sinhala tripitakaya(only 17.7mb, html with eng n pali) සිංහල ත්‍රිපිටකය...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප‍්‍රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක‍්‍රමයයි. ආනාපානසති සූත‍්‍රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක‍්‍රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.

    අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප‍්‍රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක‍්‍රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප‍්‍රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක‍්‍රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්‍යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප‍්‍රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප‍්‍රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප‍්‍රදායික භාවනා ක‍්‍රම සමඟින්ද වැඩිය හැකිය.

    ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.

    ආනාපානසති සූත‍්‍රය මනා සිහියෙන් යුතුව ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් දක්වන අතර මනා සිහියේ අංගයන් වන මනා සිහිය, විශ්ලේෂණය, වීර්ය, පී‍්‍රතිය, ශාන්තභාවය, සමාධිය සහ උපේක්‍ෂාව යනාදී ගුණයන් වර්ධනය කරගැනීමේ මාර්ගයක් ලෙස ආනාපානසති භාවනාව වැඞීමට නිර්දේශ කරනු ලබයි. මෙම ගුණයන් වර්ධනය කරගැනීම තුලින් වේදනාව අවසන් කළහැකි (නිර්වාණය) බව බුදුන් වහන්සේගේ ඉගැන්වීම විය.

    භාවනාව වැඞීම

    ආනාපානසති භාවනාව විවිධාකාරයෙන් වැඩිය හැක. සාමාන්‍යයෙන් කෙනෙක් එය ආරම්භ කරන්නේ ඍජු කොන්දක් හා කෙලින් කරගත් හිසින් යුතුව පහසු ඉරියව්වකින් කලබලකාරීත්වයකින් තොර පරිසරයක හිඳගැනීමෙනි.

    භාවනා කරන තැනැත්තා තමන් හුස්ම ගන්නා වේගය අඩු වැඩි නොකොට සාමාන්‍ය ආකාරයෙන් ආශ්වාස ප‍්‍රාශ්වාස කළ යුතුය. ආශ්වාස ප‍්‍රාශ්වාසය කෙටි නම් භාවනා කරන්නා එය කෙටි බව මෙනෙහි කළ යුතුය. එය දිගු හුස්මක් නම් සරළව එය දිගු හුස්මක් බව මෙනෙහි කළ යුතුය.

    ආශ්වාස ප‍්‍රාශ්වාස කරන අතර භාවනා කරන තැනැත්තා:

    සම්පූර්ණ ශරීරය, ප‍්‍රහර්ශය, සතුට, මනස හා මානසික කි‍්‍රයාවලිය පිලිබඳ සංවේදී වීමට පුහුණුව ලබයි.
    චපලත්වය, ලලාසාව, විරතිය සහ අත්හැරීම පිලිබඳව මනස අවදිව තබාගැනීමට පුහුණුව ලබයි.
    මනස අචලව තෘප්තිමත්ව නිදහස්ව පවත්වා ගනී.
    හික්මවනු නොලැබූ මනසක අඛණ්ඩව සිතිවිලි උත්පත්තිය ලබන අතර මානසික ඒකාග‍්‍රතාවයට ඒවා බාධා කරයි. සාගරයේ රළ නැගෙන්නාසේ ඒවා මතුවී බිඳී විසිරී යයි. යමකු ඒවා දෙස උපේක්‍ෂාවෙන් යුතුව බලයි නම් ඒවා ක‍්‍රමයෙන් නැතිවී අහෝසිවී යයි. අනෙක් අතට යමකු ඒවා වෙත අවධානය යොමු කරයි නම් එම තැනැත්තා සිතිවිලි ජාලයක මංමුලා වී යයි.

    මෙහිදී සිතිවිලි ආකාර දෙකක් පිලිබඳ විස්තර කෙරෙයි. එනම් අතීතය පිලිබඳ සිතිවිලි සහ අනාගතය පිලිබඳ සිතිවිලිය. මේවා දුක හෝ සතුට රැගෙන පැමිණෙති. මේවා පිලිබඳ එළඹගත් සිහිය නොමැති වූ විට මනස එක් සිතිවිල්ලකින් අනෙකට ඉගිලෙමින් ඉලක්කයකින් තොරව ඉබාගාතේ සැරිසැරීමට පටන්ගනී.

