සුරංගයයි චාමිකයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. චමීරයට මල පැනලා.
“අඩො මේ චාමිකයගෙත් හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
“ඔන එකක බං එකානේ ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“චාමිකය ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"
ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.
"ෂා නියමයිනේ..."කියලා මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.
ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,
“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...
මානසික රොහලක වෛද්‍යවරයෙක් සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙකි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"වෛද්‍යවරයා විමසා සිටියේය..
එවිට රෝගියා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."