මචං... මම දැන් SLT අරන් අවුරුදු 3ක් වෙනවා.. මේ මාසේ මුල වෙනකන් මට උපරිම download speed එක අවේ 160kBps.. මම හිතුවේ අපේ ගෙදරට දුර නිසා speed අඩු ඇති කියල.. ඒ නිසා මම complaint කරේ නෑ speed එක ගැන.. එත් මම ලගදී දැක්ක එයාල minimum 1Mbps speed එකක් දෙනවා කියලා... ඉතින් මම ඕන ලබ්බක් වෙන්න කියල complaint කරා. ඊට පස්සේ උන් call එකක් දාල කිව්වා හරි දැන් බලන්න කියල... ගෙවල් පැත්තේ වත් අවේ නැ.. මම speed check කරලා බැලුව... download speed එක 1MBps එනවා දැන්.. මගේ pakage එකේ max download speed එක 8Mbps (1MBps). බලාගෙන යනකොට මම උන්ගේ එතන වරදක් නිසා අවුරුදු 3ක් කට්ට කෑවා... උබෙත් මචං Minimum speed එක වත් නෑ මට පෙන්නේ.. call එකක් දාලා කියපන් "මට මගේ package එකට හරියන Minimum download speed එකවත් ලැබෙන්නේ නෑ කියල" උන් අනිවා මොනවහරි කරන්න ඕන.. නැත්නම් ගනින් වෙන internet connection එකක්.
