sinhalakamaha bauddakama wev kireama

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මහායානයට වැට බැඳීම
මහායානයට වැට බැඳීම

මහාවංශයෙන් කියැවෙන කතාව අප තේරුම් ගන්නේ අදට සාපේකෂව ය. එමෙන් ම එය ලියා ඇත්තේ ද ඒ ලියූ කාලයට සාපේකෂව ය. අද අප ඉතිහාසයට විවිධ අර්ථකථන දෙන ආකාරයට එදා ද ඉතිහාසය විවිධාකාරයෙන් අර්ථ දෑක්වෙන්නට, අර්ථකථනය කෙරෙන්නට ඇත. එදා මෙරට සංස්කෘතික නායකත්වය මහාවිහාරය සතු විය. අප සඳහන් කර ඇති පරිදි ඇතැම් යකෂයන් බූදු දහම වැළඳගැනීමට එතරම් මනාපයක් දක්වා නැති අතර ඔවූන් මහාවිහාරයට යම් විරුද්ධතාවක් පා ඇති බව ද පැහැදිලි ය.

අද ඇතැමූන් පවසන්නේ මහාවිහාරය දඹදිවට ගැති වූ බවත්, අභයගිරිය දේශීය සම්ප්*රදාය රැකි බවත් ය. එහෙත් ඒ ප්*රකාශයෙහි ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක් බව අමතක නො කළ යූතු ය. මහාවිහාරය දඹදිවට ගැති වූ බව පෙන්නූම් කළ නොහැකි ය. අශෝක රජූ හා දේවානම්පියතිස්ස රජූ ගැන සඳහන් ජනප්*රවාදයෙහි අශෝක රජූ දඹදිව උපන්නේ වඩා පින් සහිත වූ නිසා බව සඳහන් වෙයි. එවැනි ආකල්ප එකල ජනප්*රවාදයට එකතු වී ඇතැයි යන්න අපට ඉවත දෑමිය නොහැකි ය. එහෙත් සිදුහත් කුමරා ද උපන්නේ දඹදිව බැවින් එකල සිංහල බෞද්ධයන් අතර දඹදිව ලංකාවට වඩා පින් බිමක් ය යන හැඟීම තිබූණි නම් ඒ ගැන කලබල විය යූතු නො වෙයි.

මහාවිහාරික භිකෂූන් වහන්සේ කිසි දිනෙක සිංහලය දඹදිවට යටත් විය යූතු බවක් සඳහන් කර නැත. සංස්කෘතික වශයෙන් දඹදිව පින් බිමක් බව පිළිගත්ත ද දඹදිවින් බූදු දහම නැති වී යෑම පිළිබඳව උන්වහන්සේට මනා අවබෝධයක් තිබී ඇත. බූදු දහම රැකීම සිංහල බෞද්ධයන් ගේ කාර්යභාරය කරගත්තේ ද අවසානයේ දී දඹදිව ගැන විශ්වාසයක් නො තිබූ බැවින් යැයි සිතාගත හැකි ය. මහා විහාරය බූදු දහම ලෙස පිළිගත්තේ ථෙරවාදය බැවින් මහායානයට වැටකඩූලු බැඳීම ද උන්වහන්නේ අතින් සිදු වී ඇත.

එහෙත් එලෙස වැටකඩූලු බැදුණූ මහායානය අභයගිරිය විසින් පිළිගැනිණි. ඉන් කියැවෙන්නේ අභයගිරිය මහායානික කඳවූරක් බවට පත් වූ බව නො වෙයි. මහාවිහාරයෙහි මහායානයට ඉඩක් නො තිබූණ ද අභයගිරියෙහි එයට තැනක් දෙනූ ලැබිණි. එහෙත් මහායානයට තැන දීම යනූ අවසානයේ දී වෛදිකයන්ට හා වේදාන්තයට තැනක් දීම බව මහාවිහාරික භිකෂූන් වහන්සේ දෑන සිටිය හ. බූදු දහම එනම් ථෙරවාද බූදු දහම ආරකෂා නො වූණ හොත් සිංහල ජාතිය ද නැති වී යනූ ඇති බව උන්වහන්සේ විශ්වාස කළ බව පෙනී යයි


ඇතැම් යකෂයන් මහා විහාරයට විරුද්ධ වීම පූදුමයක් නො වෙයි. එළාර රජූ ගේ සේනාවේ සිංහල සෙනෙවෙියන් ද සිටි බව මහාවංශයෙන් ම දෑනගත හැකි ය. මේ සිංහලයන් යකෂ ගෝත්*රයට අයත් වී නම් අපට ඒ තේරුම්ගත හැකි ය. යම් අයූරකින් එළාර රජූ ද පර්සියාවේ (ඉරානයේ) සිට පැමිණි යකෂ ගෝත්*රයට අයත් වූවකු නම් මෙරට සිටි ඇතැම් යකෂ ගෝත්*රිකයන් සිංහල ජාතියට අයත් වූණ ද එළාර රජූට පකෂපාතී වීමට ඉඩ ඇත. පසූ කලෙක මහාවිහාරයට විරුද්ධ වන්නට ඇත්තේ ද එවැනි යකෂයන් විය හැකි ය.

