පහුගිය දවස් වල ගොඩක් දෙනෙක් කියල තිබුන දැක්ක ebay එකෙන් එහෙම ගෙන්නන ඒව එන්නෙ නෑ, එහෙම නැත්නම් ආවත් ඇතුලෙ බඩු නෑ වගේ දේවල්.
අපේ තාත්ත ebay එකෙන් පෑනක් අරගෙන තිබුනා. ගෙදරට පාර්සලේ එනකොට ඇතුලෙ පෑන තිබුනෙ නෑ. හෑමෝම වගේ කරන්නේ සෙලර්ට කතා කරන එකනෙ. තාත්ත ගිහින් තැපැල් කන්තෝරුවට පැමිනිලි කරල තිබුන. පස්සෙ එතනින් කියල තිබුන ලිඛිතව පැමිනිල්ලක් බාර දෙන්න කියල. අපිත් ඒක දීල හිටිය. බලාපොරොත්තුවක් තිබුනෙ නෑ යමක් වෙයි කියල. ඒත් පස්සෙ ඔය වගේ පැමිනිලි විභාග කරන්න දාපු කමිටුවකින් ඇවිත් තිබුන ඔය පාර්සල් එක ලංකාවෙ ප්‍රොසෙස් වුන හැම තැනින්ම වගේ කට උත්තර අරගෙන අපේ තත්තගෙනුත් කට උත්තරයක් අරන් යන්න. ඇවිත් විස්තර අහල ගිහින් තිබුන. බුවා නම් කියල තියෙන්නෙ ලියුම් කවරේ දාල තියෙන ගානට (declared amount) සමාන වන්දියක් දෙන්නම් කියල. තාම හම්බ උනේ නෑ. ගිය සතියෙ තමා ඇවිත් ගියෙ.
උබලත් ebay/aliexpress එකේ බඩු ආවේ නැති උනාම හරි, බඩු නැතුව හිස් කවරේ ආවොත් හරි සෙලර් එක්ක කතා කරන ගමන් මේකත් පොඩ්ඩක් කරල බලපල්ල. එදා ආපු බුවා නම් කියල තියෙන්නෙ මේ වගේ ඒව ගොඩක් වෙලා පැමිනිලි තියෙනව රට ඇතුලෙනුයි වෙන රටවල්වල තැපැල් සේවයන්ගෙනුයි කියල (සෙලර්ල එහෙ පැමිනිලි කරාම උන් මෙහට පැමිනිලි කරනව වෙන්න ඇතී).
ආයෙම බුව කියල තිබුන ගොඩක් වෙලාවට වෙන්නෙ එක්කො කොළඹින් හරි නැත්නම් තව එක ස්ටේජ් එකකදි ඉන්දියං කාරයො සෙට් වෙන තැනක් තියෙනවලු ඔය ලියුම් එන සීන් එකට, එතනින් තමා නැති වෙන්නෙ කියල. දන්න කවුරු හරි ඉන්නව නම් කියන්න මොකක්ද ඒ කතාව කියල.
හැමෝම මේකට එකතු වෙලා පැමිනිලි කරොත් මේ අවුල ඉක්මනින් විසද ගන්න පුලුවන් වෙයි. සෙලර් ල එක්ක රන්ඩු වෙලා උන් රටට එවන්නේ නැති එක විතරයි වෙන්නෙ. ඊට වඩා මේක හොදයි කරන එක.

)