Son of Blackbird

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    SR 72 - Son of Blackbird

    SR-72-LockheedMartin.jpg



    ලොව වේගවත්ම කළු කුරුල්ලා - SR 71 Blackbird

    SR-71A_04.jpg




    ලෝකයේ වේගවත්ම ගුවන්යානය ලෙස තවමත් බිඳ නොහෙළුනු වාර්තාවලට හිමිකම් කියන්නේ එකසත් ජනපද ගුවන්හමුදාව හා සී.අයි.ඒ ඒජන්සිය ඔත්තුබැලීම සඳහා භාවිතාකල, ශබ්දයේ වේගය මෙන් තුන්ගුණයක (Mach 3) වේගයකින් පියාසර කල හැකි SR-71 ගුවන්යානයයි. අමෙරිකාවේ ලොක් හීඩ් සමාගම නිපදවූ මෙය නිර්මාණය කලේ ලෝක පූජිත අධිවේගී ජෙට්යානා නිර්මාපකයෙකු වූ ක්ලැරන්ස් ලියොනාර්ඩ් ජොන්සන් හෙවත් කෙලී ජොන්සන් විසිනි. ඔත්තු බැලීමේ කටයුතු වලදී තවත් සුප්‍රකට ගුවන්යානයක් වූ, සී.අයි.ඒ ඒජන්සිය වෙනුවෙන්ම නිපදවූ U2 ගුවන්යානය නිර්මාණය කරන ලද්දේද කෙලී ජොන්සන් විසිනි. 1999දී විශ්‍රාම යැවෙන තෙක්ම කෙලී ජොන්සන්ගේ SR 71 ලොව වේගවත්ම ගුවන්යානය ලෙස කිරුළ හිමි කරගෙන සිටි අතර, අදටද එම කිරුළට උරුමකම් කියන්නට තරම් වේගවත් ගුවන්යානයක් නොමැත.

    SR 71 යානය හදිසියේම වාගේ 1999දී විශ්‍රාම ගැන්වූවිට ලොව ගුවන්තාක්ශණ විශේෂඥයින් ප්‍රකාශ කලේ අමෙරිකාව SR 71ටත් වඩා වේගවත් යානයක් නිර්මාණය කොට ඇති නිසා මේ විශ්‍රාම ගැන්වීම් සිදුකල බවයි. 1980ගණන් වල සිටම මක් 5 වැනි අධික වේගයකින් පියාසර කල හැකි බවට උපකල්පණය කල අව්රෝරා (Aurora) නැමැති සුපිරි ගුවන් යානයක් ගැන විවිධ වාර්තා පලවෙමින් තිබුණා.



    Aurora ජනප්‍රවාදය

    4.JPG37d8be35-c84b-4d20-aabc-a52c8ec43376Large.jpg


    මෙම වාර්තාවලට පදනම්වූ කරුණු කිහිපයක්ම තිබුණා. එකක් නම් 1985දී එක්සත් ජනපද අයවැයෙන් ගුවන්හමුදාවට හමුදාවට වෙන්කල මුදල් රාශිය අතර අව්රෝරා නම් ව්‍යාපෘතියකට ඩොලර් මිලියන 455ක් වෙන්කොට ඇති බව දක්වා තිබුණා. අව්රෝරා ව්‍යාපෘතිය කුමක්දැයි විස්තර කොට නොතිබුණේ එම ව්‍යාපෘතිය රහසිගත කලු ව්‍යාපෘති (black projects) යටතේ අඩංගුකොට තිබුණු බැවිනුයි. මෙම අයවැය අයිතමය SR 71 අනුප්‍රාප්තිකයා වන අව්රෝරා අධිවේගී ගුවන්යානය වෙනුවෙන් වෙන්කල මුදල් බව එවක ජනප්‍රිය මතය වූවා.

