SPAR සුපිරි වෙළෙඳසැල් දෙකක් ළඟදීම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    SPAR සුපිරි වෙළෙඳසැල් දෙකක් ළඟදීම

    SPAR-Sri-Lanka-562x321.jpg


    දකුණු අප්‍රිකාව පදනම් කර ගත් තොග සහ සිල්ලර වෙළෙඳසැල් ජාලයක් වන SPAR Group Ltd, ශ්‍රී ලංකාව තුළ තවත් වෙළෙඳසැල් දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බව නිවේදනය කර සිටී.

    2016 වසරේ දී මුල් වරට SPAR සමූහය ශ්‍රී ලංකාවට පැමිණි අතර එහිදී සිලෝන් බිස්කට් ලිමිටඩ් සමගින් 50/50 බද්ධ ව්‍යාපාර ගිවිසුමක් යටතේ SPAR SL ස්ථාපිත කරන ලදී.

    මේ පිළිබඳව අදහස් දක්වමින් SPAR Group ප්‍රධාන විධායක Graham O’Connor රොයිටර් පුවත් සේවය වෙත කියා සිටින්නේ කොළඹ තදාසන්නයෙහි SPAR SL පළමු වෙළෙඳසැල පසුගිය මාර්තු මාසයේ දී විවෘත කළ බවත් මෙම වසර තුළ තවත් සුපිරි වෙළෙඳසැල් දෙකක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.

    SPAR මේ වන විට ආසියාව තුළ රටවල් 6 ක සහ ලොවපුරා රටවල් 48 ක ක්‍රියාත්මක් වේ.


    Source:ada derana biz
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Why do we need foreign investors for retail trade? What is the value addition..

    කොලටි බඩු කොහෙද බන් ලෝකල් සුපර්මාර්කට් වල.ලෝකල් සුපර්මාර්කට් වල ගන්න නැති දේවල් ඕකේ තියෙන්නේ..අනික ඕවට සාමාන්‍ය මිනිස්සු යන්නේ නැහැනේ කොහොමත්.සල්ලි කාරයොයි,සුද්දොයි තමා ඕවට යන්නේ.