sinhala sub dala dvd ekak write karanne kohomada???

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    baiscope eke tibuna

    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.

    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)

    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)

    මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා. (වීඩියෝව ලබාදීම සම්බන්ධව නයනානන්ද මහතාට අපගේ විශේෂ ස්තූතිය)

    උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.'' wisthara eken balanna