මේ මම ACS එකෙන් කරපු එක, වෙන ෆීල්ඩ් එකක් නං වෙන තැනකින් කරගන්න ඕන ඇත්තෙ ඒවට මේක අදාල කරගන්න එපා
සයිට් එකේ රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක හදාගන්න
ඊට පස්සෙ ඒකෙ passport එක වෙරිෆයි කරන ප්‍රොසෙස් එකක යනවා. QR code එකක් එනවා ඒක ෆෝන් එකෙන් ස්කෑන් කරාම ෆෝන් එකෙන් කැමරා ඇප් එක ඕපන් වෙනවා මේකෙන් පාස්පෝට් එකයි අපේ මූණයි ස්කෑන් කරලා වෙරිෆයි කරනවා, ඒකෙ ගයිඩ් එක ෆලෝ කරාම ඒ වැඩේ හරි
ප්‍රොසෙස් එකේ තැන් තැන් වලදි questionire එනවා, ඒව හරියට ෆිල් කරන්න
ඊට පස්සෙ සල්ලි ගෙවන්න තියෙන්නෙ (මට මතක විදියට සල්ලි ගෙවන්න තියෙන්නෙ දෙවනි ස්ටෙප් එකේදි මම කරලා ටික දවසක් වෙනවා)
සල්ලි ගෙවුවට පස්සෙ ස්කිල් Assesment එක ෆිල් කරන්න ඕන
මේකෙදි අපේ සර්විස් ලෙටර් වලින් proof කරන්න පුලුවන් ස්කිල් වලින් 20ක් සිලෙක්ට් කරන්න පුලුවන්, ඒ ස්කිල් වල ලෙවල් එකත් පුලුවන්. මේව හරියටම සර්විස් ලෙටර් වලින් proof පෙන්නන්න පුලුවන් විදයට සිලෙක්ට් කරන්න. ඒ ඒ ස්කිල් වල රෙසපොන්සිබිලිටීස් එතන පෙන්නනවා අන්න ඒව තමයි සර්විස් ලෙටර් එකේ තියෙන්න ඕන
ඔය ටික සිලෙක්ට් කරාම අපිට ඇසෙස්මන්ට් එක ඉල්ලන්න පුලුවන් ANZSCO සෙට් එකක් පෙන්නනවා, ඒකෙන් උඹට ඕන ඒව තුනකට ඇසෙස්මන්ට් එක ඉල්ලන්න පුලුවන්. SE නං 261313 තමයි කෝඩ් එක
ඊලඟට ඩොකියමන්ට් ටික අප්ලෝඩ් කරන්න ඕන, මේව ඕන විදිය සයිට් එකෙත් තියනවා. ස්කෑන් කරද්දි edges + corners පේන විදියට හොඳට ස්කෑන් කරගන්න ඕන
සර්විස් ලෙටර් වල එහෙම නං වෙනස් නං ඒවට අදාල තැන් වලින් ලියුම් ගන්න ඕන (සර්විස් ලෙටර් එකක නම වෙනස් නං ඒ කම්පැනියෙන්ම name confirmation letter එකක් ගන්න පුලුවන් නං අලුත් සර්විස් ලෙටර් එකක් ගන්න)
සර්විස් ලෙටර් නැත්තං affidavit එකක් ගන්න ඕන ෆෝමැට් එකක් තියනවා, එහෙම ගත්තා කියලා ඒක ACS එකෙන් Accept කරයිද කියන එක ශුවර් නැහැ ඒක නිසා හරියට සර්විස් ලෙටර්ම ගන්න
employment history එක තමයි වැදගත්ම. මේකට Service letter + Payment proof දෙකක් ඕන. මේ proof දෙක sources දෙකකින් වෙන්න ඕන. අඩුම තරමෙ හැම කම්පැනියකම වැඩ කරපු පලවෙනි මාසෙටයි අවසාන මාසෙටයි හරි මේ දෙක තියෙන්න ඕන, මම නං පලවෙනි මාසෙ අවසාන මාසෙ සහ මැදත් අහුවෙන්න proof දුන්න. නමුත් කියලා තියෙන්නෙ අඩුම තරමෙ පලෙවනි මාසෙ සහ අවසාන මාසෙ තිබුනම ඇති කියලා.
