Software ඉන්ටර්න්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    SLIIT-Convocation-2023-1.jpg



    SE ඉන්ටර්න් අයව ලංකාවේ තියන නීතියට අනුව පුද්ගලික සමාගම්වල සේවයට බඳවා ගැනීම් අනිවාර්ය කරන්න නීති කෙටුම්පත් සකස් වෙන්න ඕනේ කියල ෆේස්බුක් එකේ ගෘප් එකක සාකච්චාවක් ගියා.

    ගොඩක් company වල ඉන්ටර්න් SE අයගෙන් Software Development ගැන ගොඩක් තදට ප්‍රශ්න අහනවා කියල චෝදනා එල්ල වෙනවා. හොඳ දැනුමක් තියන සහ වැඩ කරන්න පුළුවන් අය විතරක් බඳවා ගැනීම අනෙකුත් සිසුන්ට කෙරෙන බලවත් අසාධාරණයකි. අඩු දැනුමැති සහ මධ්‍යම ප්‍රමාණයේ දැනුමැති අයව හලලා අඩු පඩියකට හොද දැනුමක් තියන අය බඳවා ගැනීම තුල අසාධාරනයක් තියනව නේද. ඉන්ටර්න්වරයෙක් කියන්නේ පළපුරුදු තියන දක්ෂ අය කියල සමාගම්වලින් බලාපොරොත්තු වීම ගොඩක් අසාධාරණයි.

    මේ පෝස්ට් එක දාන්න හේතුව අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ Final year ඉන්නේ. ඒත් උට තවම ඉන්ටර්න් එකක් හොයා ගන්න බැරිව දඟලනවා. හැම තැන්නම යනවා ඉන්ටර්විව්. ඒත් ගිය තැන්වලින් අහන්නේ associate SE ලෙවෙල් එකේ උන්ගෙන් අහන්න ඕනේ ප්‍රශ්න. පව් ඉතින්. මේ වගේ අයට සාධාරණයක් රාජ්‍ය මට්ටමෙන් ඉටු වෙන්න ඕනේ කියන මතේ තමයි මම නම් ඉන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් සම්පුර්ණ කිරීම අනිවාර්ය නොකරන්න ඕනේ. දැන් බලන්න කීදෙනෙක් ඉන්නවද ඉන්ටර්න් හොයා ගන්න අපහසුකම තවම උපාධිය ගන්න බැරුව ඉන්නවා.

    ගෘප් එකේ සාකච්චා කරගත් පරිදි පහත සඳහන් දේවල් නියාමනය වෙන්න ඕනේ.

    1. ලංකාවේ රජයේ හෝ පුද්ගලික අධ්‍යාපන ආයතනයක උපාධියක් හදාරන සෑම ශිෂ්‍යකුටම ඉන්ටර්න්ෂිප් එකක් අනිවාර්යයෙන්ම හිමි විය යුතු වෙනවා. එය සමාගමේ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව හිමි විය යතු වෙනවා. විශ්ව විදියාලයේ අධ්‍යාපනය ලබන සෑම සිසුවෙක්ම නියමිත කෝටවකට අනුව අනිවාර්ය බඳවා ගැනීම් කල යුතු වෙනවා. ඒ සඳහා කම්කරු නීති ප්‍රති සංශෝදනයට ලක් කල යුතු වෙනවා.

    2.එමෙන්ම අධ්‍යාපනය නිම කරන සියලුම සිසුන්ට පුද්ගලික අංශයේ හෝ රජයේ රැකියාවක් ලැබීම අනිවාර්ය කරන්න ඕනේ. මොකද ඔවුන් විශාල වශයෙන් මුදල් වියදම් කරලා සහ තමන්ගේ ශ්‍රමය කැප කරලා තමයි උපාධිය ගන්නේ. නුගත් මිනිස්සුන්ට නිකන් රැකියාවල් ලැබෙනකොට උගත් මිනිහට සුදුසු රැකියාවක් ලංකාවේ නැහැ.

