SmartPhone සොරුන්ට බය වෙන්න එපා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    SmartPhone සොරුන්ට බය වෙන්න එපා

    SmartPhone සොරුන්ට බය වෙන්න එපා


    android-5.0.jpg


    තාක්ෂණය දියුණුවත් එක්කම අපි භාවිත කරන උපකරණ හොද අතට වගේම නරක අතටත් භාවිත වන අවස්ථා වැඩිවෙනවා. අද වනවිට ස්මාර්ට්ෆෝන් උපාංග සොරකම් කිරිම් බහුලව දකින්න පුලුවන්. ලොව පුරා මෙම ක්‍රියාවලිය සිදුවන නිසා ස්මාර්ට්ෆෝන් පරශිලකයින් විවිධ ආකාරයේ ආරක්ෂණ ක්‍රම ස්මාර්ට්ෆෝන් වලට යොදන බව ඔබ දන්නවා

    සොරකම් කරන ලද ස්මාර්ට්ෆෝන් සොරාගත් කෙනාට ප්‍රයෝජනයක් ගන්න බැරි තත්ත්වයකට ගොඩනැගුවොතින් නම් එතරම්ම ගැටලුවක් වෙන්නේ නෑ. Apple සමාගම iOS 7 හි මේ සදහා kill-switch එකක් ඇතුලත් කරනු ලැබුවා. මෙම ක්‍රියාව කරන්න Google සමාගම කටයුතු කරන බව දැනගන්නට ලැබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය සමග අදහස් දක්විමන් Google කියා සිටියේ මීළග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය තුල “factory reset protection solution,” එකක් ඇතුලත් කරන බවයි. මොකද්ද ඒ? ඒ කියන්නේ කිසියම් කෙනෙක් ඔබේ ස්මාර්ට්ෆෝන් එක සොරාගත්තොතින් සරලවම ලොක් එකක් අන්ලොක් කිරිමකින් හෝ පවතින ඇප් එකක් ඉවත් කර ලොක් එක අන්ලොක් කර නැවත එය භාවිතයට ගන්න තත්ත්වයෙන් මිදිල ආරක්ෂිතම ක්‍රමවේදයක් ඔස්සේ සොරාගත් කෙනාට නැවත එය භාවිත කරන්නම බැරි වෙන විදියේ විශේෂාංගයක් හදුන්වාදිමටයි සූදානම

    කිසියම් කෙනෙක් ස්මාර්ට්ෆෝන් එකක් සොරාගත්තොතින් එහි කුමන ආරක්ෂණ ක්‍රම තිබ්බත් factory reset වැනි ක්‍රියාවලින් නැවත භාවිතයට ගැනීම සිදුවන අවස්ථාවන් පවතිනවා. මෙම ක්‍රමය මගහැරිමයි Google හි මීලග ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයෙහි අරමුණ වි තිබෙන්නේ.

    (droidslk)

     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙනම් ඕක release වෙන්න කලින් පුළුවන් තරම් phone උස්සන්න ඕනේ


    stock-vector-vector-illustration-of-cartoon-thief-130235285.jpg