1.උදේ 9 කුත් ගානට තියෙන badulla train එකේ හැටන් යන්ඩ
ඒක දවල් 1. ත් 2 ත් අතර යනවා....
සමහර විට එ වෙලාවට CTB එකක් ඇවිත් ඇති නල්ලතන්නියට ,station එක ඉස්සරහට.....
එහෙම තිබ්බේ නැතිනම්.හැටන් එකට ගිහින් දවල්ට කාලා...මස්කෙලියට ගිහින්,නල්ලතන්නියට යන්ඩ ....( බස් වල යනවානම් )
2.හවස් වෙද්දි නල්ලතන්නියේ.සීත ඟගුලේ නාලා.....රැට කාලා එහෙම හෙමින් සැරේ පිටත් වෙන්ඩ....
3.රාති 12 පහුවෙයි හෙමින් උඩ මළුවට යනකොට..(((****පහුවදාට රත්නපුරා පාරෙන් බහිනවානම් හැකිතරම් කකුල් දෙක පරිස්සම් කරගෙන ...නිදහසේ වෙලාව අරන් නගින්න....)))...ඉඩක් තිබ්බොත් උඩමළුවේ නිදාගෙන...පහුවදා ඉරසේවය බලල....6am වෙද්දි රත්නපුර පාරෙන් බහින්ඩ...
4...පලාබත්ගල හෝ එරත්න තොරාගන්ඩ....(ගල්වංගෙඩිය කඩේ ලඟින් හැරෙන්ඩ තියෙන්නේ....පාරවල් 2කට
5.පලාබත්ගල පඩි සියල්ල හදලා....එක හුස්මට පඩි...පඩි.... හවස් වෙයි පලාබත්ගල ට එනවිට....
6 එරත්නෙන් බහිනවානම්( දුරම පාර ) පඩි නැහැ....තවම ගල් සහිත වැඩියෙන් තැන්න සමග....ඒත් හවස් වෙයි එරත්නට එද්දි....අවසාන බස් එක ( කුරුවිටට ) 6 ට....ඉට පස්සේ ඉතින් 3weel එකක් තමයි
--------------මෙ එරත්නපාරේ 2015දි අපි --------
කුමක් හෝ හේතුවකට ආපහු හැටන් බහින්ඩ තීරනය කලොත්.....
Plan A
රෑ කරුවලේ නැග්ග නිසා නොපෙනුන වට පිටාවේ සුන්දරත්වය බලාගෙනම ,ඉරසේවය බලලම උඩ මළුවෙන් පිටත් වෙන්ඩ....
plan B
රැම බහිනවානම්.....උදේ 4 ට වගේ නල්ලතන්නියෙන් පිටත්වෙන
කඩුවෙල,අවිස්සාවේල්ල CTB බසුත් තියේ