    ගලායන සිතිවිලි බාධාවක් කරනොගෙන නැවත නැවත ආශ්වාසය හා ප‍්‍රාශ්වාසය පිලිබඳව පමණක් අවධානය යොමු කරන ලෙසට මෙම භාවනාව පුරුදු කරන්නන්ට උපදෙස් දෙනු ලැබේ. ති‍්‍රපිටකයේ සඳහන් නොවූවද විසුද්ධිමාර්ගය පදනම්ව සකසාගත් වර්තමාන භාවනා ක‍්‍රමවේදයක් පියවර හතරක් අනුගමනය කරයි.

    1 ප‍්‍රාශ්වාසය අවසානයේ සෑම හුස්මක්ම ගණන් කරන්න

    2 ආශ්වාසය ආරම්භයේදී සෑම හුස්මක්ම ගණන් කරන්න

    3 ගණන් කිරීම වෙත නොව හුස්ම පිලිබඳව අවධානය යොමු කරන්න

    4 හුස්ම නාස් පුඩුවලට ඇතුල්වන හා ඉන් පිටවන ස්ථානය පිලිබඳව පමණක් මෙනෙහි කරන්න ආනාපානසතියේ අදියරයන්

    විධිමත් ආකෘතිය තුල පියවර දහසයක් අඩංගු වේ. ඒවා කාණ්ඩ හතරකට බෙදනු ලබයි. පළමු පියවර හතර මනස හුස්මගැනීම පිලිබඳ අවධානයට යොමුකරවයි (කාය සංඛ්‍යාර). දෙවන කාණ්ඩය හැඟීම් පිලිබඳව අවධානය යොමු කරවයි (වේදනා). තුන්වැන්න මනස පිලිබඳ අවධානය යොමු කරවයි (සිත). සතරවැන්න සත්‍යය කෙරෙහි අවධානය යොමු කරවයි (ධර්ම).

    කලින් භාවනා වැඞීමේදී මෙම පියවරයන් සම්පූර්ණකර නොතිබුණද සෑම ආනාපානසති භාවනා වැඞීමක්ම අනුපිලිවෙලින් මෙම අදියරයන් අනුගමනය කළයුතුය.



    සතිපට්ඨාන ආනාපානසති කාණ්ඩය

    1.ශරීරය පිලිබඳ චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇතිකර ගැනීම
    1 ගැඹුරින් හුස්ම ගැනීම පළවන කාණ්ඩය

    2 කෙටි හුස්ම ගැනීම

    3 සම්පූර්ණ ශරීරයම දැනීමට ඉඩහැරීම

    4 ශාරීරික කි‍්‍රයාකාරකම් සන්සුන් කරගැනීම
    2.හැගීම් පිලිබඳ ඒකාග‍්‍රතාවයක් ඇතිකර ගැනීම
    5 ප‍්‍රහර්ශය අත්දැකීම දෙවන කාණ්ඩය

    6 පී‍්‍රති ප‍්‍රමෝදය අත්දැකීම

    7 මානසික කි‍්‍රයාකාරකම් අත්දැකීම

    8 මානසික කි‍්‍රයාකාරකම් පිලිබඳ ඒකාග‍්‍රතාවයක් ඇතිකර ගැනීම
    3. මනස ඒකාග‍්‍ර කොටගැනීම
    9 මනස දැනෙන්නට හරින්න තුන්වන කාණ්ඩය

    10 මනස සතුටුවීමට ඉඩහරින්න

    11 මනස මධ්‍යස්ථ සමාධියට එල්බගන්න

    12 මනස නිදහස් කරන්න
    4. ධර්මය සිහියට නැගීම
    13 අනිත්‍යය මෙනෙහි කරන්න හතරවන කාණ්ඩය

    14 ආශාව වියැකීයන ආකාරය මෙනෙහි කරන්න

    15 විරතිය සිහියට නගන්න

    16 සියල්ලෙන් මිදීම සහියට ගන්න
    වගුව 1. සතර සතිපට්ඨානය සහ ආනාපානසතියේ අදියර හතර




    ප‍්‍රාණයානය සමඟ සම්බන්ධ කිරීම‍

    ආනාපානසති භාවනාව බුද්ධාගමේ විශේෂයෙන්ම, ඵෙරවාද බුදුදහමේ ඉගැන්වෙන වැදගත්ම භාවනාව වුවද එයට අවශ්‍ය වන්නේ සාමාන්‍ය හුස්ම ගැනීමේ කි‍්‍රයාවලිය පිලිබඳ නිෂ්කී‍්‍රය නිරීක්‍ෂණයක යෙදීම පමණකි. මෙහිදී හුස්ම ගැනීමේ කි‍්‍රයාවලිය පාලනය කිරීමට උත්සාහ නොකරන නමුත් ආනාපානසතිය හා ප‍්‍රණයානය අතර සමානකම්ද පවතී. නමුත් යෝගී අභ්‍යාසයක් වන ප‍්‍රාණයානයට හුස්මගැනීමේ ශිල්ක‍්‍රම සහ හුස්ම ගැනීම පාලනය කිරීම් ඇතුලත් වේ. එනම් ආනාපානසතිය හුස්ම ගැනීම පදනම් කරගත් එකම භාවනා ක‍්‍රමය නොවේ. උදාහරණයක් ලෙස ටිබෙටය, මොංගෝලියාව යනාදී රටවල පුහුණු කරවන භාවනා ක‍්‍රමයන්හි මෙන්ම ජපාන සෙන් භාවනාවේද හුස්ම ගැනීම වැදගත් අංගයක් වෙයි.

    එය ටිබෙටයේ හා මොගෝලියාවේ බහුලව පවත්නා උගුරෙන් හඬ පිටකරමින් සිදුකරන බෞද්ධ ආරාමයන්හි සිදුකරන ගායනා ක‍්‍රමයේදී දීර්ඝ හා කෙටි හුස්ම ගැනීමේ ක‍්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. සජ්ඝායනයේ හඬද සිත සමාධියට එල්බ ගැනීමේ අරමුණක් ලෙසින් සැලකේ. එහිදී හුදු ශබ්දය කෙරෙහි පමණක්ම මනස ඒකාග‍්‍ර කරගැනීම සිදුවේ. සෙන් භාවනාවේදී උදර ප‍්‍රදේශය ශක්තිමත්ව පවත්වා ගැනීම පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. දීර්ඝ ප‍්‍රාශ්වාසයකින් අනතුරුව කෙටි ආශ්වාසයක් සිදුකිරීම මනස එක් අරමුණක රඳවා තබාගැනීමට දරන්නාවූ උත්සාහයකි.

    මේ අනුව යෝගී භාවනා ක‍්‍රමයක් වන ප‍්‍රාණයානු භාවනාව සහ බෞද්ධ භාවනාව අතර සමානකම් රාශියක් පවතී. මෙකී සමානකම් ඵෙතිහාසිකවද ප‍්‍රශ්ණගත වන්නේ ගෞතම බුදුන් වහන්සේ හා පටන්ජී අතර ඇත්තේ වසර 200 ක කාළ පරතරයක් පවතින හෙයිනි. කෙසේ වෙතත යෝගී භාවනා අභ්‍යාසයන් බෞද්ධ භාවනා ක‍්‍රමවේදයන් කෙරෙහි බලපෑම් සහගත වී ඇති බව පෙනී යයි. මෙම සම්ප‍්‍රදායන් දෙක තුලම හුස්ම ගැනීම සහ මානසික තත්වය නිරීක්‍ෂණයට ලක්කිරීම දැකගත හැක. හුස්ම ගැනීම පාලනය කිරීම පූර්ණ මානසික ඒකාග‍්‍රතාවයෙන් යුතු තත්වයක් කරා මෙහෙයවනු ලබන අතර එහිදී හුස්ම ගැනීම හෝ මනස යන දෙකින් එකක පාලනය කිරීමේ හැකියාව ලබාගනිද්දී ඉබේම අනෙක පාලනය කිරීමේත්‍ හැකියාව ලබාගනී.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ආනාපානසති සූත්‍රය.
    බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි සැරියුත් මුගලන්, මහා කාශ්‍යප, මහාකච්චායන, මහාකප්පින, මහාචුන්ද, අනුරුද්ධ, රෙවත, ආනන්ද ආදී තෙරවරුන් ඇතුළු ශීලාදී ගුණයෙන් ප්‍රසිද්ධියට පැමිණි වෙනත් බොහෝ ශ්‍රාවක සංඝයා ද සමග වැඩ වෙසෙන සේක.

