Sinhala Wal Katha

962251200

Member
Apr 24, 2017
109
13
0
29
Sinhala Wela Katha



මෙය සරලව තන්න ඕනේ දෙයක් නෙවේ. කුඩා ළමයෙක් සිංහල බ්ලොග් හොයන්න Google තුල සිංහල බ්ලොග් කියලා search කරන්න හදන කොට මුලින්ම දකින්නේ ඕව උනාම මොනවද වෙන්නේ? අවුරුදු 12ක 15ක ළමයෙක් උනත් ඔහුට තියනවා කුතුහලය. ඊළගට ඔහුන් Sinhala Wela Katha කියලා තියන ඒවා කියවන්න පටන්ගන්නවා.

එකෙන් වෙන්නේ ඒ අහිංසක ළමයිනේ හිත අනවශ්‍ය දේවල් වලින් පිරෙන එකයි. ඔහුන්ගේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම උනත් විනාශ කරන්න මෙම Sinhala Wela Katha කියන වෙබ් අඩවි වල ඇති කථා වලට පුළුවන්. මෙම Sinhala Wela Katha වලින් වෙන ලොකුම හානිය තමයි ඒකට අමතරම මේ පොඩි නංගිලා මල්ලිලාගේ ඔලුවට ලිංගිකත්වය කියලා යන්නේ වෙනම අසභය දෙයක්. ඔහුන් ඒවා අත් හදා බලන්න උනත් සුදානම් වෙන්න පුළුවන් නොදන්නා කම නිසා.

වෙබ් අඩවියක් නිර්මාණය වෙන්නේ හුගක් හේතු හේතු කරගෙන. එත් Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය වෙන්නේ නම් මොකටද කියලා මම දන්නේ නෑ. මෙවැනි අඩවි කියවන විශාල මිනිසුන් ප්‍රමාණයක් හිටියත් මෙවනි වෙබ් අඩවි හරහා මුදල් උපයන්න හරිම අමාරුයි. එහම මුදල් උපයන්න පුළුවන් උනත් කුඩා ළමයින්ගේ ජිවිත විනාශ කිරීමෙන් හොයන ඒ මුදල් වලින් කිසිම තේරුමක් නෑ. එක පව්කාර වැඩක්.

මෙම වෙබ් අඩවි නිර්මාණය කරන්නේ මානසික රෝගීන් කියල මම කියන්නේ නෑ. මොකද මම මානසික විද්‍යාව පිළිබද ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවේ. එත් ඕවා කියවන අයගෙන් කීපදෙනක් මානසික රෝගීන් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.ඉතින් එවැනි පව්කාර වැඩ වලට සම්බන්ද වෙන්න එපා කියලයි Sinhala Wal Katha වෙබ් අඩවි නිර්මාණය කරන්නන්ගෙන් මම ඉල්ලන්නේ. අවම වශයෙන් පොඩි ළමයින් ගැන හිතලවත් ඔය වගේ වෙබ් අඩවි හදන එක නතර කරන්න කියලයි මම ඉල්ලන්නේ.

නංගියේ, මල්ලියේ Sinhala Wal Katha හරි Sinhala Wela Katha කියලා තියන වෙන් අඩවි වල තියන කථා වලට රැවටෙන්න එපා. ඔබට නිවැරදි ලිංගික දැනුමක් ගන්න නම් ඒවා සදහා අන්තරජාලයේ ඕනෑ තරම් නිවරදි වෙබ් අඩවි තියනවා. ඒවා කියවන්න. ඒ වගේම ඕනෑ තරම් පොත් තියනවා. පුස්තකාලයකට ගිහින් ඒවා කියවන්න.

ඔයාලගේ අම්මයි තාත්තයි ඔයාට අන්තරජාල සම්බන්දතාවයක් අරගෙන දීලා තියෙන්නේ ඔය වගේ වැඩක් නැති Sinhala Wal Katha වගේදේවල් කියවන්න නෙවේ. එයාල දුක් මහන්සියෙන් හොයන සල්ලි වලින් පිස්සු කෙලින්න එපා. අන්තරජාලයෙන් ප්‍රයෝජන ගන්න. ඔයාල හරියට අන්තර්ජාලය පාවිච්චි කරොත් ඔයාට එකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්.
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    :yes: බොහොම වැදගත් උපදෙස් මචෝ. ගූගල් එකේ සිංහල කියල ටයිප් කරපු ගමන් එන්නෙ සින්හල වැල කතා කියලා. එහෙම suggestion එන්නෙ නැතිවෙන්න ගූගල් ආයතනයට රිපෝර්ට් එකක් දෙන්න බැරිද ?
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :yes: බොහොම වැදගත් උපදෙස් මචෝ. ගූගල් එකේ සිංහල කියල ටයිප් කරපු ගමන් එන්නෙ සින්හල වැල කතා කියලා. එහෙම suggestion එන්නෙ නැතිවෙන්න ගූගල් ආයතනයට රිපෝර්ට් එකක් දෙන්න බැරිද ?
    එහෙම කරන්න පුලුවන්නම් හොදයි. කවුරු හරි ලොකු එකෙක් මුල් වෙන්න වෙයි.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක එලකිරියට කියල වැඩක් නෑ. මෙතන නන්ගිල මල්ලිල නෑ බන්, හිටියත් උන්ට වල් කතා බලන්න ඕන නෑ මෙකේ වැටෙන ත්‍රෙඩ් වලින්ම උන්ගේ ඔලු කුරුවල් වෙනව :D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    එහෙම කරන්න පුලුවන්නම් හොදයි. කවුරු හරි ලොකු එකෙක් මුල් වෙන්න වෙයි.

    ගූගල් එකේ සෙක්ස් සර්ච් කරල ටොප් උන අපි ඒ වගේ පීචං වෙන්න හොද නෑ බන් :D :lol:
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    :yes: බොහොම වැදගත් උපදෙස් මචෝ. ගූගල් එකේ සිංහල කියල ටයිප් කරපු ගමන් එන්නෙ සින්හල වැල කතා කියලා. එහෙම suggestion එන්නෙ නැතිවෙන්න ගූගල් ආයතනයට රිපෝර්ට් එකක් දෙන්න බැරිද ?

    ඒකනම් සිරා කතාව බන්. මොනවා වුනත් අපි ඕවට කප් ගහපු උන්නේ..