Comment:
Chathura Alwis මේ වගේ අමු තක්කඩි එක්ක interview කරන්න කලින් ඔයා හොඳට homework කරලා එන්න. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාට මෙයාගෙන් අහන්න තිබ්බා ඔය කියන පොඩි බැටරියකින් දවසකට යුනිට් කීයක් CEB එකට දෙන්න පුළුවන්ද, ඒ පොඩි බැටරියක මිළ කීයද කියන එක, ඒකෙ ආයු කාලය සහ ROI එක, එතකොට දැන් සෝලා ගහලා තියන කෙනෙකුට ඔය කියන පොඩි බැටරිය විතරක් දාලා මේ ක්‍රමයට යන්න පුළුවන්ද කියන එක, ඒකට තව ලක්ෂ 4ක් විතර වියදම් කරලා හයිබ්‍රිඩ් ඉන්වර්ටරයක් දාන්න ඕන නැතිද කියන එක, ඒ කියන්නෙ 5kW සෝලා එකක් ගහපු කෙනෙකුටත් මේ ක්‍රමයට මාරු වෙන්න නම් අඩුම තව ලක්ෂ 10ක් වත් වියදම් කරන්න ඕන කියන එක, එහෙම වියදම් කරලත් ඒකෙන් ඔය 45.80 රේට් එකට දවසකට ගන්න පුළුවන් උපරිම ආදායම රු 225 ක් නේද කියන එක, එහෙම බැලුවම මේක දාන වියදම කවර් කර ගන්නත් අවුරුදු 10ක් විතර යනවා කියන එක, එතකොට බැටරිය ඒ වෙනකම් full capacity එකෙන් තියනවද කියන එක. ඔය වගේ ප්‍රශ්න ටිකක් ඔයා ඇහුවනම් ඔය තක්කඩින්ගෙ රෙදි ගැලවෙනවා. ඔය කරන්නෙ මණ්ඩලේ සෝලා විදුලියට තිත තියපු එක වහගන්න 45.80 ගාන විතරක් පෙන්නලා පොදු ජනතාව අන්දන එක. ඔය පසුබිම් දැනුම නැතිව මෙයාලව interview කරන එකෙන් වෙන්නෙ ඔයත් ඒ ඇන්දිල්ලට හවුල් වෙන එක.
CEB එකේ තක්කඩින්ට Solar හින්දා වැදුන වැදිල්ල සෑහෙන්න දරුණුයි. ඉස්සර වගේ හදිසි මිළදී ගැනීම්, ඩීසල් බලාගාරවලින් එන සල්ලි කුට්ටි ගන්න එක කරන්න අමාරුයි මේ solar වැඩෙත් එක්ක. මොකද ජලාශවලට වැස්ස අඩු කාලවලට සෝලා ටිකෙන් හොඳට generate වෙනවනේ. ඉතින් දැන් smart විදියට සෝලා කප්පාදු කරන එක තමයි මේ කරන්නෙ. මොකද මේ තක්කඩි දන්නවා මේක කියන දේ කාටවත් ලාබදායක විදියට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. මෙතන මේ ඩොලර් ගැන, රටේ ධනය අහිමි වෙන එක ගැන බොරුවට වැලලුනාට එහෙනම් කරන්න තිබ්බෙ දැන් මේ බැටරි ගෙන්නලා අවුරුදු 5-6කින් ඕවා පොලවට පස් කරලා ඒවයෙ තියන විනාශකාරී බැර ලෝහ ටික පොලවට වතුරට එකතු කරන එක නෙවෙයි. අවුරුදු දහයකටත් වැඩි කාලයක් තිස්සෙ ජනන සැලසුම්වල තිබ්බ ජල බැටරි (Pump Hydro) ව්‍යාපෘති මේ වෙනකොට කරන එක. එහෙනම් සෝලා කප්පාදු කරන්න දෙයක් නෑ. පහුගිය අවුරුදු 30ක කාලය තුල ඔය CEB එකේ හිටපු DGMලගෙන් උඩ නිලධාරීන්ගෙ සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ඇමතිලා සහ අතිරේක ලේකම්ලගෙන් උඩ කට්ටියගෙ වත්කම් පරීක්ෂා කලා නම් ඔතන බහුතරය මේ වෙද්දි හිරේ. ආණ්ඩුව මාරු උනා කියලා ඔය ක්ෂේත්‍රයේ වංචා දූෂණවල ලොකු වෙනසක් වෙන්නෙ නෑ ඉතින්
