Thanks Serendib,
Mamath gaththa....
![]()
Thanks Serendib,
Mamath gaththa....
![]()
five minutes more
While at the park one day, a woman sat down next to a man on a bench near a playground. "That's my son over there," she said, pointing to a little boy in a red sweater who was gliding down the slide.
"He's a fine looking boy" the man said. "That's my daughter on the bike in The white dress." Then, looking at his watch, he called to his daughter.
"What do you say we go, Melissa?"
Melissa pleaded, "Just five more minutes, Dad. Please? Just five more minutes."
The man nodded and Melissa continued to ride her bike to her heart's content.
Minutes passed and the father stood and called again to his daughter. "Time to go now?"
Again Melissa pleaded, "Five more minutes, Dad. Just five more minutes."
The man smiled and said, "O.K."
"My, you certainly are a patient father," the woman responded.
The man smiled and then said, "Her older brother Tommy was killed by a drunk driver last year while he was riding his bike near here. I never spent much time with Tommy and now I'd give anything for just five more minutes with him. I've vowed not to make the same mistake with Melissa. She thinks she has five more minutes to ride her bike. The truth is, I get five more minutes to watch her play."
Life is all about making priorities, what are your priorities?
Give someone you love 5 more minutes of your time today
අයියගෙ මේ ගමන ඉතා හොදින් සාර්ථක වෙන්න කියල හදවතින්ම පතනව...
කට්ටිය සෙට් වෙමුකො ඇවිත්![]()
බුදුසරනයි!!
හරි සතුටුයි අයියෙ.
පරිස්සමෙන් එන්න, අපි බලාගෙන ඉන්නවා
ahannath sathutui
api aniwa set wemu
his athin ehema enna epa honde![]()
මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...
මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.
එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..
අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...
සැමට තෙරුවන් සරණයි....



















Anjalin Gunathilaka - Sada thani wela
me song eka ka gawada thiyenee..puluwan kenk innawa nam uplaod karanwnada? loku udduwak....
මාගේ හිතවත් සහෝදර සහෝදරියනි...
මා ටික දිනකට පෞද්ගලික හේතුවක් මත මගේ මව්බිමට පැමිණෙන නිසා මට මගේ මහගෙදරට පුරුදු පරිදි හැමදා පැමින ඔබ සැම හා කථා බහ කිරීමේ අපහසුතාවක් ඇතිවන්නට පුළුවන්.
එයට ඔබ සැම මට සමාව දෙනවා ඇතැයි මම උදක්ම සිතමි..
අවශ්‍ය දෙයක් වෙතොත් මට pm කරන්න. මට පුළුවන් හැම වෙලාවකම මම ඊට පිලිතුරු සපයන්නම්...
සැමට තෙරුවන් සරණයි....
Poddak Nidimathai,
Ada kalinma nidiyanna yanawa...
Good night hamotama...
![]()

Parissamen enna ayye
Theruwan Saranai..!!!
මම මේක කලින් "පද පේලි" ත්‍රෙඩ් එකේ දැම්ම...තව කාට හරි ඕන නම් මෙතනින් ගන්න...

Reference to "Divaina online edition" dated 30.10.2009
"අපි අදටත් හොඳට ගීතයක් සජීවීව වුවත්
ගායනා කරන්නේ ඒ කාලේ ලැබුණු පුහුණුව නිසයි"
ප්‍රවීණ ගායිකා රංජනී පෙරේරා
තරගකාරී සමාජ රටාවෙන් මොහොතකට මිදී ආස්වාදනීය සංගීතමය රාත්‍රියකට ඔබට සෙනෙහසින් ඇරයුම් කරන්නේ දශක පහක් මුළුල්ලේ පරම්පරා ගණනාවක් සැනහූ ප්‍රවීණ ගායන, නර්තන, රූපණ ශිල්පීනි රංජනී පෙරේරා යි.![]()
ටවර් හෝල් යුගයේ දක්ෂ ශිල්පිනියක වූ ඇය චිත්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් ද නර්තනයෙන්ද දායක වූවාය. එසේ ගැයූ ගී අතර සැනින් අපගේ මතකයට නැගෙන්නේ හරිම බඩු තුනක් චිත්‍රපටය සඳහා එච්. එස්. ප්‍රනාන්දු සමග ගැයූ ගීතයයි.
