ සිංහල කම්හල් ආචාරීහු නිමකරන ලද තුවක්‌කුව, කඳ, කොකා, කන්පඩිය, කන, අච්චුකඳ සහ අච්චුකූර යන කොටස්‌වලින් සමන්විත විය. මීට අමතරව ගරිල්ලා යුද්ධවලදී උඩරට සෙබළු ප්‍රාථමික අත්බෝම්බ (Granedes) විශේෂයක් සහ අඩි තුනක් දිග රොකට් වෙඩි (Rockets) භාවිත කළ බවට ඇතැම් යුරෝපීය වාර්තාකරුවන් පෙන්වා දුන්නද ඒවායේ සැකැස්‌ම පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
ගරිල්ලා යුද්ධයකදී සතුරන් සමූහ වශයෙන් මරා දැමීම සඳහාද, සතුරු බලකොටු, කඳවුරු, සැපයුම් තවලම් විනාශ කිරීම සඳහා උඩරැටියන් විසින් කාලතුවක්‌කු සහ කොඩිතුවක්‌කු භාවිතා කළහ. මේවායින් සැහැල්ලු ප්‍රහාරක කාලතුවක්‌කු (Light artilory) විශේෂයක් වශයෙන් ජින්ජල්, ගිනිජල්, තණකොළ පෙත්තා යන විවිධ නාමයෙන් හඳුන්වන ලද කොඩිතුවක්‌කු වැදගත් විය. කඳුකරය සඳහා යෝග්‍ය භූමියෙහි දැවමය කඳ දිගින්, විශාලත්වයෙන් විවිධ ස්‌වරූප ගනී. කඳ පලා ගිරා හැඩැති දැවමය මිටකට සවිකොට තිබූ අතර ඉදිරි පාද දෙක සහ බටය යකඩින් හෝ පිත්තලින් නිමවා තිබිණි. තෙපාවක් සහිත මෙය නැවත එකලස් කළ හැකි පරිදි කොටස් වලට ගලවා හෝ නොගළවා බෑවුම්, ඝන වනාන්තර, දුෂ්කර මාර්ග අතර එතරම් අපහසුවකින් තොරව රැගෙන යා හැකි විය.
හදිසි වැටලීම් වලදී ප්‍රයෝජනවත් වූ මෙය සතුරාට වරින් වර මාරාන්තික ක්‍ෂණික ප්‍රහාර නිකුත් කොට රැගෙන යා හැකි විය. බොහෝ විට මෙය තනි මිනිසෙකුගේ කරමත තබා රැගෙන යා හැකි විය.
"සතුරා යටකී බාධක මැදින් තමන් වෙත පැමිණීමට පෙර ඔවුහු තම ලොකු තුවක්‌කු (ගිනිජල්) කරේ තබා ගෙන පැන ගොස් කැලයට වදිති. ඉහත සඳහන් කාර්යය සඳහා සිය කැමැත්තෙන් නැවත වරක් ඉදිරිපත් වන තෙක් කැලෑ වැදුණු ඔවුන් සොයාගත නොහැකිය."
වෛද්‍ය හෙන්රි මාෂල්ගේ පහත ප්‍රකාශනයෙන් එය මනාව තහවුරු වෙයි. සතුරාට විශාල පරාසයක මාරාන්තික ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම සඳහා උඩරැටියන් විසින් කාලතුවක්‌කු (Heavy artiliry) භාවිත කරන ලදී. යකඩ, ලෝකඩ සහ පිත්තල ලෝහයෙන් සකසන ලද මේවායින් ඉතා ප්‍රහාරාත්මක බලැති කාලතුවක්‌කු විශේෂයක් කපොලු, දුර්ග සහ මිටියාවත්වල සවිකර තිබුණි. ක්‍රි.ව 1803 ඉංගී්‍රසින්ගේ මැක්‌ඩොවල් ක්‍රියාන්විතයේ දී හඟුරන්කෙත බලා ගමන් කළ කර්නල් බේලිගේ හමුදාවට උඩරට කාලතුවක්‌කු හමුදාව විසින් එවැනි ස්‌ථානවල සිට ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව සඳහන් වෙයි. තවද අත්‍යාවශ්‍ය සංග්‍රාම භූමිවලට රැගෙන යා හැකි පරිදි රෝද සහිත රථයක සවිකරන ලද සුවිශාල කාලතුවක්‌කුද උඩරැටියන් විසින් භාවිතා කළ අතර එයට පෙන්විය හැකි සුදුසුම නිදසුන ක්‍රි.ව. 1745 ලෙව්කේ දිසාව විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අති විශිෂ්ට කාලතුවක්‌කුවයි.
මීට අමතරව උඩරැටියන් අනේක විධ ගරිල්ලා සටන්වලදී ත්‍රිවිධ යුරෝපීයන්ගෙන් අත්අඩංගුවට ගත් යකඩ කාලතුවක්‌කු වීරත්වය පෙන්වීම සඳහා ගබඩා කළහ. දේශීය ආචාරින්ට අමතරව තුවක්‌කු, කාලතුවක්‌කු නිෂ්පාදනය කිරීම සඳහා පෘතුගීසි, ඉංගී්‍රසි, ලන්දේසි සිරකරුවන්, පිල් මාරු කළවුන්, කුලී සෙබලු දායක වූහ. සාමාන්‍යයෙන් සිංහල කාලතුවක්‌කු උණ්‌ඩවල විශාලත්වය අඟල්a 5 3/4 - 6 1/2 අතර ගෝලාකාර ගල් සහ යකඩ උණ්‌ඩ විය. තුවක්‌කුව, අත්තුවක්‌කු වල උණ්‌ඩ සඳහා අඟලක් පමණ දිග යකඩ කූරු කැබලි භාවිතා විය. උඩරැටියෝ යුරෝපානු වෙඩි බෙහෙත් (Gun Powder) තරම් උසස් නොවූවත් තරමක් යහපත් වෙඩි බෙහෙත් නිපද වූහ. ඊට අවශ්‍ය වෙඩි බෙහෙත් පිටරටින් ගෙන් වූ අතර දිවයිනේ වෙඩි ලුණු සුලභ විය.
වෙඩි බෙහෙත් තැන්පත් කිරීම සඳහා වෙඩි බෙහෙත් අඟ නම් වෙඩි බෙහෙත් භාජන විශේෂයක් උඩරැටියෝ භාවිත කළහ. සාමාන්‍ය අගල් 12 ක් පමණ දිග වූ මෙවැනි අගක් දැව, අං, ඇත් දත් සහ පිත්තලෙන් නිමවන ලදී. මේවා තැන්පත් කිරීමට විශාල පීප්ප භාවිත කළහ.

http://www.divaina.com/2016/04/13/badada04.html
Last edited: