මාත් ඔය වගේම එකක් කරා, මම තලාහේන පැත්තෙ ඉදන් ඇතුලෙ පාරකින් රාජගිරියට එනවා ඒ පාරෙ තියනවා එක පැත්තකට විතරක් යන්න පුලුවන් පාලමක් උදේට නම් පොලිසියෙන් ඉදලා මාරුවෙන් මාරුවට වාහන දෙපැත්තට යනවා.
මම දවසක් පාලම ලග මුලටම සෙට්වුනා පොලිසියෙන් මට කලින් වාහනේ යවලා අනෙක් පැත්තට පාලමේ වාහන යන්න දුන්නා මම මගේ වාහනේයි පාලමයි අතර ඉඩ ටිකක් තියලා තිබුනෙ ඉස්සරහින් එන එකාටත් ලේසියි මමත් ඔය අඩි 10 ගත්තා කියලා මටත් වැඩක් නැති නිසා
මට සයිඩ් කන්නාඩියෙන් පේනවා ත්රීවීල් කාරයෙක් අනෙක් ලේන් එකේ දාගෙන එනවා අර ඉස්සරහ තියන ඉඩට දාගන්න මමත් ලගට එනකන්ම ඉදලා ඉස්සරහට අරගෙන පාලමේ ගැට්ටටම තියලා නතර කරා අරූට කරකියා ගන්න දෙයක් නැහැ පටු පාර පොලිසියෙ අරූගෙ ලයිසන් එක අරගෙන ආපහු රිවස් කෙරෙවුවා අයින් කරගන්න ඉඩක් තිබුන තැනක් හම්බවෙනකල්ම