    එකල්හි ස්ථවිර භික්ෂුහු අළුත පැවිදි බව ලැබුවන්ට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් භික්ෂූහු පැවිද්දන් දස දෙනකුට, විසිදෙනකුට, හතළිස් දෙනකුට ද, අවවාද අනුශාසනා කෙරෙති. එසේ අවවාද අනුශාසනා ලබන්නා වූ නවක භික්ෂූහු මුල දී සම්පූර්ණ කළ යුතු වූ ශීලා දී ගුණාංගයන්ට අමතර ව එයට වඩා උසස් වූ කසිණ භාවනාදිය පිළිබද ව ද දැනගත්තාහු ය.

    එකල්හි බුදුරජාණන් වහන්සේ පුර පසළොස්වක පොහෝ දිනයෙහි භික්ෂූන් පිරිවරා ගෙන, එළිමහනෙහි වැඩ හුන් සේක, ඉතා නිහඩව සිටි භික්ෂූන් දෙ බලා මහණෙනි, “ ඔය නමලාගේ ප්‍රතිපත්ති හේතු කොට ගෙන මම සතුටු වූයේ වෙමි. එම නිසා නොපැමිණි රහත් බවට පැමිණීම පිණිස, ප්‍රත්‍යක්ෂ නො කළ නිවණ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස විශේෂයෙන් වීර්යය කරන්න. මම මේ සැවැත්නුවර මැ වෙසෙමින් කුමුදු මල් පපී සද බබළන ඉල් මාසයේ පසළොස්වක පොහෝ දිනය දක්වා ඔය නමලා පිළිබද වැ බලා සිටින්නෙමි,, යි වදාළ සේක.

    බුදුරජාණන් වහන්සේ කුමුදු මල් පිපී ඇති ඉල් මස පුර පසළොස්වක දක්වා අප ගැන බලන සේකැ යි දැනගත් ජනපදවාසී භීක්සූහු බුදුරදුන් දක්නට පැමිණෙති. නවක පැවිද්දනට වැඩි වැඩියෙන් අවවාද අනුශාසනා කෙරෙති. ඒ නවක භික්ෂූහූ ද කලින් ලබන ලද ගුළ විශේෂයන්ට වඩා පසුව සෝවාන් ආදී උදාර ගුණ විශේෂයන්ට පැමිණෙති. තමා තුළ උදාර ගුණ විශේෂ ඇතැයි දකිති.

    බුදුරජාණන් වහන්සේ ඉල් පුණු පොහෝ දින රාත්‍රිෙයහි එළිමහනෙහි වැඩ සිටි සේක, ඉතා නිහඩ වැ සිටි ඒ භික්ෂූන් දැක, භික්ෂූ සංඝයා අමතා මෙසේ වදාළහ.

    “මහණෙනි, මේ භික්ෂූ පිරිස නොසිස් යැ. හිස් වචන නොමැත්තේය. පිරිසිදු යැ. මාර්ගඵල නැමැති අධිගම සාරයෙහි පිහිටියේ ය. කිසියම් බුද්ධපුත්‍ර පිරිසක් ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලීකරණීය වේ ද, ලොවට උතුම් පින්කෙතක් (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං) වේ ද, මහණෙනි, මේ භීක්ෂු පිරිස එබදු වේ. කිසියම් පිරිසකට දෙන ලද සුළු දෙයෙහි අනුසස් බොහෝ වේ ද, මේ භීක්ෂූ පිරිස එවැනි වේ. මේ භීක්ෂූ පිරිස ලෝකයා විසින් දක්නට පවා දුර්ලභ පිරිසෙකි. කිසියම් පිරිසක් දක්නට මාර්ගෝපකරණ ගෙන, යොදුන් දහස් ගණනක් මග ගෙවා යන්නට වුවත් සුදුදු ද, මේ භික්ෂු පිරිස ද, එබදු යැ.

