SL Vs Aus Match Eka

manoj007

Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    Machan Api ada match eka paradunath net run rate eka ape wadine ban
    Ehema wunoth api eth final yanawa neda

    Please Danna kenek innawanam kiyapan.

    But me match eke commentatorsla kiyannne ada sri lanka dinne natnam api out kiyala.
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    234
    43
    may tournament eke NRR balanne dewaniyata .mulin balanne points samana teams deka atara matches walin wadipura dinala tiyenne kauda kiyalla .dinapu match gaanath samanai nam tamai net rr balanne.india SL matches walin indiane wadipura dinala tiyenne .ithin api ada paradunoth api gedara .
     

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    234
    43
    from cricinfo

    Preliminary Matches

    Win, with bonus point - 5
    Win, without bonus point - 4
    Tie or No Result - 2
    Loss - 0

    In the event of teams finishing on equal points, the right to play in the final match or series will be determined as follows:

    The team with the most number of wins
    If still equal, the team with the most number of wins over the other team(s) who are equal on points and have the same number of wins
    If still equal, the team with the highest number of bonus points
    If still equal, the team with the highest net run rate
    In a match declared as no result, run rate is not applicable.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,712
    9,368
    113
    ප්‍රධාන ප්‍රේක්‍ෂක ඉන්දියාව ඉදිරියේ
    ශ්‍රී ලංකාව-ඔස්‌ටේ්‍රලියාව තීරණාත්මක සටනක


    කොමන්වෙල්ත් කුසලාන ක්‍රිකට්‌ පළමු වටය අද අවසන්

    කොමන්වෙල්ත් කුසලාන තුන්කොන් ක්‍රිකට්‌ ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (02 දා) ඔස්‌ටේ්‍රලියාව සමග මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී තරග වදියි. අදාළ වටයේ අවසන් තරගය වන මෙය අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 8.50 පමණ ආරම්භ වීමට නියමිතය.

    අවසන් මහ තරගය සඳහා පිවිසීමට නම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජයග්‍රහණය හෝ විසඳුමකින් තොරව නිමාකර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ. යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය පරාජයට පත්වී ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට පත් වුවද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන්දියානු කණ්‌ඩායම බව වාර්තා පෙන්වා දෙයි. එහිදී අංක දෙක ස්‌ථානයට පත්වුවද ශ්‍රී ලංකාවට අවසන් මහ තරග අවස්‌ථාව අහිමි වන්නේ ඉන්දියාවේ වාසියට බව ඇතැම් වාර්තා පෙන්වා දෙයි. එහිදී තවත් පිරිසක්‌ සඳහන් කර ඇත්තේ ඉන්දියානු කණ්‌ඩායමට ඔස්‌ටේ්‍රලියාව ඇති බිය හේතුවෙන් අද තරගයේදී ඔස්‌ටේ්‍රලියාව හොඳින් ක්‍රීඩා නොකරනු ඇති බවයි.

    මේ අතර ඉන්දියානු කණ්‌ඩායම පුහුණුවීම් වලින් වැලකී ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරගයේ තීරණය ලැබෙන තුරු විවේකිව කටයුතු කරන බව තවත් විදෙස්‌ වාර්තාවක සඳහන් වේ.

    ශ්‍රී ලංකාවට තීරණාත්මක වූ අද තරගයේදී ඔස්‌ටේ්‍රලියානු නිත්‍ය නායක මයිකල් ක්‌ලාක්‌ ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට ෂේන් වොට්‌සන් විසින් කණ්‌ඩායම මෙහෙයවන බවද වාර්තා වේ. ක්‌ලාක්‌ ගේ ඇලපතේ ඇති වී ඇති ආබාධයක්‌ හේතුවෙන් අවසන් මහ තරග සහභාගිත්වය බලාපොරොත්තුව ඇතිව ඔහු අද තරගයේදී විවේක ගන්වා ඇත.

    ශ්‍රී ලංකා කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක µර්වීස්‌ මහරුµaද අද තරගයට සහභාගි නොවන අතර ඒ වෙනුවට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක යෙදවීමට නියමිතව ඇත.

    මෙල්බර්න් ක්‍රීඩාංගණය සහ ඒ අවට අද තරමක්‌ වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ ඇතිවිය හැකි බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි. zඅපිට වැස්‌ස පාලනය කරන්න බැහැ. එන ඕනෑම අවස්‌ථාවක උපරිම හොඳට ක්‍රීඩා කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉන්දියාව සමග තරග පරාජය වුණේ ඉන්දියානු පිතිකරුවන්ගේ හොඳ පිතිකරණය නිසාම නොවේ. එහිදී අපේ අතිශය දුර්වල පන්දු යෑවීම තමයි එම පරාජයට හේතුව. ඔස්‌ටේ්‍රලියාව අවසන් වරට පරාජය කරපු සැලසුම මේ තරගයේදීත් අපි සකස්‌ කරනවා.Z යනුවෙන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටී.

    මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව එක්‌දින තරග 15 කට සහභාගි වී ජයග්‍රහණ 5 ක්‌ ලබා ඇත. ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අවසන් වරට මෙම ක්‍රීඩාංගණයේදී තරග වැදුණු දෙවතාවේදීම ශ්‍රී ලංකාව ජය ගෙන තිබීම ශ්‍රී ලංකාවේ මානසිකත්වය ඉහළ දමන්නක්‌ වී තිබේ.

    ශ්‍රී ලංකා පිතිකරුවන් අතර තිලකරත්න ඩිල්ෂාන් තරග 7 කදී ලකුණු 363 ක්‌ ලබා තරගාවලියේ පිතිකරුවන් අතර දෙවැනි ස්‌ථානයේ සිටින අතර ඔහුට ඉදිරියෙන් පසුවෙන ඉන්දියානු පිතිකරු විරාත් කෝලි ලකුණු 373 ක්‌ ලබා තිබේ. දිනේෂ් චන්දිමාල් ලකුණු 308 ක්‌ ලබා ඇති අතර මහේල ජයවර්ධන තරගාවලියේ ලකුණු 300 සීමාව ආසන්නයට පැමිණ තිබේ. කුමාර් සංගක්‌කාරද සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්‌තුව ශක්‌තිමත් වී ඇත.

    ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මීට වඩා සැලසුමකින් අද පන්දු යෑවීම අනිවාර්ය වන අතර සුපුරුදු පන්දු යෑවීමේ රිද්මය ගිලිහී ඇති ලසිත් මාලිංග සිය ආක්‍රමණකාරි පන්දු යෑවීමේ රාටාවට මෙම තරගයේදී අවතීර්ණ විය යුතුව තිබේ. මාලිංග ඉන්දියාව සමග පැවැති තරගයේදී පන්දු 46 කදී ලකුණු 96 ක්‌ ලබාදී තිබුණි.

    තරගාවලියේ පළමු වටය යටතේ ඔස්‌ටේ්‍රලියාව සියතරග අටෙන් 4 ක්‌ද ශ්‍රී ලංකාව ජයග්‍රහණ 3 ක්‌ සහ එක්‌ සම කිරීමක්‌ වාර්තා ඇත.