You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මෙතන ඉන්න SLIIT කොල්ලො සෙට් එකට පොඩි දෙයක් කියන්න ඕන. මාත් SLIIT කරපු එකෙක් තමයි. අපේ බැච් එකකින් 300-400 ක් අවුට් වෙනවා. ඒත් ඉන්ඩස්ට්‍රි එකට ගියාම අපේ එවුන් ගොඩක් දෙනෙක්ට වැඩේ අල්ලගන්න ගොඩක් කල් යනවා. බැච් එකකින් බොහොම සුළුතරයක් තමයි ගේමක් නැතුව වැඩේ කරගෙන යන්නෙ. අනික SLIIT බැච් එකකින් වැඩි හරියක් යන්නෙ Virtusa එකේ QA වලට. ඒකත් යන්නම තැනක් නැති නිසා. ඇයි එහෙම වෙන්නෙ ? මට දැනෙන විදියටනම් අපේ syllabus වල තියෙන්නෙ අවුරුදු 10 ක් විතර පරණ දේවල්. ඒත් Mora, UCSC වගේ එලියට එන කට්ටිය අලුත් දේවල් ගැන අපිට වඩා දන්නවා. ඒ කොහොම ඉගෙනගෙනද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඇත්ත ඒකයි. මට හිතෙන විදියට නම් Syllabus සෑහෙන්න වෙනස් වෙන්න ඕන. අඩු ගානෙ උඹලවත් තනියම හරි අලුත් දේවල් ඉගෙනගනිල්ලා මෙතන කෑ ගහන්නෙ නැතුව. .NET පැත්තට යන එවුන් MVC, WCF, WPF වගේ ඒවා ඉගෙන ගනිල්ලා. Java එවුන් JavaEE,Springs, JavaME, android වගේ ඒවා ඉගෙනගනිල්ලා. අනික තමයි SLIIT එකෙන් Intern දාන්නෙ නැති නිසා තමන්වත් කොහොමහරි හොයාගන්න ඕන. නැත්නම් out වෙනකොට දන්නෙ පොත පතේ දේවල් විතරයි. 
සහතික ඇත්ත යාළුවා...

රෙප්++