    මේ භික්ෂූ පිරිස අතර භවසංයෝජනයන් ක්ෂය කළ රහතන් වහන්සේලා ද ඇත්තාහ. ඕරම්භාගිය සංයෝන ක්ෂය කළ අනාගාමී භික්ෂුන් වන්සේලා ද ඇතත්තාහ. ත්‍රිවිධ සංයෝජන ධර්මයන් ක්ෂය කළ, රාග, දෝස, මෝහ ධර්මයන් තුනි කළ සකදාගාමී භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ. ත්‍රිවිධ සංයෝජන ධර්මයන් ප්‍රභීණ කළ සම්බෝධිපරායන වූ සොතාපන්න භික්ෂූන් වහන්සේලා ද මෙහි ඇත්තාහ.

    මහණෙනි, මේ භික්ෂූ සංඝයා අතරෙහි සතර සතිබට්ඨාන (කායානුපස්සනා, වේදනානූපස්සනා, ච්ත්තානුපස්සනා, ධම්මානූපස්සනා) ධර්මයන් අරමුණු කොට ගෙන, භාවනාවෙහි යෙදී සිටින්නා වූ සංඝායා ද මෙහි ඇත්තාහ. එමෙන් ම ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර සෘද්ධිපාද භාවනා සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පඤ්ච ඉන්ද්‍රිය භාවනා ක්‍රමයන්හි යෙදුණු භික්ෂූ සංඝයා ද මෙහි ඇත්තා හ.
    මහණෙනි, (මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා) සතර බ්‍රහ්ම විහරන භාවනා, අසුභ භාවනා සහ අනත්‍යසංඥා භාවනාවෙහි යෙදුණු සංඝයා ද මෙහි ඇත්තාහ.

    මහණෙනි, ආනාපානසති භාවනාවෙහි යෙදි සිටින භික්ෂු සංඝයා ද මෙහි ඇත්තාහ.

    නිතර බොහෝ සෙයින් වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් ගෙන දෙන්නේ ය. එසේ වඩනා ලද ආනාපාන සති භාවනාවෙන් සතරසතිපට්ඨාන ධර්ම සම්පූර්ණ බවට පැමිණේ. එසේ බහුල වැ වඩනා ලද සතරසතිපට්ඨාන ධර්ම නිසා සප්තබෝධ්‍යංග ධර්ම සම්පූර්ණ බවට පැමිණේ.

