Sorry Erozan 😐😐

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    "පිරිමියෙක් වෙලා ඉපදෙන්න හුගාක් පිං කරන්න ඕනේ. තොපිලා වගේ එවුන් පිරිමි කමට අවනම්බුවක්. ගල් ගහලා මරන්න ඕනේ තොපිව" අද කාන්තාවන්ගේ දිනයේ උදේම ආපු කොමෙන්ටුවක් මේ. වෙනදා වගේම අදත් ආවා. අදනම් ඒකට දුක හිතුනා.

    මේ කමෙන්ටුවෙන් මේ "පිරිමියා" කියනවා මං පවු කාරයෙක් කියලා. අනේ පවූ ඉතින් මේ මනුස්සයා. මෙයා දන්නෙ නෑ මං මෙයාට වඩා පිං කරලා තියෙනවා කියලා. කියන්න බලන්න මොන අම්මටද තමාගේ පුතාට සාරියක් අන්දන්න උදවු කරන්න තරම් ගට් එකක් තියෙන්නේ. මං බය නැතුව කියනවා හුගාක් අම්මලට ඒ ගට් එක නෑ. ඒත් මගේ අම්මට ඒක තියෙනවා. එහෙම පෙරටුගාමි, බුද්ධිමත් මවක් ලබන එකම පිනක් නෙමෙයිද සහෝදර සහෝදරියනි. ඔයාලා දකින්න ඇතිනේ මගේ නංගි මගේ ෆෝන් එක කැඩුනාම එයාගේ වෙඩිමට එකතු කරපු සල්ලි වලින් මට iphone එකක් අරං දුන්නා. ඒක මගේ පින නෙමෙයිද සහෝදර සහෝදරියනී... මට බොක්ක උනත් දෙන යාලුවෝ ඉන්නවා. ඔයාලා දන්නවද මගේ හොදම යාලුවෙක් එයාගේ කොල්ලා එක්ක break up උනා ඌ මට පො#%යා කියලා. මගේ එක යාලුවෙක් එයාගෙ ගෙදර ලයිට් බිලේ සල්ලි දීලා තියෙනවා මගේ විඩියෝ එකක් කරන්න. එහෙම යාලුවෝ හම්වෙන්නේ පෙර පිනකට නෙමෙයිද සහෝදර සහෝදරියනී.... මට යන යන තැන ෆෑන්ස්ලා මට දක්වන ගෞරවය සහ ආදරය මට මුදල් වලටත් වඩා වටිනවා. ඒ ආදරය තමයි මං මානසිකව වැටිලා ඉන්න අවස්තාවල මාව motivate කරන්නේ. ඒකම පිනක් නෙමෙයිද සහෝදර සහෝදරියනී..... ඔච්චර පිරිමි පිංවත් නම් බලන්නකෝ අපේ රට. පාලනේ කරන්නේ සියට අනූ අනමයක්ම පිරිමි නෙමෙයිද?? කෝ පින. උන් අපේ පිනෙන් එලිය බලනවද කොහෙද...

    ඇත්ත....මං පවු කරලා ඇති. ඒකයි හැමදාම මගේ පව පින හාරවුස්සන, ලිං මැඩි මානසිකත්වයක් තියෙන දූපතක ඉපදුනේ. මං දියුනු රටක ඉපදුනානම් මං පූ# දෙන විදිහට මන්දිරයක් වගේ ගෙයක් ගහන්න තිබ්බා. යාන වාහන ගන්න තිබ්බා. අපේ අම්මව රැජිනක් වගේ බලාගන්න තිබ්බා. ඒත් මම ඉපදුනේ මෙහේ. කමක් නෑ...මඩේනේ නෙලුම් මලුත් පිපෙන්නේ. බලන්නකෝ මේ "පො#%යා"පිපෙන්නැද්ද කියලා..
    කතෘ අයිතිය සුරකින
    @erozan