JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
People coming from Mathara from Highway to Colombo- do not come from cars. You will get seized your engine near to Kaluthara in the highway. This is the current situation at highway at the 32nd mile post.
අපි හැමෝටම කලහැකි යමක් ඇත.... ඔබගේ ශ්‍රමය දැනුම අවැසිම මොහොතයි මේ.. ආදරනීය ජනතාවනි එක්ව නැගී සිටිමු .. පසුව සිටි තැන්වලටම .. සිටි මතවාද වලටම යමු
තිරිවනාකැටිය, නිවිතිගල කලවාන මතුගම මාර්ගය නිවතිගලට ආසන්නයේදි 1 km ,ක පමණ පෙදෙසක් සම්පුර්ණායන්ම නාය ගොස් ඇත පාර තිබු ස්ථානයක් වත් හදුනාගත නොහැක පාරෙ එම ස්තානය හරහා පයින් හෝ ගමන් කල නොහැක කරවිට ආසන්නයේදි ස්තාන කිහිපයතම light කනු දෙකට තුනට කැඩි පාරේ විසිර පවති විදුලිය සම්පුර්නායන්ම ඇන හිටි ඇත කරැනාකර මෙය වගකිවයුත්තන්ට දැනගැනිමට හැකිතාක් share කරන්න
දියේ ගිලුන අයෙකු බේරා ගැනීමේදී අනුගමනය කළ යුතු පියවර
හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මවීමේදී බොහෝ අය අනතුරට පත් වූ අය බේරා ගන්නට උත්සාහ කරන එක ගොඩාක් හොදයි.
නමුත් ඔහු බේරා ගත්තාට පසුව එම පුද්ගලයා නිවැරදිව එසවීම සහ රැගෙන ඒම පිළිබදව මෙන්ම ප්‍රථමාධාරය පිළිබදවද අවධානය යොමු කරන්නේ ඉතා මැනවි.
ඔබ රෝගියා උපද්‍රවයෙන් බේරාගත්තත්, ඔහු ගේ ජීවිතය බේරාගැනීමට ක්‍රියා නොකලොත් ඔහු මියයනු නියතය. එනම් හුස්ම නතරවූ අයෙකුගේ හදවත ක්‍රියාත්මක වීම නතර වී ඇති විට හදවතේ ඇති ඔක්සිජන් සහිත රුධිරය මොළයට නොසැපයීම නිසා විනාඩි 12 ක් පමණ කාලය තුළ මොළය මිය යා හැකිය. එබැවින් රෝහලට ගෙන ඒමට පෙර රෝගියා පත් වී ඇති අවධානම පරීක්ෂා කර බලා ඒ අනුව ප්‍රතිකාර සපයා රෝහල් ගත කරන්න.
මතක තබා ගන්න.......... අනතුරකට පසු එළඹෙන පළමු පැය අප හදුන්වන්නේ රත්‍රන් පැය කියලයි . එයිනුදු පළමු විනාඩි 10 අප හදුන්වන්නේ ප්ලැටිනම් කාලය කියායි. එබැවින් ඔවුන්ගේ ජීවිත අපි හැකි අයුරින් බේරාගනිමු.
1-දියේ ගිලෙමින් පවතින අයෙකු බේරාගැනීමේදී ඔබට ඒ පිළිබද පළපුරුද්දක් නැතිනම් ඒ සදහා පළපුරුදු ඇති කෙනෙකුගේ උදව් ඉල්ලා සිටින්න.
2-පළපුරුදු කෙනෙකු නිවැරදි පිළිවෙත් අනුගමණය කරමින් ඔහු ගොඩට රැගෙන ආ යුතුය. ඔහු හුස්ම නොගන්නේනම් සහ ඒ සදහා බොහෝ කාලයක් ගත වන්නේනම් ගොඩට එන අතරතුරද මුඛයට ,මුඛය තබා හුස්ම ලබා දිය හැකිය. එනමුදු ඒ සදහා මනා පළපුරුද්දක් තිබිය යුතු අතර පළපුරුදු නැතිනම් කඩිනමින් ගොඩට ඒම කළ යුතුය.
3-එසේ නැතිනම් වෙනත් විකල්ප ක්‍රම මගින් ඔහු බේරන්න උත්සාහ කරන්න.
ඔබ ආරක්ෂිතවී සපයා ගත හැකි ඕනෑම උපකරණයක් මගින් රෝගියා බේරන්න උත්සාහ ගන්න. උදා. කඹයක් , දිග ලීයක් . පාවෙන උපකරණයක් හෝ මිනිස් දම්වැලක් මගින් කෙනෙකුගේ ජීවිතය බේරා ගත හැකිය.
4-ගොඩට ගත් පසු හිස, ගෙළ සහ කෂේරුකා ස්ථාවරව තබා ගන්න .
නිකට මදක් ඔසවා නළල මදක් පහත්කර හුස්ම ගන්නා මාර්ගය නිවැරදිව පවත්වාගන්න.
5-මුඛය ආසන්නයේ යම් දෙයක් සිරවී ඇතිබව පෙනේනම් එය තම ඇගිළි මගින් ආරක්ෂිතව ඉවත් කළ හැකිය. එය සංයමයෙන් කළ යුතුය. නැතිනම් එමගින් තව දුරටත් ශ්වසන මාර්ගය අවහිර විය හැකිය.
6-තම කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය අසළ තබා හුස්ම වැටේදැයි ඇසීමෙන් . දැනීමෙන් විනිශ්චය කරන්න. ඇස්දෙකෙන් රෝගියාගේ පපු ප්‍රදේශය උස්පහත් වන්නේදැයි තත්පර 5 ක් 10 ක් පමණ බලා හුස්ම ඇති නැති බව විනිශ්චය කරන්න.
7-රෝගියා හුස්ම ගන්නේනම් පැත්තට හරවන්න. රෙදි පොරවනයකින් හොදින් පොරවන්න.
අධීක්ෂණය කරමින් රෝහල කරා රැගෙන යන්න.
8-හුස්ම නැතිනම් හෝ ඉතා අපහසුවෙන් අසීරුව හුස්ම ගන්නේනම් වහා හුස්ම වාර 5 ක් ලබා දෙන්න. (තත්පරයකට එක ගානේ)
ඉන් අනතුරුව පපුව මධ්‍යයට පපු තෙරපුම් වාර 30 ක් ලබා දෙන්න.
9-අඛන්ඩව පපු තෙරපුම් වාර 30 - හුස්ම වාර 2 ක්‍රියාත්මක කරමින් සුදුසු වාහනයක දමා පහසුකම් ඇති රෝහලක් කරා රැගෙන යන්න.
ශරීර උෂ්නත්වය පාලනය කිරීමට රෝගියා රෙද්දකින් පෙරවීමටත් අමතක නොකරන්න
http://www.dmc.gov.lk/index_english.htm