proof වලට මේව දෙන්න පුලුවන්
Salary Slips
Bank Statements (මම නං බැංකුවෙන් මේව සීල් එක ගහල ගත්තා), මෙවයෙ සැලරි රෙකෝඩ් එක හරියට තියෙන්න ඕන, නිකං ඩිපොසිට් තිබුනට වැඩක් නැහැ
EPF Records - මේක central bank එකට B Card එක ඊමේල් කරාම දවසෙන් එවනවා
මම හැම කම්පැනියටම එක ගානෙ PDF එකක් හැදුවා මේව දාල
මුලින්ම පේජ් එකේ table එකක් දැම්ම මේ මේ පේජ් වල මේ මේ දේවල් තියනවා කියලා
මේ වගේ
| Index | Page No 1 |
| Service Letter | Page No 2 to 5 |
| Payment Proof (Salary Slips) | Page No 5 to 7 |
| Payment Proof (EPF Records) | Page No 7 to 10 |
පස්සෙ පේජ් වල අදාල කන්ටෙන්ට් එක දැම්ම. මේව ඉඳපු හැම කම්පැනියටම එක ගානෙ හදලා දහ පාරක් විතර චෙක් කරා හරියටම හරිද බලන්න
Bank statement වල සැලරි රෙකෝඩ් එක හයිලයිට් කරලා දැම්මෙ
ඊට පස්සෙ ACS සයිට් එකේ සේරම දේවල් ටික අප්ලෝඩ් කරන්න තියෙන්න. Education වලටත් උඩින් වගේම ෆයිල් එකක් හැදුවා Degree certificate + Transcript දාල
හැම කම්පැනියකටම entry එක ගානෙ හදල අර PDF එක අප්ලෝඩ් කරන්න
මොනවා හරි ලෙටර් එකක් Digital sign කරලා තියනවා නං ඒක වෙනම අප්ලෝඩ් කරන්න, ඒක අර ලොකු PDF එකකට දාන්න එපා, ඒකෙ නම විතරක් index එකට දාන්න
මේකෙ මුන් work experience ගන්නෙ education එක ඉවර උන දවසෙ ඉඳන්. ඒක නිසා ඩිග්‍රිය විතරක් දාන්න. මම අහල තියනවා MSC එක දැම්මම MSC එක ඉවර කරපු දවසෙ ඉදන් work exp අරගනිපු සීන් එකක්. එතකොට අවුරුදු ගානක් අඩු වෙනවා (මේක ඕන නං තව හොයල බලන්න)
EOI Score එකට මේක ප්‍රශ්නයක් නැහැ, ඒකට වෙනම MSC එහෙම දාන්න පුලුවන්.
මේ ටික සේරම දාල සබ්මිට් කරනන්
මුලින් Screening process එකක් යනවා, මොනවා හරි අඩු පාඩුවක් තියනවා නං දවස් 7ක් දෙනවා ආපහු ඒව දෙන්න.
සති 3න් විතර රිසල්ට් එක එනවා
PS: මේ ෆෝම් එක ෆිල් කරන එක සල්ලි වලට කරලා දෙන එවුන් ඉන්නවා ඩොලර් 500-600ක් ගන්නවා
වෙනම ත්‍රෙඩ් එකක් දාන්නං වෙලාවක් හම්බුනාම
ඔය sira score කියන්නෙ බන් 491 එකට 90-95 ක් විතරනේ, SE වලට ඒක මදි queue එකේ කලින් ඇප්ලයි කරපු එවුන් දාස් ගනං ඉන්නවා එවුන්ට චාන්ස් එක එන්නෙ
වයිෆ් ඉන්නවා නං එයත් English කරලා තව ඇප්ලයි කරන කෙනත් community english එකත් කරා නං තව 10 ක් ගන්න පුලුවන් එතකොට ශුවර් පිටම එනවා, ඔය විදියට කරලා මාස ගානෙන් ගියපු එවුන් මම දන්නවා
තව රීජනල් ඒවට වෙනම ඇප්ලයි කරන්න පුලුවන්, උන් වෙනම 491 දෙනවා, එතකොට උන්ගෙ ස්ටේට් එකට ඇවිත් මාසයක් ඉඳලා තියනවා නං තව 10ක්ද කොහෙදත් දෙනවා
------
Post added on May 5, 2025 at 12:33 PM