    3. සෑම ඉන්ටර්න් සිසුවෙකුගේම මාසික වැටුප අවම වශයෙන් රුපියල් 100,000 වඩා වැඩි විය යුතු වෙන්න ඕනේ.

    4. එමෙන්ම නියමිත ආකාරයට EPF සහ ETF හිමි විය යුතු වෙන්න ඕනේ.

    5 . අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් අනිවාර්ය study leaves හිමි වන්න ඕනේ.

    6. ඉන්ටර්න් රැකියා ලබා දීම ප්‍රතික්ෂේප්ප කරන සමාගම් වලට එරහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කම්කරු නීති සංශෝදනය වෙන්න ඕනේ

    7. මෙවැනි නීති සකසන්න අපහසු නම් ඉන්ටර්ශිප් අනිවාර්ය කිරිම නොකිරීමට සියලුම පුද්ගලික සහ රාජ්‍ය විශ්ව විද්‍යාල තීරණය කරන්න ඕනේ.


    මේ පිළිබඳව එළකිරි ඔබලාගේ අදහස කුමක්ද
    කොහෙද බන් එහෙම නීති හදන්නෙ. හරි නම් ගොඩක් උන් ආයතනයට ගෙවන්න ඔනි ඉන්ටර්න් එකක් දෙනවට.

    ඉන්ටර්න් එකක් කරන්න කියන්නෙ ඉන්ඩස්ට්‍රි එකේ පළපුරුද්ද ලබා ගන්න මිසක වෙන අලගෙඩියක නෙමෙයි.
    ඔහොම ගියොත් ටික දවසකින් කියයි, ඉන්ටර්න් ගත්ත නම් පර්මනන්ට් කරන්න අනිවාර්‍ය කරන්න කියලත්.

    ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනව නම් සප්ලයි එකට රිසෝස් මදි නම් ඉන්ටර්න් ලට ලසෙ නෙමෙයි දෙකක් ගෙවල ගනී. ඒත් දන්නවද ඉන්ඩස්ට්‍රි එකට කාලයක් පවතින්න තරම් දැන් වැඩ එන්නෙ නැ.. ඒකට එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. හැබැයි ඒකට එක හේතුවක් වෙච්ච freelnce කියන ක්‍රමයෙන් ඔයාට උනත් යමක් හම්බ කරන්න පුළුවන්.