    මහණෙනි, මෙසේ වඩනා ලද ආනාපානසති භාවනාව මහත් අනුසස් හා මහත්ඵල ගෙනදෙන්නේ කෙසේ ද යත් වනයකට රුක් මූලකට හෝ ශූන්‍යෘගාරයකට හෝ ගිය මහණ බද්ධ පර්යංකයෙන් හිද ගෙන, ශරීරය හරි කෙළින් තබා ගෙන, හුස්ම ඉහල ගැනීම, හුස්ම පහළ දැමීම කෙරෙහි සිහිය මනා සේ පිහිටුවා ගෙන ආශ්වාස - ප්‍රශ්වාස කෙරෙයි. දීර්ඝ ව හෝ භ්‍රස්ව ව හෝ හුස්ම ඉහළ - පහළ ගැනීමේ දී දික් ව හෝ කෙටියෙන් හුස්ම ඉහළ - පහළ ගන්නෙමි යයි නුවණින් දැන ගනී. ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්‍රශාවාස කරයි. සියලු ආශ්වාසය - ප්‍රශ්වාස ක්‍රියා සමූහය පිළිබද ව මහා අවබෝධයකින් යුතු ව ආශ්වාස - ප්‍රශ්වාස කෙරෙමි යි ද, මුළු සිරුර ම (කායසංස්කාරය) සන්සිදුවමින් ආශ්වාස - ප්‍රශ්වාස කරමි. යයි ද නුවණින් දැනගනී.
    කායික හා මානසික ප්‍රීතියෙන් හා සැපයෙන් යුතු ව ආශ්වාස - ප්‍රශ්වාස කරමි යයි දැනගනී. සිත එකග කරමින් හා සිත් හි කෙලෙසුන් සංසිදුවමින්, කෙලෙස්වලින් මුදවමින් ආශ්වාස _ ප්‍රශ්වාස කෙරෙමි යයි දැනගනී. අනිත්‍යය අනුව, විරාගය අනුව (සංස්කාරයන්ගේ විනාශය සහ නිවණ) නිරෝධය (නිවණ) අනුව නුවණින් දකිමින් ද, කෙලෙසුන් සහ පංචස්කන්ධය අත්හැර දැමීම විදසුන් නුවණින් දකිමින් ද ආශ්වාස - ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී. මෙසේ වඩන ලද, බහුල වශයෙන් වඩන ලද ආනාපානසති භාවනාව මහත්ඵල - මහත් අනුසස් ඇත්තේ වෙයි.

    මහණෙනි, වඩන ලද, බහුල ව වඩන ලද ආනාපානසති භාවාවෙන් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ වන්නේ කවර ලෙසකින් ද?. ආනාපානසති භාවනාවේ යෙදෙන මහණ තෙම ශරීර අනුව බලමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව, ශරීර නමැති ලෝකය තුළ පවත්නා දැඩි ලෝභය සහ තරහ දුරු කොට වාසය කෙරෙයි. මේ ආශ්වාස - ප්‍රශ්වාස දෙක නැතහොත් ආනාපාන සතිය (පඨවි, ආපෝ, තේජෝ, වායෝ) සතර මහා භූත නමැති සිරුර ඇතුළත පවත්නා වෙනත් සිරුරක් ලෙසින් මම කියමි. එනිසා මහණෙනි, ඒ මහණ ශරීර නමැති ලෝකයෙහි (කායෙ කායානුපස්සී) දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කෙරෙමින් කෙලෙසුන් තවන වීර්ය ඇතිව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව කය අනුව බලමින් වෙසෙයි.

    යම් අවස්ථාවක භික්ෂූව සිතෙහි ඉමහත් ප්‍රීතියත්, සැපයත් උපදවමින්, සිත්හි උපදනා කෙලෙසුන් පිළිබද මනා දැනීමකින් හා අබබෝධයෙන් යුතු ව, සිත සංසිදුවමින් (කෙලෙසුන්ගෙන් සිත මුදවා සංසිදුවමින්) ආශ්වාස - ප්‍රශ්වාස කෙරෙමි යයි නුවණින් දැනගන්නේ නම්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් යුතු ව, පංචස්කන්ධ ශරීර නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝබයත්, තරහවත් දුරු කොට වෙසෙයි. කිසියම් අවස්ථාවක ඒ මහණ සිත පිළිබද ව මනා අවබෝධයක් ඇති ව, සිත ඉමහත් සතුටට පත් කෙරෙමින්, ආශ්වාස - ප්‍රශ්වාස අරමුණෙහි සිත මනා ලෙස පිහුටුවමින් සිත එකග බවට පමුණුවම්න්, සිත කෙලෙසුන්ගෙන් මුදවමින්, සිත අනුව බලමින් කෙලෙසුන් තවන වීර්ය ඇති ව, මනා නුවණින් හා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නමැති ලෝකයෙහි පවත්නා වූ දැඩිලෝභය සහ තරහව දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මම යහපත් නුවණ නොමැති, සිහි මුළා වූ පුද්ගලයාට ආනාපානසති භාවනාව පිළිබද දේශනා නො කරන්නෙමි.

