ඊයේ දිනයේදී පේරාදෙනිය සරසවියේ හින්දු සහ මුස්ලිම් සිසුසිසුවියන්ට පහර දීමක් සිදුවී තිබෙනවා. මෙම පහරදීම සිදුවී තිබෙන්නේ මෙම මුස්ලිම් සිසුන් පල්ලියට ගොස් සහ හින්දු සිසුන් කෝවිලකට ගොස් නැවත පැමිණෙද්දීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ ඔව්න්ගේ අධ්‍යන පීඨයේම ඉහල පංතියක සිංහල සිසුන් බවටයි ඔවුන් පවසන්නේ.
හින්දු සිසුසිසුවියන් උඩපේරාදෙනිය ප්‍රදේශයේ කෝවිලෙන් නික්ම එලියට පැමිණෙද්දී මුස්ලිම් සිසුන් හමුවී ඔවුනොවුන් විහිළුතහළු කරමින් මගදිගේ පැමිණ තිබෙනවා. එවිට ඔවුන්ව වටකළ ඉහල පංතියක සිංහල සිසුන් ඔවුන්ට පොලු සහ හෙල්මට් වලින් පහර දෙන්නට පටන්ගෙන තිබෙනවා. මෙහිදී පහරකෑ සිසුවියන් කෑගසද්දී ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැහැ.
මෙහිදී හින්දු හෝ මුස්ලිම් සිසුන් එකදු පහරක්වත් සිංහල සිසුන්ට ගසා නැති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම සිංහල සිසුන්ගේ ප්‍රහාරයට ලක්වී නිහඩව කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඔවුන්ද පහරදීමට ඉදිරිපත් වුවා නම් ඔවුන්ව මරාදමන අන්දමේ දරුණු තත්වයකට සිංහල සිසුන් පත්ව තිබු බව දුටු බවයි.
මෙම සිදුවීමට තවම හේතුව සොයාගෙන නැහැ. මෙම පහර කෑමට ලක්වු සිසුසිසුවියන් පවසන්නේ යාපනයේ විශ්ව විද්‍යාලය තුල සිංහල සිසුන් හට ප්‍රහාරයක් එල්ල වු සිද්ධියට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් 15 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර එක් මුස්ලිම් සිසුවෙක් සහ හින්දු සිසුසිසුවියන් 4 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට වාර්තා වුණා.