    ඔය ලොකු ඩිමාන්ඩ් පැත්තක තියලා නොමිලේ හරි වැඩ කරපන් හරි හ්මන් වැඩ තියෙන කොම්පැණියක නොමිලේ හරි මාස 06ක් හෝ අවුරුද්දක්. එහෙමත් මොකවත් කරන්න බැරි උන් නම් වෙන අතක් බලාගන්න එක සැපයි, ලංකාව දෙකයි පනහෙ IT මාකට් එකක් නොකර.
    ඔයාගෙ ස්මහර ඉල්ලීම් නිසා වෙන්නෙ ලෝ කොලිටි IT කාරයින් පිටිසක් බිහිවීම විතරයි.
    1. මෝඩ අදහසක්, ඔයාලට එකතුවෙන්න IT කියලා ඉන්ඩස්ට්‍රි එකක් හදපු හදන පුද්ගලික ආයතන වලින් ඩිමාන්ඩ් ක්රන්න ඔයා ඉගෙන ගන්න ශිශ්‍යයෙක් ට තියෙන සුදුසු කම මොකද්ද?
    රජයේ විශ්වවිද්‍යාල වලින් රාජ්‍ය අංශයෙ පුරප්පාඩු පුරවන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න බල කරාට නම් කමක් නෑ.
    2. මුදල් වියදම් කරලා කරන එව්වගැන අදාළ අධ්‍යාපන ආයතන වලින් ඉල්ලීමක් කරන එක උනත් ප්‍රායෝගික නෑ.. ඉතිම් කොහොමද අනිවාර්ය කරන්නෙ. එතකොට අවුරුද්දක් ගානෙ ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෑන්ඩ් කරන වගකීම ඔයා කියන විදිහට කව්ද ගන්නෙ ? රජය ද ? රජය ඔයාට ඔය කරන ඩිග්‍රිය කරන්න බල කරාද ? නැත්නම් IT කොම්පැණිද ? එයාලා ඔයාට බල කරාද ?
    3. ඇයි කොම්පැණි ට්‍රේන් වෙන්න එන කෙනෙක්ට එහෙම වියදම්කරන්න ඕනෙ ? වැඩ ඉගෙන ගෙන වැඩි පඩියකට වෙන තැනකට යන මානසිකත්වය හදාගන්න බලන්න. වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් වැඩි පඩියක් දීලා තියාගන්න එක ආයතනයකට ලාබයි. ඉන්ටර්න් කෙනෙක් ගෙ වටිනාකම තීරණය වෙන්නෙ තමන්ගෙ හැකියාවන් මත විතරයි.
    4. දෙයක් බලාපොරොත්තු වෙන්න ඩිමාන්ඩ් කරන්න තරම් තත්වයක තමන් ඉන්නවද කියල මුලින් හිතල බලන්න. EPF,ETF වගේ දෙයක් ඉන්ටර්න් එකකට අනිවාර්‍ය කරන එක ඇතුළෙම අවස්ථාවන් අහිමිවෙන්න තියෙන ඉඩ නැති වෙනවා. කාටවත් ආයතන වලට බල කරන්න පුළුවන් කමක් නෑ.. තමන්ට කැමති නම් Contract Basis ඇග්‍රිමන් එකක් ගහන්න කියල කියයි.
    5. එහෙමත් කොම්පැණියක් තමයි ඕක නොදී ඉන්නෙ... ඒත් තමන්ගෙ සීමාව දැනගෙන ඉන්න ඕනි,දෙයක් ඉල්ල
    ා හිටින්න කලින්. මේ තියෙන තත්වය යටතේ ඔහොම එකක් අහන එකත් ප්‍රශ්නයක්. රැකියාවක් කරන ගමන් ඉහෙන ගන්න මානසිකත්වය සමහරුන්ට එන්නෙ පිටරටකට ගියාම විතරයි, ඒක ලංකාවෙදිත් කරල බලන්න උපාධියට වියදම් කරන සල්ලි වලින් පුළුවන් නම් ගෙදරට අස්වැසිල්ලක් වෙන්න බලන්න එගෙම කරලා.
    6. ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් නොදෙන රටක, ඔහොම එකක් කරන්න වෙන්නෙ තියෙන කොම්පැණි අතළොස්සරටින් එළවගන්න බලාගෙන තමයි ඉතිම්.
    7. රාජ්‍ය කෙසේ වෙතත් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් දෙන උපාධියට තියෙන පිළිගැනීමට හානියක් වෙන දෙයක් නිසා මේක වෙන්නෙ නෑ.

    ප්‍රශ්නයක් තියෙනවා, ඒත් විසඳුම ඔයාගෙ පෝස්ට් එකෙ නෑ. විකල්ප ක්‍රම හොයන්න, මහන්සි වෙන්න ඉගෙන ගන්න වැඩ කරන්න.
    කවුරු හරි කමක් නෑ ඩිග්‍රිය කරනව නම් හෝ ඩිග්‍රියක් තියෙනව නම් කියන මානසිකත්වෙන් ආයතන තමන්ගෙ කාලය මුදල් වැය කරන්නේ නැත. අනෙකාගෙ කෝණයෙන් බලන්න පුරුදු වෙන්න...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මේක ජෝක් එකට දාපු එකක් වෙන්න ඇති. හැබැයි මේකෙ ඇත්තටම සිද්ද වෙන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව.

    එකක් කැම්පස් වලින් intern හොයල දෙන්න ඕනෙ.