    එම නිසා මනා සිහියෙන් යුතු මහණ සිතෙහි උපදනා කෙලෙස් දහම් අනුව බලමින්, එම කෙලෙසුන් (තවන) දුරු කරන යහපත් සිහියෙන් හා නුවණින් යුතු ව මේ පංචස්කන්ධ නමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභයත්, තරහවත් දුරු කොට වෙසෙයි.

    මහණෙනි, කිසියම් අවස්ථාවක මහණ තෙම සියල්ල අනත්‍යය අනුව නුවණින් බලමින් ආශ්වාස - ප්‍රශ්වාස කරන්නෙමි යයි හික්මෙන්නේ නම්, කෙලෙසුන් කෙරෙහි නො ඇලීම, කෙලෙසුන් සිතින් දුරු කිරීම නුවණින් දකිමින් කෙලෙසුන් තවන වීර්යය ඇති ව ආශ්වාස - ප්‍රශ්වාස කෙරේ ද, එම අවස්ථාවෙහි කෙලෙස් දහම් සිත්හි උපදින අයුරු ද, නැතිවන ආකාරය ද නුවණින් දකිමින්, කෙලෙසුන් තවන වීර්යය ඇති ව, යහපත් නුවණින් හා සිහියෙන් දැන ගෙන මේ පංචස්කන්ධ ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය සහ දොම්නස් දුරු කෙරෙමින් වෙසේ. හෙතෙම ඒ අභිධ්‍යා දෝමනස්ස පිළිබද දුරුවීම නුවණින් දැන ගෙන, එය උපේක්ෂාවෙන් මැදහත් ලෙසින් බලයි. හෙතෙම එවිට කෙලෙස් දහම් පිළිබද ඇතිවීම, නැතිවීම නුවණින් දකිමන් ධම්මානුපස්සනාවේ යෙදෙමින් කෙලෙස් දුරුකරන වීර්යය ඇති ව මනා සිහියෙන් යුතු ව පංචස්කන්ධය නැමැති ලෝකයෙහි පවත්නා දැඩි ලෝභය හා දෝම්නස දුරු කරමින් වෙසේ. එසේ බහුල වශයෙන් පුරුදු-පුහුණු කරන ලද ආනාපානසති භාවනාව නිසා සතර සත්පට්ඨාන ධර්මය සම්පූර්ණ වේ.

    මහණෙනි, කවර ආකාරයෙකින් බොහෝ සෙයින් වඩන ලද, පුරදු - පුහුණු කරන ලද සතර සත්පට්ඨාන ධර්මය නිසා සප්තබෝධ්‍යංග ධර්මයන් සම්පූර්ණ වන්නේ දයත් කය අනුව බලමින් මනා සිහයෙන් හා නුවණින් යුතු ව, පංචස්කන්ධය නමැති ලෝකයෙහි දැඩි ලෝභයත්, දොම්නසත් දුරු කිරීමෙන් නො මුළාවූ සිහිය ඇති වූ කල් හි ඒ භාවනානුයෝගී මහණ තෙම “සතිසංබොජ්ඣඞගය“ වඩන්නට පටන් ගනී. හෙතෙම සතිසංබොජ්ඣඞගය සම්පූර්ණ කෙරෙයි.

    ඒ මහණ මනා සිහියෙන් වෙසෙහින් ඒ ස්මෘතිය ද, අනිත්‍යාදී වශයෙන් කල්පනා කරයි. විශේෂයෙන් සිතයි. එය උසස් වශයෙන් විමසන්නා වූ හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය වඩන්නට පටන් ගනී. හෙතෙම ධම්මවිචයසංබොජ්ඣඞගය භාවනාවේ සම්පූර්ණ බවට පැමිණේ.

    ඒ බෝධ්‍යංග ධර්මය නුවණින් හා විමසීමෙන් යුක්ත පුරුදු - පුහුණු කරන ඒ මහණහට නො පසුබස්නා වීර්යය ඇතිවේ. ඒ වීර්යයෙන් විරියසංබොජඣඞගය වඩන්නට පටන් ගනී. එය ද භාවනාවෙන් සමුපූර්ණ බවට පැමිණේ.