SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ

Sura Saradiel

Member
Aug 19, 2017
9
3
0
SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ

සීමිත සමාගමක් වෙත කූට ලෙස පවරා ඇති නිසා SLIIT එකට නිශ්චිත හිමිකාරිත්වයක් නැහැ

හර්ෂනී අර්සකුලරත්න/By Mawbima 2018-09-03

මහපොළ භාරකාර මණ්ඩලයේ හිමිකාරිත්වය යටතේ පැවැති මාලඹේ තොරතුරු තාක්‍ෂණ ආයතනය (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් වෙත කූට ලෙස පැවැරීම නිසා මේ වන විට එම තාක්‍ෂණ ආයතනය කිසිදු හිමිකාරිත්වයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇතැයි උසස් අධ්‍යාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ හෙළි කළේය.

මේ පැවැරීම දින 100 ආණ්ඩුව යටතේ එවකට ආහාර සුරක්‍ෂිතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ සමයේදී සිදුව ඇති බවද මහපොළ භාරකාරඅරමුදලේ සාමාජිකයන්ව කිසිදු දැනුවත් කිරීමකින් තොරව ආචාර්ය වික්‍රම වීරසූරිය ගත් තනි තීන්දුවක් අනුව ක්‍රියාත්මක වී ඇති බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

මේ හේතුවෙන් එම ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් 7000කගේ පමණ වගකීම භාර ගැනීමට වගකිව යුතු බලධාරියකු නොමැති වී ඇතැයිද ඔහු පැවැසුවේය.
මේ පැවැරීම පිළිබඳ තමා වෙත පවතින තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මහපොළේ කිසිම ලිපි ගොනුවක නොමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතියක් රහිතව මේ පැවැරීම සිදු කර ඇති බව යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ පැවැරීමත් සමඟම එම සීමිත සමාගමේ අධ්‍යක්‍ෂවරු කිහිපදෙනකු නම් සිය වැටුප් වැඩි කරගෙන ඇතැයිද ඔහු පැවැසුවේය.

සීමිත වගකීම් සහිත අධ්‍යක්‍ෂ මණ්ඩලයක් යටතට මේ ආයතනය පැවැරීම අවලංගු කරන ලෙස මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට තමාකැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද එම ආයතනයට රජයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙස එහි යෝජනා කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ඒ යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ නිපුණතා සහිත පාලක මණ්ඩලයකින් මේ ආයතනය පවත්වා ගෙන යෑමටත් එහි කළමනාකාරීත්වය සමඟ එක්වී කටයුතු කරගෙන යෑමේ බලය භාරකාර මණ්ඩලයට පැවැරීමටත් යෝජනා කර ඇතැයි හෙතෙම පැවැසීය.

මේ ආයතනයෙන් ලැබෙන ලාභ සියල්ලම මහපොළ ශිෂ්‍යාධාර යටතේ පිරිනැමෙන ශිෂ්‍යත්ව වෙනුවෙන් වෙන් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (31දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

picture.php
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජය විශ්ව විද්යාල වලට බුරා පනින උන් මේවට නම් මීක් කියන එකක් නැ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රාජය විශ්ව විද්යාල වලට බුරා පනින උන් මේවට නම් මීක් කියන එකක් නැ..

    රජයේ විශ්වවිද්‍යල වලට කවුරුත් බුරන්නෙ නැ නේ බං,නිකන් බුරු කතා කියන්න එපා.,ස්ලිට් එකෙන් හම්බවෙන මුදලින් මහපොල දිව්වා,මේ දින 100 ගොත ආණ්ඩුව SLIIT එකටත් කෙලිය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උසස් අධ්‍යාපනය හැදෑරූවන්ට වඩා පහසුවෙන් නූගතුන් රැවටිය හැකියි කියනවනේ... උසස් අධ්‍යාපන ආයතන විදියට නෙවෙයි උන්ට ඕවා පේන්නේ. තවත් එක් ආයතනයක් තමන්ට ලාභයක් ගන්න අවස්තාවක් හදාගත හැකි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    රජයේ විශ්වවිද්‍යල වලට කවුරුත් බුරන්නෙ නැ නේ බං,නිකන් බුරු කතා කියන්න එපා.,ස්ලිට් එකෙන් හම්බවෙන මුදලින් මහපොල දිව්වා,මේ දින 100 ගොත ආණ්ඩුව SLIIT එකටත් කෙලිය.
    ඔව් ඉතින්. පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් හම්බුකරන සල්ලි වලින් ඇමැටියොන්ට ගෙවල් ගන්නද දෙන්න ඕනේ? :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඉතින්. පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් හම්බුකරන සල්ලි වලින් ඇමැටියොන්ට ගෙවල් ගන්නද දෙන්න ඕනේ? :lol:

