SLITAZ මෙහෙයුම් පද්දතිය

ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
SLITAZ මෙහෙයුම් පද්දතිය

Source:http://echinthana.blogspot.com/2010/10/slitaz.html

SLITAZ යනු 29 MB තරම් වෙන, අවශ්‍ය සියළුම මෘදුකාංග පැකේජ ඇතුලත්, පෙන් ඩ්‍රයිව් එකක උනත් ස්ථාපනය කර භාවිතා කරන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.

SLITAZ මෙහෙයුම් පද්දතිය කියන්නෙ ලිනක් පාදක නොමිලේ ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්දතියක්.මෙතනින් SLITAZ වෙබ් අඩවියට පිවිස SLITAZ මෙහෙයුම් පද්දතියේ නවතම සංස් කරණය වන SLITAZ 3.0 නොමිලේම DOWNLOAD කරගන්න.එමෙන්ම SLITAZ Live CD ෂංස්කරණයක්ද ලබා ගත හැක.

images2.jpg




SLITAZ කියන නමෙහි තේරුම තමයි Simple Light Incredible Temporary Autonomous Zone යන්න.SLITAZ හි ඇති විශේෂත්වය වන්නේ අනකුත් මෙහෙයුම් පද්දති මෙන් නොව ඉතා කුඩා ධෘරිතාවක් සහිත මෙහෙයුම් පද්දතියක් වීම.ඉතා අඩු පද්දති අවශ්‍යතාවක් තමයි අවශ්‍ය වෙන්නෙ SLITAZ ස්ථාපනය කරගන්න.එනම් 80 MB Hard Disk Space, Pentium 2 or Higher තරම් අඩු ධාරිතාවක්.

SLITAZ ධාරිතාවෙන් කුඩා වුවද ඉතා බලසම්පන්න මෙහෙයුම් පද්දතියක් වන්නේ ඔබට තුල එදිනෙදා කාර්යන් සිදු කර ගැනීමට අවශ්‍ය සියළුම මෘදුකාංග SLITAZ තුල ස්ථාපිතව පැවතීමයි.


එනම්


කාර්යාල කටයුතු සදහා - SLITAZ Office පැකේජය


ගැෆික් කටයුතු සදහා - SLITAZ Graphic මෘදුකාංගය


අන්තර්ජාල සැරිසැරුමට - Midori බ්‍රව්සරය


Multimedia කටයුතු සදහා - Alsa Mixer මෘදුකාංගය


CD / DVD Burning සදහාද - Alsa Mixer මෘදුකාංගය


Games, Mail Service, Calculator ඇතුළු බොහෝ දේ.


මීට අමතරව අපට අවශ්‍ය වෙනත් නොයෙකුත් Application අන්තර්ජාලය තුලින් නොමිලේම SLITAZ වෙත එක් කරගත හැක.


මීට අමතරව වැදගත්ම කරුණු වන්නේ SLITAZ තුල බොහෝ උපකරණ වල Drivers ඇතුලත්ව පවතී.අනෙක් කරුණ නම් SLITAZ තුලදී Drivers Install නොකර වුවද අදාල උපකරණයෙන් වැඩ කරගත හැකිවීමයි.තවද SLITAZ මෙහෙයුම් පද්දතිය වෙත වෛරස් බලපෑමක්ද ඇති වන්නේ නැත.


පහත දැක්වෙන්නේ SLITAZ මෙහෙයුම් පද්දතියේ Screen Shot එකකි.





SLITAZ ගමන් මග - SLITAZ මෙහෙයුම් පද්දතියෙ නිර්මාතෘ වෙන්නෙ ක්‍රිස්ට්‍රෝෆ ලින්ක් නම් මෘදුකාංග ඉංජිනේරුවරයා.ඔහු මෙම මෙහයුම් පද්දතිය නිපදවන්න පටන් අරගෙන තියෙන්නෙ 2006 වසරෙදි ඉන් වසර දෙකක් ගිය පසු එනම් 2008 මාර්තු 22 ඔහු SLITAZ 1.0 නමින් SLITAZ හි පළමුවන සංස්කරණය ලොවට ඉදිරිපත් කරා.මෙම මෙහෙයුම් පද්දතියෙ සුවිශේෂීතාවය නිසාම ලොව පුරා නන් දෙසින් SLITAZ වෙත සුභවාදී ප්‍රතිචාර පැමිණුනා ඉන් පසු ක්‍රිස්ට්‍රෝෆ ලින්ක් SLITAZ මෙහෙයුම් පද්දතිය Community Based මෘදුකාංගයක් [Community Based මෘදුකාංගයක් යනු ප්‍රජාව විසින් දියුනු කරනු ලබන මෘදුකාංගයකි] බවට පත් කරනු ලැබුවා.එතැන් සිට අද දක්වා ප්‍රජාවගේ සහය ඇතිව SLITAZ මෙහෙයුම් පද්දති දෙකක් එළිදක්වා තිබෙනවා ඒ 2009 අප්‍රේල් 16 වැනිදා පැමිණි SLITAZ 2.0 සහ දැනට භාවිතයේ ඇති නවතම සංස්කරණය වන 2010 මාර්තු 28 වැනිදා පැමිණි SLITAZ 3.0 ය.

SLITAZ ඉදිරිය - මේ වන විට SLITAZ මෙහෙයුම් පද්දතියේ හතරවන සංස්කරණය වන SLITAZ 4.0 තැනීමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා.එම සංස්කරණය හදුන්වන නම වන්නේ Cooking කියාය.