Six pack Workout @ GYm

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Six pack Workout @ GYm


    අපි කලින් ලිපියේ කතා කලා ගෙදර ඉන්න ගමන් කොහොමද බඩට ව්‍යායාම කරන්නේ සහ කරන විදිහ.මේ ලිපියෙන් කියලා දෙන්න යන්නේ කොහොමද ජිම් එකකට ගිහින් හරි විදිහට ඇබ්ස් වර්ක් කරන්නේ කියලා .මේ ව්‍යායාම ඕනම ජිම් එකක කරන්න පුලුවන් ව්‍යායාම ටිකක් .





    වර්ටිකල් ලෙග් රේසස් (Vertical leg raise)


    2lw2a7a.jpg


    මුලින්ම මෙන්න මේ වගේ උපකරනයක් ජිම් එකෙ තියනවද බලන්න.ඊට පස්සේ මේ රූපයේ තියනව වගේ ඒකට නැගල ෆෝආර්ම් එක මේ විදිහට
    හිරකරලා තියාගන්න.හැබැයි පිට මේ මෙෂින් එකේ පිටිපස්සේ තියන පෑඩ් එකට හිරවෙන්න හේත්තු කරලා තියාගන්න .දැන් කකුල් දෙක
    දිග ඇරලා සාමාන්‍ය වේගෙන් අංශක 90 ට උස්සන්න .ආපහු ඒ වේගෙන්ම පහල දාන්න ,හැබැයි කකුල නවන්න එපා.කකුල නවලා කරන්නත් පුලුවන්.ඒත් මේ ක්‍රමයෙන් තමයි වැඩියෙන් ඇබ්ස් වලට ව්‍යායාම වෙන්නෙ .




    ඩම්බෙල් ස්යිඩ් බෙන්ඩ් (Dumbbell side bends)

    2v152d0.jpg




    මුලින්ම මේ ව්‍යායාමය කරලා නැත්නම් බර මුකුත් නොදාපු හිස් ඩම්බෙල් එකක් ගන්න .ඊට පස්සේ කන්නාඩිය ඉස්සරහට ගිහින් කෙලින් හිටගන්න .ඔලුවට අත තියාගෙන හිමීට පැත්තකට නැවෙන්න.එහෙම නැවෙද්දී වටපිට බලන්න යන්න එපා.කන්නාඩියෙන් බලන්න .එක පැත්තකට කරන ප්‍රමාණයම අනිත් පැත්තටත් කරන්න .බොහොම පොඩ්ඩ පොඩ්ඩ බර වැඩි කරන්න,නැත්නම් කොන්ද අමාරුව හැදෙයි.





    ඉන්ක්ලයින් සිට් අප්ස් (Incline sit ups)

    pqhsl.jpg


    මුලින්ම මේ මෙෂින් එකට ගිහින් ඒකේ කකුල් හිර කරගෙන වාඩි වෙන්න .ඊට පස්සේ ඔලුවට අත් දෙක තියාගන්න .දැන් පිටිපස්ස මෙෂින් එකට තද කරගෙන කොන්දෙන් ඉස්සෙන්න.කොයිම වෙලාවකවත් අත් දෙකෙන් ඔලුව උඩට ඇදලා සිට් අප්ස් ගහන්න එපා.ඔලුවට අත් දෙක තියාගන්න බැරිනම් මේ පින්තූරය විදිහට අත් දෙක පපුවට තියාගන්න සාමාන්‍යයෙන් මේ විදිහ තමයි ආරක්ෂාකාරීම විදිහ සිට් අප්ස් කරන්න .





    කේබල් නීලින්ග් ක්‍රන්ච් (Cable kneeling crunch)​

    2yu0xn9.jpg




    මුලින් මේ විදිහට බිමට මැට් එකක් දාගන්න .ඊට පස්සෙ කේබල් එක ටිකක් ඇදලා බිම දනගහගන්න .ඊට පස්සේ මේ මෙෂින් එකේ තියන කේබල් රෝප් එක බෙල්ලට දෙපැත්තෙන් දාලා ඇදගන්න .ඊට පස්සෙ සාමන්‍ය වේගයකින් කේබල් එක එක ඇදලා මේ විදිහට නැවෙන්න .ආපහු හිමීට ඉස්සෙන්න.





    හැගින්ග් ලෙග් රේස් (Hanging leg raise)


    358neow.jpg




    මෙකෙදි මුලින්ම මේ වගේ බාර් එකක එල්ලෙන්න .ඊට පස්සේ කකුල අංශක 90 වෙනකම් උස්සන්න .එහෙමම කකුල් උස්සගෙන වමට හැරෙන්න.දැන් ආපහු දකුනට හැරෙන්න .ඊලගට කකුල් කෙලින් තියාගෙන කකුල් පහත් කරන්න.ආපහූ ඒ වගේම කරන්න .බාර් එක තමන්ගේ උරහිසේ මට්ටමෙන් අල්ලගන්න .





    වේටඩ් ඉන්ක්ලයින් සිට් අප්ස් .(Weighted incline sit up)


    2czx11d.jpg


    මේකෙදි ව්‍යායාමය වෙන්නෙ ඉන්ක්ලයින් සිට් අප්ස් එක වගේම තමයි.මේකෙදි කිසියම් බරක් තමන්ගේ පපුව උඩින් තියාගෙන තමයි ව්‍යායාමය කරන්න්නේ.ඒ තියන බර තමන්ගේ අත්දැකීම මත තමයි තීරණය වෙන්නෙ .ආදුනිකයෙක් මේ ව්‍යායාමය කරනවනම් මුලින් කිලෝ 1 එකක් පාවිච්චි කරන්න .



    ADD REP THANKS ---





    කලින් ඒවා --



    *ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612


    *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

    *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

    *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034


    *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463


    *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660


    * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144


    * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319


    *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

    *Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704



    *Body building body typesඇග හදමු-- ශරීර වර්ග - http://www.elakiri.com/forum/showthread.php?t=1663517

    * සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921

    * ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375

    *Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854

    *Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846

    * Endomorph Training - http://www.elakiri.com/forum/showthread.php?t=1665849

    *Six Pack Work Out @ Home- http://www.elakiri.com/forum/showthread.php?t=1670780
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    එල මචං :cool: හැබැයි බන් ඇග හදද්දී abs ගැහුවොත් ඇග හැදෙන්නේ නෑ කියනව නේ බන් :rolleyes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එළකිරි .
    මචං වාර කියක් කරන්න ඕනද , එක සෙට් එකක් කරලා රෙස්ට් එක කොච්චරද වගේ දේවලුත් දාපන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    එළකිරි .
    මචං වාර කියක් කරන්න ඕනද , එක සෙට් එකක් කරලා රෙස්ට් එක කොච්චරද වගේ දේවලුත් දාපන්

    elaz dannam
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    salitha musclefactory eke badu hodada? labai ban bodybuiodong.lk ekata wada. uba ganne kohenda?