මහාවිහාරය දඹදිවට පකෂපාතී වී ය හා අභයගිරිය සිංහලේට පකෂපාතී වී ය යනූ එකල, මහසෙන් යූගයේ හෝ ඊට පෙර හෝ විසූ යකෂයන් තනාගත් ජනප්*රවාදයක් විය යූතු ය. අප කලින් සඳහන් කර ඇති පරිදි මහාවිහාරික භිකෂූන් වහන්සේ දඹදිවට යටත් නො වූ නමූත් උන් වහන්සේ ඒ, විශේෂයෙන් ම උත්තර භාරතය පින් බිමක් ලෙස සැලකූ හ. එහෙත් කිසිවිටෙකත් ඇතැමූන් කියන ආකාරයට දකෂිණ භාරතයට පකෂපාතී නො වූ හ. මොවූන් මෙසේ කියන්නේ දඹදිවින් වැඩම කළ බූද්ධඝෝෂ හිමි ප්*රධාන භිකෂූන් වහ්නසේ දෙමළ යැයි සිතමිනි. එහෙත් බූද්ධඝෝෂ හිමි ද ඇතුළු එසේ වැඩම කළ භිකෂූන් වහන්සේ දෙමළ නො ව ආන්ද්*ර ප්*රදේශයේ භිකෂූන් වහන්සේ වූ හ.


අද තමිල්නාඩූව යැයි කියැවෙන ප්*රදේශයේ ථෙරවාදය පැතිරී තිබූ බවට සාකෂි නැත. අද තමිල්නාඩූවට අයත් කාංචිපූරය පවා එදා දෙමළ දේශයෙන් පිටත පිහිටියේ ය. බෞද්ධ ප්*රදේශයක් වූ කාංචිපූරය මදුරාසි ප්*රාන්තයට අයත් වන ලෙස දේශසීමා ලකුණූ කළෝ බිරිතානියෝ ය. ඇතැම් මහාචාර්යවරු මේ කරුණූ කිසිත් නො දෑන වෙනත් න්*යාය පත්*රවලට අනූකූලව ඊනියා දෙමළ බෞද්ධ කතා කියති. සිංහලයන් සංස්කෘතික සම්බන්ධකම් පවත්වා ඇත්තේ ආන්ද්*ර ප්*රදේශය හා වෙනත් භාරතීය බෞද්ධ ප්*රදේශ සමඟ මිස ථෙරවාදී හෝ වෙනත් බෞද්ධ නො වූ දෙමළ දේශය සමඟ නො වෙයි.

අප කලින් කිහිප වතාවක් ම සඳහන් කර ඇති පරිදි සිංහල භිකෂූන් වහන්සේ ථෙරවාදයෙහි චිරස්ථිතිය සඳහා ආන්ද්*ර ප්*රදේශ භිකෂූන් වහන්සේ සමඟ එක් ව ධර්මය පාළි භාෂාවෙන් ලියා සැලසූම්සහගත ක්*රියා මාර්ගයක් අනූගමනය කර ඇත. ඒ දකෂිණ භාරතයට යට වීමක් ලෙස සැලකීම අද දවසේ බූදු දහම සිංහලයන් ගෙන් වෙන් කිරීමට කැසකවන්නන් ගේ න්*යාය පත්*රයට අනූව සිදු වන්නකි. මහාවිහාරික භිකෂූන් වහන්සේ සොලී රටට සැමදාමත් විරුද්ධ වූ හ. එළාර පවා ජනප්*රවාදයෙහි සොලී නමින් හැඳින්වෙන්නේ ගැමූණූ රජූ දවස නො ව පස්වැනි සියවසේ පමණ සිංහලයට සොලීන් ගෙන් වූ ගැහැට සලකමිනි. එළාර සොලී ලෙස නම් කිරීමෙන් පෙන්නූම් කෙරෙන්නේ සොලීන්ට වූ තදබල විරෝධය ය.
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මහසෙන් රජූ දවස ථෙරවාදය විනාශ කිරීම සඳහා මෙහි පැමිණි සර්වමිත්*ර භිකෂූව ද මහාවිහාරවාසීන් විසින් හඳුන්වනූ ලැබූයේ සොලී භිකෂූවක ලෙස ය. මහසෙන් රජූ කුමාර කාලයේ දී ම තමන් ගේ ශිෂ්*යයකු කරගත් සර්වමිත්*ර භිකෂූව කුමරා රජ වූ පසූ එතුමා ලවා මහාවිහාරය විනාශ කිරීමට කටයූතු කළ බව සඳහන් ය. පසූව මහමේඝවර්ණ සෙනෙවියා රජූට කරුණූ පැහැදිලිි කිරීමෙන් පසූව මහසෙන් රජූ තමන් අතින් විනාශයට පත් මහාවිහාරය නැවත ගොඩනැගීමට පියවර ගත්තේ ය. ඇතැමූන් සඳහන් කරන ආකාරයට මහසෙන් කුමරු ගේ මව යකෂ ගෝත්*රයට අයත් වූවා ය.

