SMS chanda machima!! meka balannako

asanka000

Member
Jan 28, 2009
510
2
0
රූපවාහිනියේ රියැලිටි රැුල්ල හරිම තරගකාරීය.සිංදු කියන්නට බැරි වුණත් එස් එම් එස් වැඩිම ප‍්‍රමාණයක් ලබන්නා ජයග‍්‍රාහකයාය.දැන් මේ ‘එස් එම් එස් වැඬේට’ තාරකාවන් විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. සිම් කාර්ඞ් මැෂින් එකක් යොදාගෙන තත්පරයට එස් එම් එස් එක ගණනේ සිම් 20 කින් එස් එම් එස් යැව්වොත් ඡුන්ද පැය ගණන තුළ කෙතරම් එස් එම් එස් යැවිය හැකිද?
මේ ගැන අත්හදා බලා සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත් ප‍්‍රසිද්ධ තාරකාවන් කිහිප දෙනෙකු ගැනම ගොසිප් ලංකා වෙත වාර්තා වනවා.
මෙම අපූරු මැෂිම නිර්මාණය කළ බව කියැවෙන්නේ නිශාන්ත වෙත්තසිංහ නමැත්තෙකි. මීට කලකට පෙර පැවති අයි.ටී.එන්. ‘රන් තරු’ තර`ගයේ දෙවෙනියා බවටද පත්වූයේ ඔහුය.තාරකාවක් බවට පත්වීමේ වංචනික ක‍්‍රියාව කෙසේ වෙතත් ඔහු වාසය කරන ඇහැළියගොඩ ප‍්‍රදේශයේ අසල් වැසියන්ව ඔහු රවටා ඇත්තේ අමුතුම ක‍්‍රමයකටය.ඔහු අසල්වැසියන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් හිතවත්කම පෙන්වා එකතුකරගෙන ගොස් ජංගම දුරකතන ආයතන මගින් සිම් කාර්ඞ් මිලට ගෙන තිබේ. අනතුරුව ඒවා යොදාගෙන තම ‘එස් එම් එස් ඡුන්ද මැෂිම’ පණ ගන්වා තිබේ.නිශාන්ත ඒ නිසාම තරුවක් වූයේය.මේ කිසිවක් නොදන්නා අසල් වැසියන්ට තරු විසි වූයේ මාසය අන්තිමට ලක්‍ෂයේ, ලක්‍ෂ එකහමාරේ ජංගම දුරකතන බිල්පත් ආවිටය.ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවක මහතාගේ බිලද එක් ලක්‍ෂ විසිනමදාහක් බවට වාර්තා විය.අසල් වැසියන් ඔහුට මේ ගැන පැමිණිලි කළත් ඔහු මේ වැඩය කළ බව පිළිනොගනී.තමන්ගේ නමට බිල ආ විට අනුන්ට එය පැවරිය නොහැකි බව දුරකතන සමාගම පවසයි.
එකම අංකයකින් එස් එම් එස් වැඩි ගණනක් යැවිය නොහැකි යයි මෙම තරග වලදී පුන පුනා කීවත් එය අසත්‍යයක් විය හැකි බවද මේ අනුව පෙනී යනවා.එසේම අලූත් සිම් වල ගාස්තු පැය 24කින් පසුව පමණක් අප්ඬේට් කරන බැවින් එම කාලය ඇතුළත සීමාව ඉක්මවා ඇමතුම් යැවීමේ හැකියාවද මෙහිදී නිශාන්ත පාවිච්චි කර තිබෙනවා.
නිශාන්තගේ එස් එම් එස් මැෂිම ඔහු පමණක් නොව තවත් තාරකාවන් ගණනාවකගේම ජනප‍්‍රියතාව වර්ධනය කර දුන් වටිනා භාණ්ඩයකි. නිශාන්ත මෙම සේවාව කලක් තිස්සේ කුලියටද සපයන්නෙකි.කලක් රටම කතාබහ කළ ‘උගත් බුද්ධිමත් ස්ටාර්’ගේ සාර්ථකත්වයේ රහස වූයේ මේ මැෂිම බවටද ආරංචි පළවෙනවා.

source include voice cuts
http://gossiplanka.blogspot.com/2009/10/controversial-dharma-deshana-at.html
 

asanka000

Member
Jan 28, 2009
510
2
0
10102909SMS_remote_control.jpg
 
Jan 24, 2009
3,532
130
0
යකඩෝ ලංකාවේ මාර වැඩ කාරයෝ නේ ඉන්නේ. මෙයා ගැන ඇමෙරිකාවෙ අය දැන ගත්තොත් ඇමෙරිකන් අයිඩල් යන අයට මේ මැශිම ලොකු ගානකට විකුනගන්න පුලුවන් වෙයි. :P :P