SLIIT කේස් එක නැවත ඇදෙයි...
රී ලංකා තාක්ෂණ විද්‍යා ආයතනයේ සිසුවකු වන නිපුණ ධනුෂ්ක රාමනායකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ද හවුල් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර නඩුවක් පවරන ලෙසට නීතිපතිට බලකරමින් "මැන්ඩ්රාමුස්" රිට් ආඥවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම සිසුවා හා ඔහුගේ මව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
ධනුෂ්ක රාමනායක ඉතා කෲර වධ
හිංසාවලට භාජන කරමින් පහර දෙනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය බවත් සිය සැමියා යටතේ රාජකාරිය කළ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ලවා ඔහු නිවසට ගෙන ගිය බවත් ඒ සියල්ල සිදුවී ඇති ආකාරය ගැන සලකා බලන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම හා සහය ඇතිව එම වැරදි ක්‍රියා සිදුව ඇති බව පැහැදිලිව පෙනී යන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
රත්නපුර ලෙල්ලෝපිටිය දිප්පිටිගොඩ පදිංචි ආර්. ඥනලතා රාමනායක සහ ඇගේ පුත් නිපුණ ධනුෂ්ක රාමනායක යන දෙදෙනාගේ නමින් පෙත්සම ගොනුකර තිබිණි.
නීතිපති, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, පොලිස්පති එන්. කේ. ඉලංගකෝන්, අතරුගිරිය පොලිස් ස්ථානාධිපති එස්. සී. කේ. කේ. සේනානායක පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නම් කර ඇත.
එම පහරදීමේ සිද්ධියට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ වී ඇති බවට පිළිගත හැකි සාක්ෂි තිබියදී ඔහුට එරෙහිව නඩු පැවරීමට නීතිපති පියවර නොගැනීම ඔහු වෙත පැවරී ඇති රාජකාරි වගකීමක් යුතුකමක් පැහැරහැරීමක් සහ වරදක් යටපත් කිරීමට බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් යෑයි පෙත්සමේ සඳහන් කර ඇත.
පෙත්සමේ සඳහන් අන්දමට නිපුණ රාමනායක සිසුවාට පහරදීම සිදුව ඇත්තේ ඉකුත් අගෝස්තු 04 දායි. එදින සවස 3.00 ට පමණ රවිඳු ගුණවර්ධන හා පොලිස් නිලධාරීන් කීපදෙනකු තම පුතු නිපුණ පැහැරගෙන ගිය බව දුරකථන පණිවුඩයක් මගින් මවට දැනගන්නට ලැබුණු වහාම ඇය ඔහු සොයා අතුරුගිරිය පොලිසියට ගොස් ඇත. පුතා ගැන දැන ගැනීමට කොළඹ අපරාධ විමර්ශන ඒකකයට යන ලෙස අතුරුගිරිය පොලිසිය ඇයට දන්වා ඇත. ඒ අනුව ඇය දෙමටගොඩ පිහිටි එම අපරාධ විමර්ශන මූලස්ථානයට ගොස් ඇත. ඒ වන විට නිපුණ බැලීමට පැමිණි ඔහුගේ හිතවත් මිතුරන් පස්දෙනෙක් එහි සිට ඇත.
පසුව ඇය එම ගොඩනැඟිල්ලේ 03 වැනි තට්ටුවේ සිටි නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලයට කැඳවා ඇති අතර එහිදී පුතා ගැන විමසූ විට උදේ වරුවේ ඔහුගේ පුතාට පහර දී ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට සිදු වූ බව නියෝජ්‍ය පොලිස්පති ඇයට ද පවසා ඇත. පුතාගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බැවින් කිසිවෙක් ඔහුට පහර දෙන්නේ කෙසේදැයි නියෝජ්‍ය පොලිස්පතිගෙන් විමසූ විට මේක දුරදිග ගෙනියන්න ඕන නැහැ සමාදානයෙන් කරගනිමු. අවශ්‍ය නම් මුදලක් දෙන්නම් දරුවාට ඉගෙන ගන්න උදව් කරන්නම් යෑයි නියෝජ්‍ය පොලිස්පති ඇයට පවසා ඇත. නමුත් ඒ කිසිවක් බාරගැනීම ප්‍රතික්ෂේප කළ ඇය පුතා තමාට බාර දෙන්නැයි ඔහුගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත.
පසුව පුතා එහිදී තමාට බාරදුන් බවත් ඔහු ඒ අවස්ථාවේදී ඇවිද තමා ළඟට පැමිණියේ ඉතාමත් අමාරුවෙන් බවත් මුහුණේ අතේ සීරීම් තුවාල තිබුණු බවත් දැඩි ප්‍රහාරයකට භාජනය වී ඇති බව බැලූ බැල්මට පෙනී ගිය නිසා වහාම ඔහු රෝහලට ඇතුළත් කළ බවත් සති 2 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
තම පුතාට පහර දීමේ සිද්ධිය ගැන නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිඳට පුතාට හා පොලිසියේ තවත් 6 කට එරෙහිව මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවක් පවරා ඇති නමුත් සිද්ධියට හවුල් නියෝජ්‍ය පොලිස්පති නඩුවට සම්බන්ධ කර නැති බවත් ඔහුත් විත්තිකරුවකු කරන ලෙස නීතිපති පොලිස්පතිගෙන් කීපවතාවක් ලි�තව ඉල්ලීම් කළ නමුත් ඒ ඉල්ලීම මේ දක්වා ඉටු වී නැති බවත් පෙත්සමෙන් කියා සිටී.
පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, මාලනී ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ ලබන මස 04 දා සලකා බැලීමට නිස්යමිතය.