    ලලිත් ඇතුලත්මුදලි ඔය මාලඹේ ඉඩම මහපොලට 80 ගනන් වල පවරගන්නකොට ඔක දෙමල මනුස්සයෙකුට අයිති වෙලා තිබුන අන්නාසි ඉඩමක්ලු,ඔක පවරගන තියෙන්නෙ ඔතන රජයේ තාක්ෂණික විශ්වවිද්‍යලයක් ඉදි කරලා මහපොල මුලස්ථානය ඉදි කරන්න,නමුත් එ මනුස්සයා අකාලයේ මැරුනට පස්සෙ එ ප්‍රොජෙක්ට් එක හිට්ටා,පස්සෙ 90 ගනන් වල අග භාගයේ එවකට හිටිය උසස් අධ්‍යපන ඇමති රිචඩ් පතිරණ උන්නෙහයි.කින්ග්ස්ලි වික්‍රමරත්නයි (ප්‍රොෆෙසර් ලලිත් ගමගේ ගේ මාමා) එකතු වෙලා ඔය යොජනවා පාර්ලිමෙන්තුවට දාල,මහපොලෙන් සල්ලි අරන් ඔක හැදුවේ,ඉට පස්සෙ දිගටම ඔකේ ලාභය ගියේ මහපොලට (ස්ලිට් එක තියන අක්කර ගානක ඉඩම සහ ඔය නිශ්චල ,චංචල දෙපල රජයේ),නමුත් මේ කාලකන්නි ආණ්ඩුව එක නැති කලා.
     
    ඉතිහාසය මමත් දන්නවා.. මමත් විරුද්ධයි කරලා තියෙන වැඩේට.
    කැබිනට් එකේ අනුමැතියක් නැතුව ඔහොම දෙයක් කරන්න බෑනේ...
    දින සීයේ ආණ්ඩුවේ කැබිනට්ටුවේ හිටියේ නැද්ද දන්නේ නෑ විජයදාස.
    වහාම රීස්ටෝ කල යුතුයි අයථා සිද්ධිය ගැන හොයලා බලලා
    CABINET APPROVAL FILE EKE NATI UNATA HORATA ARAN ATHI.

    අර සින්ගප්පූරු ගිවිසුමට ඇපෘවල් නෑ කිව්වට පස්සේ දවසක අස්සන් කරලා තියෙන කොල තියෙනවනේ... මේකටත් එහෙම ද දන්නේ නෑ.. උඩ බලාගෙන අස්සන් කරන මොට්ටයෝනේ වැඩිපුර ඉන්නේ.

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතිහාසය මමත් දන්නවා.. මමත් විරුද්ධයි කරලා තියෙන වැඩේට.
    කැබිනට් එකේ අනුමැතියක් නැතුව ඔහොම දෙයක් කරන්න බෑනේ...
    දින සීයේ ආණ්ඩුවේ කැබිනට්ටුවේ හිටියේ නැද්ද දන්නේ නෑ විජයදාස.
    වහාම රීස්ටෝ කල යුතුයි අයථා සිද්ධිය ගැන හොයලා බලලා

    මෙවා ආණ්ඩු නෙමෙයි පාණ්ඩු නේ බං,මිට වඩා දෙයක් දැන් හැදෙන පාණ්ඩු වල ඉන්න ගං කබරයින්ගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙවා ආණ්ඩු නෙමෙයි පාණ්ඩු නේ බං,මිට වඩා දෙයක් දැන් හැදෙන පාණ්ඩු වල ඉන්න ගං කබරයින්ගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න බැ.
    කැබිනට් පේපර්ස් උඩ බලාගෙන අස්සන් කරන උන් ඉන්නේ දැන්... පස්සේ කියනවලු "ආ එහෙම එකකුත් තිබ්බද කියලා"
    කමිටු දැම්මට වැඩක් නෑ.. කරප්ටඩ් නිලධාරීන්, බයස් උන් ගහන රිපෝට් එකට ඔහේ අත්සන් කරනවා... මොට්ට පාලකයොයි කපටි නිලධාරීන් සෙටර් එකකුයි පාලනය කරද්දි ඉතින් අබසරන තමා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර සින්ගප්පූරු ගිවිසුමට ඇපෘවල් නෑ කිව්වට පස්සේ දවසක අස්සන් කරලා තියෙන කොල තියෙනවනේ... මේකටත් එහෙම ද දන්නේ නෑ.. උඩ බලාගෙන අස්සන් කරන මොට්ටයෝනේ වැඩිපුර ඉන්නේ.