    අව්රෝරා යානය පිලිබඳ විවාදය යලිත් අලුත්වුනේ 1989දී මහා බ්‍රිතාන්‍යයේ උතුරු මුහුදේ (North Sea) තෙල් ලිඳක ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කල ක්‍රිස් ගිබ්සන් හා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු අහසේ ගමන්කල ත්‍රිකෝණාකාර හැඩයක් ගත් අත්භූත යානයක් නිරීක්ශණය කලා. මෙම යානයට ගුවනේදීම KC-135 ස්ට්‍රැටෝටෑංකර් යානයකින් ඉන්ධන පුරවමින් සිටි අතර එම ත්‍රිකෝණාකාර යානයට ආරක්ශාව සපයමින් F-111 ප්‍රහාරක යානා දෙකක් පියාසර කරමින් තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ බොහෝකලක් සේවය කරමින් සිට විශ්‍රාම ගිය ක්‍රිස් ගිබ්සන්ට ලොව ඕනෑම ගුවන් හමුදාවකට අයත් යානයක් හඳුනාගැනීමේ විශේෂඥ

    c89e50f6321bb8c0c7059af768ab713f.gif

    Aurora: North Sea Sighting

    පුහුණුව තිබූ බැවිනුත්, ත්‍රිකෝණාකාර යානාව කුමක්දැයි හඳුනා ගැනීමට ඔහු අපොහොසත් වුනු බැවුණුත් එම යානයාව අව්රෝරා යානාවේ පරීක්ශණ පියාසැරියක් බව බොහෝදෙන විශ්වාස කලා. මේ අතර අමෙරිකාව හා බ්‍රිතාන්‍යය මෙවැනි ගුවන්යානයක් හෝ පියාසැරියක් පිලිබඳව තමන් නොදන්නා බව ප්‍රකාශ කලා. රහසිගත යානා පියාසැරි දර්ශණ පිලිබඳ සත්‍ය තොරතුරු හෙලි නොකිරීම මෙම රටවල් වල ප්‍රතිපත්තිය බැවින් එම රජයන් සිදුකල ප්‍රකාශ පිලිගැනීම විචාරකයින් ප්‍රතික්ශේප කලා.

    මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් 1991 වසරේදී අස්වාභාවික sonic boom හෙවත් අධිවේගී ගුවන්යානා ශබ්දයේ වේගය ඉක්මවන විට ඇසෙන පිපිරුම් ශබ්ද වාර්තාවුනා. නිතරම දරුණු භූමිකම්පා සිදුවන බැවින් කැලිෆෝනියා ප්‍රාන්තය පුරා ස්ථාන රාශියක භූකම්පණ මාන සවිකොට ඇති අතර එම භූකම්පණ මාන මෙම ගුවන්යානා sonic booms ද කම්පණ ලෙස සටහන් කරගන්නවා. මෙම කම්පණ මාන සටහන් පරීක්ශාකල භූකම්පණ හා ශබ්දකම්පණ වීශේෂඥයින් එම කම්පණ අමෙරිකාව සතුව ඇති, දැනට දන්නා ගුවන්යානා හෝ ශටල් යානය වැනි අභ්‍යවකාශ යානා වලින් නිකුත්වන ශබ්දකම්පණ සටහන් වලට වඩා බොහෝ වෙනස් බව වාර්තා කලා. එම කම්පණ පොලොවට අඩි 90,000ක් (24 km) ඉහලින් මක් 4-5 අතර වේගයකින් ගමන්කල යානයකින් නිකුත්වූ ශබ්දකම්පණ බවට මෙම විශේෂඥයින් නිගමනය කලා. අමෙරිකානු ගුවන් හමුදාව හෝ නාසා ආයතනය මෙය තමන් සතු යානයක් නොවන බව ප්‍රකාශ කල හෙයින් එය අව්රෝරා අධිවේගී යානයේ පියාසැරි වලින් නිකුත්වූ බවට විශ්වාස කෙරුනා

    Lockheed SR 72 - Son of Blackbird

    අව්රෝරා යානය පිලිබඳව 1980ගණන් වල සිට පැවති ජනප්‍රවාදය තහවුරු කල හැකි තරමේ ගුවන්යානයක් තවමත් එක්සත් ජනපද ගුවන්හමුදාව හෝ සී අයි ඒ ඒජන්සිය එලි දක්වා නෑ. අතිශයින්ම රහසිගත ලෙස දියුණු කරනු ලැබූ F-22 රැප්ටර් යානය, B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය පවා මහජනයා වෙත ඉදිරිපත් කිරීමට එක්සත් ජනපදය ක්‍රියා කලත් අව්රෝරා යානාව එලෙස ඉදිරිපත් නොකලේ එවැනි යානාවක් සැබැවින්ම නොතිබූ බැවින් යයි දැන් පිලිගැනීමට සිදුවී තිබෙනවා.