මේ සියලූ කරුණූවලින් පෙනී යන්නේ මහා විහාරය කටයූතු කර ඇත්තේ සිංහල ථෙරවාද බූදු දහමේ චිරස්ථිතිය සඳහා බව ය. එහෙත් අභයගිරිය ගැන කිව හැක්කේ කුමක් ද? අභයගිරිය මහායානික නො වූ නමූත් ඒ අදහස්වලට ඉඩ දුන්නේ ය. එලෙස වෙනත් අදහස්වලට ද ඉඩ දීම ඊනියා ප්*රජාතන්ත්*රවාදී ක්*රියාවක් යැයි කිසිවකු විසින් ප්*රකාශ කරනූ ලැබීමට ඉඩ ඇත. අදහස්වලට ඉඩ දීම වරදක් නො වේ. එහෙත් ලෝකයේ සංස්කෘතීන් හැකිකමක් ඇත්නම් අන් සංස්කෘතික අදහස්වලට ඉඩ දෙන්නේ ඉන් තමන්ට අවැඩක් නො සිදු වන්නේ නම් ය.

අද වූව ද අරාබිකරයට බෞද්ධ පොතපත

රැගෙන යෑමේ දී පනවා ඇති බාධක බොහෝ දෙනා දනිති. බටහිර රටවල ද කලකට පෙර තත්ත්වය එසේ විය. අද ඔවූන් ඒ ගැන එතරම් සැලකිලිමත් නො වන්නේ ඒ රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය තහවූරු වී ඇති බැවිනි. අද මෙරටින් භිකෂූන් වහන්සේ කොපමණ බටහිර රටවලට ධර්ම ප්*රචාරය සඳහා වැඩම කළත් ඒ රටවල් ථෙරවාද බෞද්ධ කිරිමට නොහැකි ය. ථෙරවාද පන්සල්වලට බිරිතානි ජාතිකයෝ සාමාන්*යයෙන් නො පැමිණෙති. එසේ පැමිණෙන ටික දෙනා ද එන්නේ භාවනා කර මානසික පීඩන හා ආතතිවලින් ගැලවීමට ය.

එහෙත් බටහිරයෝ මහායාන බූද්ධාගමට ආකර්ෂණය වෙති. එහි අන්තර්ගත භාවනාව බටහිරයන්ට වඩා ආකර්ෂණීය වෙයි. එයටත් වඩා මහායාන බූදු දහම හින්දු දහමටත් ඒ ඔස්සේ විවිධ ක්*රිස්තියානි ආගම්වලටත් සමීප ය. බටහිරයන් බූදු දහම වැළඳගන්නේ නම් ඒ මහායාන බූදු දහම බව අමතක නො කළ යූතු ය. මෙහි තවත් පැත්තක් ද වෙයි. සූළු සූළු වෙනස්කම් තිබූණ ද දලයි ලාමා ගේ දේශපාලනයෙන් වාසිය ලබන්නේ බටහිර රටවල් ය. එදත් අදත් චීනයට විරුද්ධ ව ඇමෙරිකානූවන් යොදාගන්නා ප්*රධාන අවයවයක් නම් දලයි ලාමා ය. බටහිරයන්ට දලයි ලමා ඔස්සේ ද මහායානයට හා තන්ත්*රයානයට ආකර්ෂණයක් වෙයි.