"ඔබගේ හද මාගේ මයි - සතුටේ මල් පීදේ මයි
පෙර මග මුතු සෑදෙ මයි - රන් රස සේ පෑහී මයි
ටවර් හෝල් ගායනා ශිල්පිනියක වන රංජිනි පෙරේරා රංගනයට ද අවතීර්ණ වූයේ ටවර් හෝල් ශිල්පිනියක ලෙසිනි. එවකට රජයේ ලලිත කලායතනයේ නැටුම් අංශයෙන් ලලිත කලාවේදී උපාධිය ලැබූ ඇය නර්තන ගුරුවරියක ලෙසත්, පසුව කැලණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නැටුම් ගුරු උපදේශිකාවක ලෙසත් කටයුතු කළාය. ධීවරයෝ, අල්ලපුගෙදර, හෙට ප්‍රමාද වැඩියි, වැදි බිම, වනමල ආදී චිත්‍රපට රැසකට නර්තනයෙන් දායක වූ ඇය වීදුරු ගෙවල්, වස්තුව, මාහේනේ රීරි යකා, හරිම බඩු තුනක් වැනි චිත්‍රපටවලට දායක වූයේ ගායන ශිල්පිනියක ලෙසිනි.
"අපි කාගෙත් මහ ගෙදර ගුවන් විදුලියයි. ආධුනික පැය වැඩසටහනට ගීත ගායනයෙන් දායක වෙලා හොඳම ගායනා ඉදිරිපත් කරන ශිල්පීන්ව බේරාගෙන එක් අයෙකුට එකවර ගීත පහ බැගින් ගායනා කරන්න අවස්ථාවක් ලබා දෙනවා. ඊට පස්සේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් වුණා. එතැනදී ඒ ශ්‍රෝණියේ ගායිකාවක වශයෙන් සමත් වුණා. එතැනින් පසුව සරල ගී වැඩසටහන් රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපට ගීත ගායනයට යොමු වුණේ ඒ අතරතුරයි.
වීදුරු ගෙවල් චිත්‍රපටයේ සීතල පාළුව ඉකිබිඳ හඬනා ගීතය රෑ එළිවන තුරු පටිගත කළා. වාදක මණ්ඩලය පනහක් විතර ඒ සඳහා සහභාගි වුණා. ඒ කාලේ අද වගේ තාක්ෂණය දියුණු නැහැ. ගායනයයි වාදනයයි සියල්ල පටිගත කළේ ඒ මොහොතේ එකටමයි. පටිගත කිරීමක් අතරේ කුරුල්ලෙක් කෑ ගැහුවත් මුළු ගායනය ම නැවත මුල ඉදල පටිගත කරනවා. ඔය විදිහට දන්නෙම නැතුව රාත්‍රිය අවසන් වන තුරුම පටිගත කළා. ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ශූරීන් සංගීත අධ්‍යක්ෂණය කළ වීදුරු ගෙවල් චිත්‍රපටය දයා විමලවීර ගේ අධ්‍යක්ෂණයක්. අද වගේ එක රැයකින් ජනප්‍රිය වෙන්න ඒකාලේ බැහැ.
ගුවන් විදුලි ගීයක් ගායනා කළත් මණ්ඩලයකින් එහි පදමාලාව පවා අනුමත විය යුතුයි. දැන්නම් මුදල් පෙන්නුවා ම ඕනෑම ගීයක් ජනප්‍රිය කරවා ගන්න පුළුවන්. අපි අදටත් හොඳට ගීතයක් සජීවීව වුවත් ගායනා කරන්නේ ඒ කාලේ ලැබුණු පුහුණුව නිසයි. " ඇය කීවාය.
