.:|SMICE|:. කොටස් වෙලද පොලේ විකාශනය .:|SMICE|:.
~ From .:| Admin Of SMICE |:. ~
1896 වර්ශයේදි ඉන්ග්‍රීසි පාලකයන් විසින් කොටස් වෙලද පොල ඇති කරනු ලැබීය.මුල් අවස්තාවෙදි කොටස් වෙලද පොල මෙහයවනු ලබුවෙ "කොළඹ කොටස් තැරව් කරුවන්ගේ සන්ගමය" නමින් වු ආයතනයක් විසිනි.
1904 වර්ෂයේදී කොටස් වෙලද පොල මෙහයවන සන්විධානය වෙනස් වී ඇත.එතැන් සිට "කොලඹ බ්‍රෝකර් වරුන්ගේ සන්ගමය" විසින් මෙය මෙහෙයවනු ලැබීය.
වසර 80කට පසු එනම් 1984 වර්ෂයේදි කොලඹ කොටස් වෙලද පොලේ ප්‍රබල වෙනස්කම් 2ක් සිදු විය.
1.) සී/ස කොටස් තැරව්කරුවන්ගේ සන්ගමය නමින් නව බ්‍රොකර් වරුන්ගෙ සන්විධානයක් බිහිවී තවත් වෙලද බිමක් ඇරබීම.
2.) කොටස් වෙලද පොලේ ගනුදෙනු සදහා එතෙක් පැවති ලැයිස්තු කියවීමේ ක්‍රමය වෙනුවට හඩ නගා ලන්සු තැබීමෙ විවෘත වෙලද පොලක් බිහිවීම
1985 වර්ෂයෙදි නැවතත් වෙන වෙනම පැවති බ්‍රොකර් වරුන්ගේ සන්විධාන දෙක ඒකාබද්ද වී "සීමාසහිත කොලඹ ව්‍යාපාර වස්තු හුවමාරු ඇපකාර සමාගම" නමින් නව සන්විධානයක් පිහිටුවා ගන්නා ලදි.මෙහි සාමාජිකත්වය කොටස් තැරව්කාර සමාගම් 20කට පමනක් හිමිවී ඇත.
1991 වර්ෂයෙදි කොටස් වෙලද පොල කටයුතු සදහා "සී/ස මධ්‍යම තැන්පතු පෞද්ගලික සමාගම" නමින් වෙනමම සමාගමක් පිහිටවනු ලැබීය.එහි මුලු ප්‍රාග්ධනයම "කොලඹ ව්‍යාපාර වස්තු හුවමාරු සමාගම" විසින් යොදා එහි උප සමාගමක් වශයෙන් පිහිටුවා ඇත
1997 වර්ෂයෙදි කොටස් වෙලද පොල ගනුදෙනු සිදු කරන හඬ නගා ලංසු තැබීමෙ ක්‍රමය ඉවත් කොට දැනට ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය වෙලඳ ක්‍රමය පිහිටවනු ලැබීය.
~ From .:| Admin Of SMICE |:. ~
