Sinhala Jokes(සිංහල ජෝක්ස් )

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
Sinhala Jokes(සිංහල ජෝක්ස් )

චාමිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.සුරංගයත් මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට චමිකයා ආවා.
“මචන්"
“හ්ම්..”
“උඹ ෆිල්ම් බලනවාද?”
“ඔව්.. මොකෝ?”
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”
“නෑ බං රස්සව”
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”
“නෑ බං රස්සව… චිත්‍රපටිය”
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”

පියා: පුතේ හැම තිස්සෙම මතක තියා ගන්න අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..

කන පලෙන්න බීමත්ව පැමිනි හීන්බන්ඩාගෙන් ඔහුගෙ සිගිති පුතා පැනයක් ඈසීය.

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???

හීන්බන්ඩ : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

නිමල් ගෙදර ආවෙ මයින හමක මෙන් මහා හඩින් හති දමමිනි...දහඩියෙන්ද මුලු ඇඟම තෙමී ගොසිනි.....

"මොකද වුනේ " ඔහුගේ බිරිඳ ඇසීය ....

"මම අද අපූරු සොයා ගැනීමක් කලා " නිමල් ආඩම්බරයෙන් කීය ......

"මම වැඩ ඇරිලා බස් එක අල්ලන්න එනකොට ඒක අද්දනවා..... ඉතිං මම ඒක අල්ලන්න දුවලා දුවලා ආවා ....බැලින්නං ගෙදර ලඟටම ඇවිල්ලා ...ඉතිං ඒකෙං මට රුපියල් 10ක්ම ඉතිරි වුනා"

"අයියෝ"

ඒ අසා සිටි බිරිඳ මුහුණ ඇඹුල් කොට උපහාසයෙන් සිනා සුනාය.....

"ඔයා කලොත් ඔහොම වැඩක්ම තමයි...අයියෝ මනුස්සයෝ බස් එකක් පස්සෙ ඇවිත් රුපියල් 10ත් ලාබ වුනා නම් ත්‍රීවිල් එකක් පස්සේ දුවං ආව නම් රුපියල් 100ක්ම ඉතිරි වෙනවනේ"

:lol:හොඳ නම් කම්මෙන්ට්ස් දෙන්න අමතක කරන්න එපා:lol:

Last edited:

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පියා: පුතේ හැම තිස්සෙම මතක තියා ගන්න අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

    ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..
    :lol: :lol:
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    වේගයෙන් පැමිණි රියක් වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ සුරංග කඩිමුඩියේ වෛද්‍යවරයා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

    "අනේ ඩොක්ටර්... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

    කිසිවෙක් නොකී වෛද්‍ය වරයා අත දිගහැර සුරංගගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

    "ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

    කම්ඹුල අතගාමින් වෛද්‍යවරයා දෙස විශ්මයෙන් බලා සිටින සුරංග වෙතට හැරෙමින් වෛද්‍යවරයා ඇසිය...

    "දන්නෙ නෑ ඩොක්ටර්" සුරංග පිළිතුරු දුනි.

    "ඉක්කාව තියෙන්නේ මගේ නෝනාට.... එයා කාර් එකේ ඉන්නවා...

    මම අහලා එන්නද???"

    සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට ගුවන් සෙවිකාවක් ලඟට ඇවිල්ලා නලවලා වනවලා “ආයුබෝවන්” කියලා කිව්වා.

    සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.

    Air hostess අක්කත් ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”

    සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.

    පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.

    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

    "ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

    "ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

    හොඳ නම් කම්මෙන්ට්ස් දෙන්න අමතක කරන්න එපා

    Last edited:

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.
    "මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?"
    "නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ." හෙදිය වහා පිළිතුරු දුන්නාය.
    "එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?" වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි..
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    After returning back from a foreign trip, sardar asked his wife,
    Do I look like a foreigner?
    Wife: No! Why?
    Sardar: In London a lady asked me Are you a foreigner?

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    සිල්වා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. සිල්වා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?

    සිල්වා : මම මේ මගේ පුතාට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…

    සිල්වා සහ සිල්වී දවසක් කෝපි බොන්න හිතුනු නිසා කඩයකට ගොඩ විය.

    සිල්වා : ඉක්මනට බොන්න…ඉක්මනට බොන්න….
    සිල්වි : ඇයි?. මොකද හදිස්සිය?.
    සිල්වා : ඇයි යෝදියේ…පේන්නේ නැද්ද අර අතන ගහල තියෙන්නේ? උණු කෝපි රු 5 යි. සීතල කෝපි රු 10 යි කියලා?

    චංක මැරුනාට පස්සෙ ඌ කරපු හොද වැඩ නිසා දිව්‍ය ලෝකෙට යන්න තරම් වාසනාවන්ත උනා.
    ලංකාවෙන් එන අයට දිව්‍යය ලෝකෙට ඇතුල්වෙන්න නම් ප්රශ්න දෙකකට උත්තර දෙන්න වෙනවා. ඒකට හේතුව ලංකාවේ අධ්‍යාපනය හොද නිසා.

    නිලධාරියා : පළවෙනි ප්රශ්නය, t අකුරෙන් පටන් ගන්නා සතියේ දවස් දෙකක් නම් කරන්න.

    චංක : (ඔලුව කසමින් පොඩ්ඩක් කල්පනා කරයි….) today සහ tommorrow

    නිලධාරියා : (මූණ ඇඹුල් කර ගනිමින් සහ පුදුම වෙමින්) හ්ම්ම්ම්ම් කමක් නෑ, කමක් නෑ. ලංකාවේ නේ?
    දෙවෙනි ප්රශ්නය , අවුරුද්දට seconds කීයද?

    චංක : (කල්පනා කරයි…….)

    නිලධාරියා : ඉක්මන් කරන්න…….තව තත්පර 5..4…3…2..

    චංක : 12 යි.

    නිලධාරියා : (ඇස් ලොකු කර ගනිමින්) ඒ කොහොමද?

    චංක : ජනවාරි 2 , පෙබරවාරි 2 , මාර්තු 2…….

    නිලධාරියා තවත් වචනයක් වත් කතා නොකර ගේට්ටුව අරින ලදී.
     
    • Like
    Reactions: love.you and boy_kk

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    patta machn
    keep it up
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    One tourist from U.S.A. asked Sardar:
    Any great man born in this village???
    Sardar: no sir, only small Babies!!!