    එහෙත් 2013 සැප්තැම්බරයේ ලෝකප්‍රකට ගගනවිද්‍යා සඟරාවක් වන Aviation Week සඟරාව SR 71
    අනුප්‍රාප්තිකයා ලෙස සැළකිය හැකි යානාවක් SR 71 නිර්මාණය කල ලොක්හීඩ් සමාගමේ Skunk Works ලෙස හැඳින්වෙන රහසිගත ව්‍යාපෘති ඒකකය තුල නිර්මාණය වෙමින් ඇති බව හෙලිකලා. Lockheed Martin SR-72 ලෙසින් නම් කොට ඇති මෙම යානය මක් 6ක වේගයෙන් ගමන්කල හැකි ලෙස නිර්මාණය කෙරෙමින් පවතිනවා.

    1400596153102.jpg


    Hypersonic Intelligence, Surveillance, Reconnaissance and Strike (HISRS) platform ලෙස නිළවශයෙන් හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය ඔත්තුබැලීම හා නිරීක්ශණ මෙහෙයුම සඳහා පමණක් නොව ප්‍රහාර එල්ල කිරීම සඳහා අවි ගෙනයා හැකි එකක් ලෙසින්ද නිර්මාණය වනවා. ඒ අනුව පොලොවට කිලෝමීටර් 25-30 ඈත ඉහල අහසේ මක් 6ක වේගයෙන් ගමන් කරන අතර ලොව ඕනෑම ඉලක්කයකට මිසයිල ප්‍රහාරයක් හෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඇති යානයක් අමෙරිකාවට ලැබෙනවා. නියමුවන් රහිතව කෘත්‍රිම බුද්ධි පරිගණක නියමුවෙකු මගින් පාලනය වන ලෙස නිර්මාණය කොට ඇති SR 72 යානය වායුගෝලීය ඔක්සිජන් අවශෝෂණයෙන් ක්‍රියාත්මක වන ජෙට් එන්ජිමකට (air breathing jet engine) ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය හැකි උපරිම වේගයෙන් ක්‍රියාත්මක වන බව ලොක් හීඩ් සමාගම පවසනවා.



    සංයුක්ත චක්‍ර හයිපර්සොනික් ටර්බයින් ජෙට් එන්ජිම - Combined Cycle Hypersonic Turbine Jet Engine



    හයිපර්සොනික් ජෙට් යානයක් නිර්මාණය කිරීමේදී ඇති ප්‍රධාන තාක්ශණික ගැටලුවක් වන්නේ නිසල අවස්ථාවේ සිට ශබ්දයේ වේගය මෙන් 6ගුණයක් දක්වා යානය ගෙනයා හැකි තනි එන්ජිමක් නිර්මාණය කිරීමයි. ටර්බයින් ආධාරයෙන් ක්‍රියාත්මක වන සාමාන්‍ය ජෙට් එන්ජින් උපරිම කාර්යක්ශමතාවයෙන් ක්‍රියාත්මක වන්නේ මක් 3 වේගය ආසන්නයේදීයි. එවැනි ටර්බයින් ජෙට් එන්ජිමකින් මක් 3කට වඩා වේගයක් ලබාගැනීම බෙහෙවින්ම ඉන්ධන අපතේ යන අකාර්යක්ශම ක්‍රමයක් වනවා. මක් 1 වේගයෙන් පසු සුපර්සොනික් රැම් ජෙට් හෙවත් ස්ක්‍රැම් ජෙට් (scram jet) නම් එන්ජින් වර්ගය කාර්යක්ශම වන නමුත් ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ක්‍රියාත්මක වීමට නම් එය සවිකල යානය ශබ්දයේ වේගය ඉකමවා පියාසර කල යුතු වනවා.