කෙටියෙන් කිව හොත් බටහිර රටවල යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියට මහායානය තර්ජනයක් නො වෙයි. එබැවින් බටහිර රටවල් මහායානයට විරුද්ධ නො වෙයි. අද මහායානික පොතපත ඇමෙරිකාවේ විශාල වශයෙන් අලෙවි වන්නේ යැයි කියැවෙයි. කෙසේ වෙතත් පොතපත අලෙවි වීම බටහිර රටවලට එතරම් ප්*රශ්නයක් නො වෙයි. අවශ්*ය විටක එයට විරුද්ධව කටයූතු කරන්නේ කෙසේ දෑයි ඔවූහූ දනිති. බිරිතානියේ හා පොදුවේ ගත් කල අනෙක් බටහිර රටවල ද යහපත් ප්*රචාරයක් නො ලැබෙන්නේ ථෙරවාදයට ය. ථෙරවාදයට මේ දිනවල ලැබෙන ප්*රධාන ම ප්*රචාරය ඒ දෙමළ වැසියන් පාගාගෙන සිටින සිංහලයන් ගේ ආගම බව ය. එසේත් නැත හොත් හමූදා පාලනයක් යටතේ ඇති මියන්මාරයේ ආගම බව ය. මේ ප්*රචාරවලින් ථෙරවාදයට වන සෙතක් නොමැති බව අමූතුවෙන් කිව යූතු නො වෙයි.

ඒ ඒ සංස්කෘතීන් තම සංස්කෘතිය ආරකෂා කර ගැනීමට ක්*රියා කරන ආකාර විවිධ වෙයි. බටහිරයන් අද එහි දී ක්*රියා කරන්නේ ඉතා සියූම් ආකාරයකට ය. ඔවූන්ට ඇති ප්*රධාන ම තර්ජන වනූයේ මූස්ලිම් සංස්කෘතිය හා ථෙරවාද සංස්කෘතිය ය. මූස්ලිම් සංස්කෘතිය යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය මෙන් ම ඒක දේව නිර්මාණවාදී වෙයි. ඒ හේතුව නිසා ම යූදෙව් සංස්කෘතියෙහි අනන්*යතාව දුර්වල වෙයි. එබැවින් මූස්ලිම් සංස්කෘතියට එරෙහි ව යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතිය යූද වදියි. ථෙරවාද සංස්කෘතිය නිර්මාණවාදී සංස්කෘතියක් නො වෙයි. එමෙන් ම ථෙරවාදී සංස්කෘතියෙන් යූදෙව් ක්*රිස්තියානි සංස්කෘතියෙහි පරිභෝජනවාදයට රුකුලක් නො ලැබෙයි. යම්කිසි අයූරකින් ථෙරවාදී අදහස් ලොව පූරා පැතිර ගිය හොත් එයින් බටහිර ඇති වූ නූතනත්වයට හා ඒ මත පදනම් ව බිහි වූ ධනවාදයට පහරක් වැදෙයි. ථෙරවාදී රටවලට ආර්ථික වශයෙන් අද ශක්තියක් නො තිබූණ ද තම ක්*රමයට විකල්ප ව වෙනත් ජිවන ක්*රමයක් ගොඩනැගීමට එහි ඇති ශක්*යතාව පිළිබඳ අවබෝධයක් බටහිරයන්ට වෙයි. මේ සංස්කෘති දෙකට විරුද්ධ ව බටහිරයන් දෙයාකාරයකට යූද්ධ ප්*රකාශ කර ඇත්තේ එබැවිනි.

එදා මහායානය සම්බන්ධයෙන් ද මහාවිහාරය අනූගමනය කර ඇත්තේ ආරකෂණවාදී පිළිවෙතකි. මහායානයට ඉඩ දීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට හානියක් වන බව මහාවිහාරික භිකෂූන් වහන්සේ තේරුම් ගන්නට ඇත. එහෙත් අභයගිරි විහාරික භිකෂූන් වහ්නසේ කටයූතු කර ඇත්තේ වෙනත් ආකාරයකට ය. මහාවිහාරයේ ආරකෂණවාදී ප්*රතිපත්තිය නො වන්නට මහායානය හා පසූව හින්දු සංස්කෘතිය මඟින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට තිබූණි. එහෙත් එකල වැඩ විසූ අභයගිරිවාසී භිකෂූන් වහන්සේ එසේ නො සිතා ඇති බව පැහැදිලි ය. ආන්ද්*ර ප්*රදේශයේ හා භාරතයේ වෙනත් ප්*රදේශවල එකල සිදු වෙමින් පැවැති ක්*රියාදාමය අවබෝධ කර ගැනීමට උන්වහන්සේ අපොහොසත් වී ඇත.