Smart_හෙල්මට්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ තමයි මෙතෙක් හැදු ස්මාර්ට්ම හෙල්මට් එක..!

    උපුටා ගත්තේ මෙතනින්




    Skully-Helmet-790x639.jpg






    මේ හෙල්මට් එක සාමාන්‍ය හෙල්මට් එකක් කියලා බැලු බැල්මට පෙනෙන්න පුළුවන්. ඒත් Skully AR-1 කියලා හඳුන්වන හෙල්මට් එකට ඔයාගේ ඔළුව ආරක්ෂා කරනවාට වඩා දේවල් කරන්න පුළුවන්.

    මේ හෙල්මට් එකේ ප්‍රධාන විශේෂත්වය වෙන්නේ ඉදිරිපස තිරයයි. විනිවිද පෙනෙන උසස් තත්වයේ ප්ලාස්ටික් වර්ගකින් තනා ඇති මේ තිරය මතට විවිධ තොරතුරු ප්‍රක්ශේපනය කරන්න පුළුවන්. ඒ නිසා ඔබ ගමන් ගන්නා වේගය, දිශාව වගේම ඉන්ධන තත්වය පිළිබඳවත් තොරතුරු කිසිදු අපහසුවකින් තොරව දැනගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබේ ජංගම දුරකථනයට සම්බන්ධ වෙලා ඔබට ලැබෙන දුරකථන පණිවුඩ ක්ෂණිකව ඔබේ හෙල්මට් එක වෙත ලබාගන්නටත් හැකියාව තියෙනවා. ඒ නිසා මෝටර් බයිසිකලය ධාවනය කරන විට ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දීම ඉතාමත් පහසු වෙලා.

    SKULLY-AR-1-MOTORCYCLE-HELMET-4.jpg


    ඒ විතරක් නෙවෙයි පසුපසින් එන වාහන පිළිබඳව දර්ශණත් ඉදිරිපස තිරය මතට ලබා දීමට හෙල්මටයේ පසුපස කැමරාව උපයෝගී වෙනවා. විශේෂ ආකාරයකට, විශේෂ අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපස නිමවා ඇති නිසා ඉදිරිපස තිරය සීරීම් වලට ඔරොත්තු දෙනවා මෙන්ම ආලෝකය හමුවේ දීප්තිමත් නොවීම නිසා රියදුරුගේ පෙනීමට බාධා සිදුවන්නේ නැහැ. මේ අපූරු තාක්ෂණික නිර්මාණය කරලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි කුඩා සමාගමක පිරිසක් විසින්.



    Bluetooth හරහා ජංගම දුරකථනය සම්බන්ධ විය හැකි නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමටත්, GPS සම්බන්ධතාවය හරහා Google Map වැනි location based apps භාවිත කරන්න පුළුවන්. කෙසේ වුවත් යම් හෙයකින් අන්තර්ජාල සම්බන්ධතාව බිඳවැටීමකදී හෙල්මටය තුලම ඇති මතකය තුල තොරතුරු ගබඩා කරගන්නටත් හැකියාව තිබෙනවා.

    skully-ar-1-helmet-01.jpg


    ජංගම දුරකථන සම්බන්ධතාව සමඟ කටයුතු කරන නිසා හෙල්මට් එකටම වෙන්වූ විවිධ apps රාශියක්ම නුදුරේදීම හඳුන්වා දීමටත් නියමිතයි. මේ අපූරු නිර්මාණය හරහා මෙතෙක් තාක්ෂණික වශයෙන් විශාල දියුණුවක් අත් විඳීමට නොහැකි වුනු මෝටර් සයිකල් ධාවකයින්ටත් තාක්ෂණයේ උපකාරය ලබාගන්නට හැකියාව ලැබෙනු ඇත.

    කෙසේ වෙතත් Skully AR-1 හෙල්මට් එකේ මිලනම් කුඩා මෝටර් සයිකලයක මිලට වඩා වැඩියි. Indiegogo වෙබ් අඩවිය හරහා මිලදී ගන්නට හැකියාව ඇති මෙහි හඳුන්වාදීමේ මිල රුපියල් වලින් ලක්ෂ 2කට ආසන්නයි.


    වීඩියෝ එක මෙතනින් බලන්න



    උපුටා ගත්තේ මෙතනින්


     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    patta

    මංකොල්ල කන ඔප්ෂන් එක තියනවද??????​


    :love::love:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle


    ෆුල් ෆේස් නෙමෙයි හෙට අන්ද්දට ලංකාවෙ නොමල් හෙල්ම්ටුත් තහනම් කරයි ඕක නම් ලංංකාවට හරි යන්නෙ නැ බන්:(