sinhala muniya punde muniya

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,796
    35,665
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පාස්කු ඉරු දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් මහතා කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (01) ප්‍රකාශ කළේය.

    කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම මණ්ඩලයට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි මහතා සඳහන් කළේය.

    කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද ඒ මහතා කියාසිටියේය.

    සරත් උදයසිරි මහතා මෙලෙස ප්‍රකාශ කරසිටියේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Legal actions ganna barida ithin Rajayata Padu karata? Neethi nadda ban ehema? Hama Nithiyakma Podi minihata witharai Lankawe Balan yanakota
     
    • Like
    Reactions: D_Mad