SPACE TOURISM

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    අභ්‍යාවකාශයට සංචාරකයන් ගෙනයන ව්‍යාපෘතියේ මුල් පුටුව ලංකාවේ චමත් පළිහපිටියට

    chamath-1656x828.jpg


    සුප්‍රකට බිලියනපතියකු වන රිචර්ඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic ව්‍යාපෘතිය මඟින් මෙහෙයවන අභ්‍යවකාශය වෙත සංචාරකයන් රැගෙන යන චාරිකාව වසරක් තුළ ආරම්භ කරන බව එම ව්‍යාපෘතියේ නව අධ්‍යක්ෂ චමත් පලිහපිටිය ඊයේ ජාත්‍යන්තර මාධ්‍යයට පැවසුවේය.

    ඒ අනුව අභ්‍යවකාශ සංචාරයේ අවස්ථාව සාමාන්‍ය පෘතුවි වැසියන්ට ලබාදෙන පළමු සමාගම ලෙස ඔවුන්ගේ සමාගම ඉතිහාසයට එකතු වනු ඇත.

    ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අධ්‍යක්ෂ චමත් පලිහපිටිය සඳහන් කරන්නේ ලබන වසරේ සිට අභ්‍යවකාශ සංචාරය නව වාණිජමය වශයෙන් ලාබ උපයන ව්‍යාපාර අවස්ථාවක් ලෙස පුළුල් වනු ඇති බවයි.

    ඒ වෙනුවෙන් වූ අත්හදාබැලීම් මේ වනවිටත් සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු පැවසීය.මේ වනවිටත් එම සංචාරය සඳහා එක්වන 600කගේ පිරිසක් ඔවුන්ගේ සමාගමට ඩොලර් මිලියන 80ක මුදල් ප්‍රමාණයක් බැර කර තිබේ. එක් අයකුට මෙම සංචාරයට ඩොලර් 250,000 මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 2021 වනවිට මෙම ව්‍යාපෘතිය ඔස්සේ විශාල ලාබයක් ඉපයීමට ඔවුන් අපේක්ෂා කරන බවත් චමත් පලිහපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.
    උපුටා ගැනීමකි.