දැන් ටෙලිකොම් එකෙන් vdsl දෙන්න ගත්ත කියමු.. එතකොට ෆයිබර් කේබල් උන්ගෙ ගානෙ දාල දෙනවද ? නෑනෙ.. ඒක ගන්න අපි සල්ලි දීල කියන්න වෙනව... ඒකට කීයක් යයිද.. අනික ආසියාවෙ අනික් රටවල vdsl වල ගණං ඇහුවහම පිස්සු හැදෙනව.. ඉන්දියාවෙ පකිස්ථානෙ වගේ රටවල ඔය ලයින් එකක් දෙන්නෙ 300$ විතර ගාණකට.. 300$ lkr වෙලා එද්දි කොහොමද සනීපෙ.. vdsl දිහා ආශ්චර්යයේ බලාපොරොත්තු දල්වාගෙන හිටියට උඹල මාසෙට ලක්ෂ ගණං ආදායම් උපයන අය නෙමේ නං vdsl කියන්නෙ හීනයක්.. අලුත් වචන වලට රැවටිලා බොරුවට අහස් මාලිගා හදන්න එපා... අනික ඉන්දියාවෙ දීල තියෙන්නෙත් ඔච්චර ස්පීඩ් තියෙන ලයින් එකකිං 100GB වගේ ඩේට ප්‍රමාණයක්.. විකිපීඩියා අනුව ආසියාවෙ අන්ලිමිටඩ් දීල තියෙන්නෙ හොං කොං වල විතරයි.. ලඞ්කාවෙ උන් ජීවිතේට හොං කොං වලිං ආදර්ශ ගන්නෑනෙ.. අන්ලිමිටඩ් කියල දීපු 512kbps හෝම් පැකේජ් එක හිටං 40GB වලට සීමා කරපු SLT එකෙන් vdsl කනෙක්ශන් වල ඩේට වැඩිම වුනොත් ඕන්නං 300GB විතර දෙයි.. ඔය ස්පීඩ් එක එක්ක 300ක් ලෙවකන්නද.. බොරුවට වේගෙ විතරයි.. වේගෙ දිහා බලාගෙන අඬන්න වෙන්නෙ.. අර ප්‍රේත වත්ථු වල තියෙන්නෙ වටේටම වතුර, ඒත් වතුර බොන්න කටක් නොපිහිටපු පෙරේතයො ගැන.. ඒ නිසා වටේටම වතුර තියෙද්දිත්, කෑම තියෙද්දිත් කන්න බොන්න බැරුව දුක් විඳින පෙරේතයො ඉන්නෙ.. ලඞ්කාවෙ මිනිස්සු විඳින්නෙත් ඒ වගේ ජීවිතයක්.. ස්පීඩ් එක දෙයි ඇමතියන්ගෙ පෙජරෝ වගේ.. ඒ වුනාට ඩේට සොච්චමයි.. ඉතිං අර පෙරේතයො වගේ ස්පීඩ් එක තියාගෙන විඳවන්න වෙන්නෙ.. තූඃ නොදකිං.. වෙබ් ෆැමිලි උන් උනත් දැන් ඔය පෙරේතයො ගානටනෙ විඳවන්නෙ.. ස්පීඩ් එක දෙනව 1MBps විතර.. ඒ වුනාට ජීබී 35යි.. ඒකෙත් දවල්ට ඇහැකි 25ක් විතර.. 1MBps තියාගෙන කට නැති පෙරේතයො වගේ විඳවනව.. මිනිස්සුන්ව පෙරේතයො ගානට පත් කරපු ශ්‍රී ලඞ්කා ටෙලිකොම් එකට හෙන ගහපිය..