    kiyala wadak na ban,hal paruwo
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කැබිනට් පේපර්ස් උඩ බලාගෙන අස්සන් කරන උන් ඉන්නේ දැන්... පස්සේ කියනවලු "ආ එහෙම එකකුත් තිබ්බද කියලා"
    කමිටු දැම්මට වැඩක් නෑ.. කරප්ටඩ් නිලධාරීන්, බයස් උන් ගහන රිපෝට් එකට ඔහේ අත්සන් කරනවා... මොට්ට පාලකයොයි කපටි නිලධාරීන් සෙටර් එකකුයි පාලනය කරද්දි ඉතින් අබසරන තමා

    eka attha ban,lankawe okkoma thiyenne kapati wada,issara indanma owa thibba,puluwan nam me tika balanna,methana thiyanawa W Jayasiri Colombo campus ekata giya hati :lol:

    https://youtu.be/bKZgCUHD_iM?t=8m56s
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    දැන් අම්මෙක් අප්පෙක් නැති එහේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එකතු කරල ඕකත් ආන්ඩුවට දීල අන්තරේ පාලනයට නතු කරානම් ඉවරයි බන් . කිසි අවුලක් නෑ අඩුම තව එක පෙලපාලියක් හරි අඩුවෙයි කොලඹ. අන්තෙරේටත් ඕනේ එකනේ . පස්සේ හෝමාගම එන් එස් බී එම් එකත් ඒ වගේ කරල අන්තරේට බාර දුන්නම ඉවරයි, කාල රීල ඕන නැටුමක් නටාගෙන ඉදිනේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් අම්මෙක් අප්පෙක් නැති එහේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එකතු කරල ඕකත් ආන්ඩුවට දීල අන්තරේ පාලනයට නතු කරානම් ඉවරයි බන් . කිසි අවුලක් නෑ අඩුම තව එක පෙලපාලියක් හරි අඩුවෙයි කොලඹ. අන්තෙරේටත් ඕනේ එකනේ . පස්සේ හෝමාගම එන් එස් බී එම් එකත් ඒ වගේ කරල අන්තරේට බාර දුන්නම ඉවරයි, කාල රීල ඕන නැටුමක් නටාගෙන ඉදිනේ

    SLIIT eka haduwe mahapila salli walin. Nathuwa ipadichcha da idan private school giya ekaalage ammalage salli walin nemei. Eka gana ona thiranayak ganna mahapola aramudalata puluwan. Eka balan inna baruwa hama reddatama sarcasm walin gahannathuwa nsbm eka 2ta namala asse gahan idapan:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රජයේ විශ්වවිද්‍යල වලට කවුරුත් බුරන්නෙ නැ නේ බං,නිකන් බුරු කතා කියන්න එපා.,ස්ලිට් එකෙන් හම්බවෙන මුදලින් මහපොල දිව්වා,මේ දින 100 ගොත ආණ්ඩුව SLIIT එකටත් කෙලිය.

    මට පේන්නෙ උබ මේ තෙර්ඩ් එක විතරයි දැකල තියෙන්නෙ ලොල්:lol::lol::lol: රජයේ කැම්පස් වලට බුරා පන්න තෙර්ඩ් සිය ගානක් හොයා ගන්ඩ පුලුවන් පොඩ්ඩක් අවට බැලුවනම්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    SLIIT eka haduwe mahapila salli walin. Nathuwa ipadichcha da idan private school giya ekaalage ammalage salli walin nemei. Eka gana ona thiranayak ganna mahapola aramudalata puluwan. Eka balan inna baruwa hama reddatama sarcasm walin gahannathuwa nsbm eka 2ta namala asse gahan idapan:rofl:

    මහපොල සල්ලි කාගෙද ? ආණ්ඩුවේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ බදු සල්ලි. දැන් අම්මෙක් අප්පෙක් නැත්තම් හොදම දේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියක එකතු කරන එක. ඒකේ අයත් ආස ඇති කුනුහරප කවි , බත්වලට වැලි එම දාල සුන්දර විශ්ව විද්‍යාල ජීවිතයක් ගත කරන ගමන් කැටයක් එකතු කරලා පාරේ වතුර පාරක් එහෙම කාල විප්ලවේ කරන්න. ස්ල්ට් එකට එන උන්ට රබර් සෙරෙප්පුයි මල් මල් ගවුමයි අන්දල සමාන ජන කොටසක් කරන්න, ස්ල්ට් එක ඉස්සර පාරේ යන මිනිස්සුන්ට කොට කලිසම් ගහල පාරේ යන්න බෑ කියල නීතියක් දාල මාලබේ මුදා නොගත් ප්‍රදේශයක් කරන්න වගේ.
     
    • Like
    Reactions: LalaJ

    Similar threads