ටවර් හෝල් රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ද වූ විමලා කාන්තා කවුදැයි අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නොවේ. ඒ ඇගේ මවයි. පියා පොලිස් නිලධාරියකු ලෙස සේවය කළ ද ඔහු දක්ෂ විකට රංගන ශිල්පියෙකි. මාර්ග අනතුරු වැළැක්වීමේ දර්ශන ඇතුළත් ප්‍රසංග මාලාවක "මෝඩ බණ්ඩා" චරිතය මුලින්ම රඟපෑවේ ඇගේ පියාය. මේ දෙමවුපියන්ගේ අඩිපාරේ යන්නට දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන්ටත් වරම් හිමිවිය. ලලිතා පෙරේරා පවුලේ වැඩිමල් දරුවාය. ඇය ටවර්හෝල් නිළියක ලෙස ජනප්‍රිය වූයේ ෆ්ලෝරා දේවි නමිනි. ධර්මසිරි පෙරේරා දෙවැන්නාය. ඔහු සංගීත විශාරදය. තෙවැන්නිය කවුදැයි හඳුනාදීමට සඳහන් කළ යුත්තේ ඇගේ නම පමණි. ඇය නමින් සුජාතා පෙරේරා ය. විවාහයෙන් පසුව ඇය සුජාතා අත්තනායක නම් වූවාය. සිව්වැන්නිය අපගේ මේ කතා බහට පාදක වූ රංජනී පෙරේරාය. පවුලේ බඩ පිස්සා වූ සුසිල් පෙරේරා අතිශය ජනප්‍රිය ජෑස් ඩ්‍රම්ස් වාදක ශිල්පියා ය. එසේම ඔහු පියා මෙන් විකට රංගන ශිල්පියෙක්ද වේ.
"මගේ පුතාලා දෙන්නාත් (ප්‍රදීප් පණ්ඩුල හා ඉන්දික විජයබාහු) දුව මෝදනාත් ලේලිලා දෙදෙනාත් (නදීකා හා උපේක්ෂා) කලා හැකියාවන් ඇති අය වීම මට මහත් සතුටක්. බාල පුතා ඉන්දික විජයබාහුගේ දැඩි වුවමනාව නිසයි මම "සවනි" නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වුණේ. මේ ප්‍රසංගයේ දී මම අම්මා වෙනුවෙන් ටවර්හෝල් යුගයේ නූර්ති ගී කිහිපයක් ගායනා කරනවා. ඊට අමතරව මම ගැයූ ගුවන් විදුලි ගීතත්, චිත්‍රපට ගීතත්, සුජාතා අක්කා ගැයූ ගීත කිහිපයකුත් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ගීත ඇතුළත් ගී පොතක් ඔබගේ හද මාගේ මයි" නමින් ගොඩගේ ප්රකාශනයක් ලෙස එදාට එළි දක්වනවා. කීර්ති පැස්කුවල්, සුසිල් පෙරේරා, හේලි අත්තනායක, සරත් සන්දනායක, ඉන්දික විජයබාහු, ශ්‍රීමනී වසන්තා සන්දනායක, ෆ්ලෝරිදේවි, තුෂාර සන්දනායක, සඳුනි සංකල්පනා මදනායක, වජිර එදිරිමාන්න සහ අමල් එදිරිමාන්න යන ශිල්පීන් මෙහිදී ගීත ගායනයෙන් දායක වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය සුසිල් පෙරේරා සමග මර්වින් ප්‍රියන්ත යි. මේ වෙනුවෙන් මට උදව් උපකාර කළ සැමට මගේ ප්‍රණාමය පුද කරනවා. කලා දිවියට වසර පනහක් පිරීම ප්‍රධාන නිමිත්ත කොට ගනිමින් ඔක්තෝබර් 30 වැනිදා සවස 6.30 ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේ පැවැත්වෙන රංජනී පෙරේරා කලා ශිල්පීනියගේ "සවනි" ඒකපුද්ගල ගී ප්‍රසංගයට ශ්‍රී ලාංකික රසික සහෘද සැමට ඇය සෙනෙහ සිතින් ඇරයුම් කරන්නීය. අයාලේ යන කලාවට හූ මිටි නොතියා සැබෑ කලා රසවින්දනයකට පුංචි ඉඩක් වෙන් කරන්නැයි අපි මෙසේ ඔබ සැමට සිහිපත් කරමු.
තුෂාරී කළුබෝවිලඡායා - දයාන් විතාරණ
Here is the song, but I am not quite sure whether the original artists are performed in this recording. I presume still you can enjoy it!!
M.S.Fernando - Obage Hada
