Social networks block

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මේ දිනවල රටේ උද්ගතව ඇති ගැටලුකාරී වාතාවරණය පහව යනතුරු සමාජ ජාලා කිහිපයක් අවහිර කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොවනු ඇතැයි වාර්තා පළවේ.
    ඒ සම්බන්ධ නිරීක්ෂණ වාර්තා වල පවතින භයානක තත්වය මත තවදුරටත් තහනම පවත්වා යන්නට රජයට සිදුව ඇතැයිද පැවසේ.
    මෙම තහනම සම්බන්ධයෙන්
    ජනපති කාර්යාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ හරේන්ද්‍ර දසනායක මහතා ඇමරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබාදී තිබෙන අතර ඔහු පවසන්නේ 100 කට වඩා වැඩි හානි කර සමාජ ජාලා පිටු හා කණ්ඩායම් ගැන නිරීක්ෂණ වාර්තාවී ඇති බවත් මේ ගැන සියුම් විශ්ලේෂණයක් කර තීරණ ගන්නා තුරු තහනම දිගටම බලපවත්වනු ඇති බවයි.

    මෙම සමාජ ජාලා තහනම මුලින්ම යොදාගත්තේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම හා ජාතිවාදය ඇවිස්සවීම වැනි දේ වැළැක්වීමට වුවත් වැඩිදුර නිරීක්ෂණයේදී ඇතැම් ෆේස් බුක් පිටු හා වට්ස් ඇප් කණ්ඩායම් මගින් ප්‍රචණ්ඩත්වය සෘජුවම භාවිත

    කරවීමද නිරීක්ෂණය වී ඇත. එක්තරා පිටුවක හඩපටද සහිතව පෙට්‍රල් බෝම්බ නිර්මාණය කරන අයුරු පියවරින් පියවර විස්තර කර තිබී ඇත්තේ මෙම ගැටුම අතරතුර ගිනි තැබීම් කිරීමට ඒවා යොදවන්නට උදව් සපයමිනි.

    මේ වනවිට තහනමට පෙර ක්‍රියාශීලීවූ කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවද වාර්තාවේ. දැනට අත්අඩංගුවට ගත් අය සිංහල බෞද්ධ පමණක් බවට මේවනවිට ඇතැමුන් චෝදනා කරන නමුත්‘මුස්ලිම් මීඩියා‘ නමැති ලක්ෂ තුනකට වැඩි සාමාජිකයින් සිටින සමූහයේ කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ම පොලිස් ඇස යොමුවී ඇතැයිද දැනගන්නට ලැබේ.

    ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත.

    දැනට පවතින හදිසි තත්වය දින 14 ක් දක්වා පවත්වා යාමෙන් පසු නැවත පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් දීර්ඝ කළ හැකි වන අතර සමාජ මාධ්‍ය තහනම මෙම සියලු තත්වයන් සමනය වීම දක්වා ඇතැම්විට පැවතිය හැකි බවටද වාර්තා පළව තිබේ.
    පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පසුගිය 2017 වසරේ ඉන්දියාවේ ජම්මු කාශ්මීර ගැටුම් පැවති අවස්ථාවක ඉන්දියාව සමාජ මාධ්‍ය 22 ක් මාසයක කාලයකට තහනමකට ලක් කළ අතර එතුළින් ආරක්ෂාවට උදව් සැපයුණ බව සමීක්ෂණ වලින් පෙන්වාදී තිබුණි.





    පවුල් සැලසුම් ක්‍රමයක් කියල ළමයෙක් හම්බුනාම ළමයාගේ ඔලුවට පොල්ලෙන් ගහල මරල,

    ජන සංගණන සමීක්ෂණයක් කරල කියනවා මේ පොල්ලෙන් ගහල ළමයි මරණ පවුල් සැලසුම් ක්‍රමයේ සාර්ථක ප්‍රතිපල තියෙනවා කිව්වා වගේ


    හැබැයි උන්ට මේකේ දේශපාලන බොරු වපුරන්න පාවිච්චි කරන්න හොඳයි අනික් වෙලාවට මේවා Ban


    btw ඔය නිව්ස් එකේ සෝස් එක මොකක්ද?
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ෆේස් බුක් ආයතනය මෙම ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසියට උදව් ලබාදෙන අතර වෙනම පද්ධතියකින් ඇතුළුවී අදාළ පුද්ගලයින් හා සමූහ පිළිබද අභ්‍යන්තර තොරතුරු ලාබාදීමට සමත් පිවිසුමක් සපයා දී ඇත. එම විශ්ලේෂණයේ ප්‍රතිඵල අනුව අයිපී ලිපිනයන් ගැන තොරතුරු හා මකාදමන්නට අවශ්‍ය දේ සම්බන්ධයෙන් අවශ්‍ය සහාය ලබාදී ඇත.
    :shocked::shocked::shocked:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Kattiyata amathakai baleta aweth oken boru wapurala kiyala.. dan bale nethi wei kiyala ewa banned karanava
     

    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    එලකිරි එකත් සෑහෙන්න කාලයක් බ්ලොක් වෙනවා