SLPL විකාශන අයිතිය CSN වෙත

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    SLPL විකාශන අයිතිය CSN වෙත

    CSN.PNG


    යෝෂිත රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ලංකාවේ ප්‍රථම ක්‍රීඩා නාලිකාව වන කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආරම්භ කෙරුණ බව අප පෙර ලිපියකින් හෙලිකලා.

    ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් (SLPL) ක්‍රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ස්වර්ණවාහිනියේ අනූෂට මාළු කඩේ ආපන ශාලාව
    FIsh-mrket.gif

    ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටන් නිෂ්පාදකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළ අනූෂ සංජීව මහතා හට පෑලියගොඩ නව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපන ශාලාව ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබාදි ඇතැයි වාර්තා වේ.

    මෙම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සමාරම්භක උත්සවය සැලැසුම් කරනු ලැබුවේද මොහු විසින් බව පැවසේ.

    අදාළ ආපන ශාලාවේ අලෙවි කරනු ලබන සිගරට්ටුවකින් රුපියලක ද, තේ කෝප්පයකින් රුපියල් තුනක ද ලාභයක් උපයන බවත් වාර්තා වේ.

    මෙහි දිනක ආදායම රුපියල් ලක්‍ෂ ගණනක් බවත්, එවැනි ගනුදෙනුවක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබාදීම සම්බන්ධයෙන් නව මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කතාබහට ලක්ව ඇතැයි පැවසේ.

    සංජීව ස්වර්ණවාහිනියෙන් ඉවත් කර ඇත්තේ රියැලිටි වැඩසටහනක ඇතිවූ ගැටළුවක් හේතුවෙන් නිසා බවද එම නාලිකා අභ්‍යනතර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නැගෙනහිර කණ්ඩායමේ නායකත්වය භාරගත් බව අෆ‍්‍රිඩි කියයි
    Shahid-Afridi.gif


    ශී‍්‍ර ලංකා ප‍්‍රමුඛ පෙල කි‍්‍රකට් තරගාවලියේදී නැගෙනහිර පිලේ නායකත්වය දැරීම තමන් භාරගත් බව පකිස්තාන එක්දින කණ්ඩායමේ නායක සහිඞ් අෆි‍්‍රඩි පවසයි.

    මේ වසරේ ජූලි සිට අගෝස්තු දක්වා පළමු වරට පැවැත්වෙන එම තරගාවලිය සඳහා ඔහු තෙවසරක කාලයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කොට ඇත.

    ඒ සඳහා මුල් වසරේදී ඔහුට ඩොලර් 35,000ක් ලැබෙනු ඇති අතර, 2012දී එය දෙගුණ වේ.

    එම තරගාවලිය සඳහා කණ්ඩායම් හතක් තරග වදිනු ඇත.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,057
    3,777
    113
    මුහුද පැත්තේ..
    CSN.PNG


    යෝෂිත රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ලංකාවේ ප්‍රථම ක්‍රීඩා නාලිකාව වන කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් ආරම්භ කෙරුණ බව අප පෙර ලිපියකින් හෙලිකලා.

    ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රමියර් ලිග් තරඟාවලියට සමානව මෙරදි පැවැත්වීමට නියමිත ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් (SLPL) ක්‍රීඩා තරඟාවලියේ විකාශන අයිතිය චැනල් අයි වෙත ලබා නොදී කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) වෙත ලබාදීමට මේවනවිට සැලසුම් සකස්කොට තිබේ.
    හුටා.......... ඒ කියන්නේ අපි SLPL බලල ඉවරද?:angry::angry: