Same here.. ගොනා වගේ ඉන්න එකෙන් සුපිරිම ආතල් එකක් ගන්න ඕනෙ.රඟන එකෙන් වෙන්නේ තව එකෙක්, "මම කුහක නෑ, මම මූව අගයනව" (බොරු කොමෙන්ට්ස්) කියල පේන්න අගයලා, යටින් "අපෝ මුගේ XXXXX" කියලා උබ ගැන ඉරිසියා කාරයෙක් වැඩි කරගන්න එක විතරයි. අනික එහෙම බොරු කමෙන්ට් නිසා උබ මොටිවේට් වෙනව නම් අවුලක් නෑ, හැබැයි ඔවා තාවකාලිකයි. අනික වටෙට වට වෙන්නෙත් බොරුවෙන් රඟන උන්ම විතරයි, උන්ටත් ඔනේ කැපී පෙන්න විතරයි. අනික උබ අනිත් එකාගේ පිනවීමට කියල හිතාගෙන සහෙන්න අමාරුවෙන් ජීවත් වෙනවා.
මගෙ නම් ආතල් එක, මොකුත් ම නෑ වගේ ඉන්න එක, එහෙම ඉද්දී මෙහෙම උනාම කොහොමද......
දවසක් එකෙක් වෙඩිමකට ඇවිත් උගේ පම්පොරිය ගහුව, ඉස්කෝලෙ යාලුවෙක්, ඔය වගේ රඟන එකෙක්, උගේ බයිල අහල ඉවර වෙලා ගෙදර යන්න පිටත් උනාම උගේ වාහනේ නවත්තලා තිබුනේ මගේ එකට එහා පැත්තෙ, මගේ ඒක දැකපුවම ඌගේ මූනේ රිඇක්ශන් එක මරු.
තව බුවෙක් ඩිජිටල් ලොකේ, කොම්පියුටර් අනන් මනන් ගැන ලොකු ටොක් දුන්න සියල්ල දත් වගෙ, හැබැයි ඌ දන්නෙ සහෙන්න පොඩි ටිකක්, ඒ වදන් මතක් කරන් තාම හිනා වෙලා ලේපිරිසිදු කරගන්නවා.
රඟල වැඩක් නෑ බන්. ආතල් එකේ ඉඳපන්.
මොන රැගිලි ද බං මට මේ ලගදි මරු වැඩක් උනා සැඩල් දෙක කැඩුන ගෙදර එන ගමන් කීල්ස් එකට යන්න ත් තිබ්බ මම ඔහේ සෙරප්පු නැතිව ගිහිල්ල බඩු ටික අරන් ආව. එක එකා බල බල ලග උන්ට කියෝනව දැක්ක මම. මට නෙමේ වගේ ආතල් එකේ මගෙ වැඩේ කරන් අව. එන ගමන් තනියම හිනා වෙවී ආව ඕක මතක් කරන්