    1400599103878.jpg


    යානයට මෙම එන්ජින් වර්ග දෙකම සවිකොට අවශ්‍ය වේගයන්හීදී ක්‍රියාකරවිය හැකි නමුත් එය ඉන්ධන නාස්තියක් හා යානයෙන් රැගෙන යා හැකි බර (pay load) අඩු වීම සිදුවන්නේ අමතර එන්ජින් වල බරත් රැගෙන යා යුතු බැවිනුයි.

    මෙම ගැටලුවට විසඳුමක් ලෙස සංයුක්ත චක්‍ර ටර්බයින් ජෙට් එන්ජිමක් ලොක්හීඩ් ආයතනය විසින් නිර්මාණය කරමින් පවතිනවා. සරලව ගත් කල සංයුක්ත චක්‍ර ටර්බයින් ජෙට් එන්ජිමක් යනු එකම එන්ජිමක් ටර්බයින් සහිත එන්ජිමක් ලෙස හා ටර්බයින් රහිත ස්ක්‍රැම් ජෙට් එන්ජිමක් ලෙස ක්‍රියාත්මක වන්නට නිර්මාණය කිරීමයි. මෙය අතිශයින්ම තාක්ශණික වශයෙන් සංකීර්ණ වූ නිසාමයි අව්රෝරා වැනි යානාවක් මීට පෙර ලොවට ඉදිරිපත් නොවුනේ. එහෙත් දැන් ලොක් හීඩ් සමාගම පවසන ආකාරයට ඔවුන් මෙම අභියෝග ජයගෙන තිබෙන අතර නිසල අවස්ථාවේ සිට මක් 6 දක්වා වේග පරාස වලින් පියාසරකල හැකි තනි කම්බයින්ඩ් සයිකල් එන්ජිමක් ඔවුන් නිර්මාණය කොට wind tunnel පර්යේෂණ මගින් සාර්ථකත්වය තහවුරු කරගෙන තිබෙනවා.

    මේ අනුව තව වසර 4කින්, එනම් 2018 වන විට පරීක්ශණ පියාසැරිවල (test flights) යෙදවිය හැකි අත්හදාබැලීමේ හා තාක්ශණ ප්‍රදර්ශක (experimental & technology demonstrator) යානාවක් නිපදවෙමින් තිබෙන බව ලොක්හීඩ් සමාගම පවසනවා. 2030 වනවිට SR 72 සක්‍රිය සේවයේ යෙදවීමට හැකිවෙතැයි ලොක්හීඩ් සමාගම විශ්වාසය පලකරනවා.



    SR-72_rendering-LockheedMartin.jpg






    උපුටාගැණීමකි
    HTML Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/07/taranis.html
    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:););)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    SR 71 මගෙ නම් ආසම ප්ලේන් එක..
    ඕක YF-12 කියල CIA එක පාවිච්චි කලා සෑහෙන කාලයක්...:yes::yes:

    තවම ඕකේ රෙකෝඩ් කඩල නෑ කියන එක වගේම ඕක හැදුවේ 1966දි කියලත් හිතල බැලුවනම්..:cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    meka thibba COD Black OPS eketh mata mathaka widihata :yes:


    ඔව් ඔය SR-71 තමයි
    කෙනඩිගේ කාලේ සිද්ද උණ මෙහෙයුමක් ගැන ඔකේ තියෙන්නේ
    ඒ කාලේ රුසියාවේ ඔත්තු බලන්න SR-71 යොදාගත්ටලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    අඩේ මක් 6 ක් කියන්නේ පැයට කිලෝමීටර් 7000 ටත් වැඩි නේ

    SR-71, B2 වලට පස්සේ සැහෙන්න කාලයක් නිකන් ඉඳල දැන් SR-72 හදන එක සැක සහිතයි. අනිවා වෙන රහස් යානයක් මුන් හදල ඇති.