පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් මැති ඇමැතිවරුන්ගේ හොඳ හිත හා සහජීවනය තහවුරු කරනු වස් මෙය සංවිධානය කර තිබුණේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාය. ඔහුගේ යෝජනාව වූයේ zකථානායක කුසලානයZ දිනා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින ඇමැතිවරුත් මන්ත්‍රීවරුත් දෙපිළකට බෙදී එක්‌දින ක්‍රිකට් තරගයක් පැවැත්විය යුතු බවය.
මෙය වසරක් පාසා පැවැත්වීමට යෝජනා කළ නාමල් සියලු තරග කටයුතු සංවිධානය කළේය. මේ සඳහා විපක්‍ෂයේ ද තරුණ මන්ත්‍රීවරු රැසක් කැමැත්ත පළ කර තිබීම නිසා වැඩේ හුඟක් සාර්ථක වන ලකුණු පහළ විය.
ඇමැතිවරුන්ගේ කණ්‌ඩායමේ සියල්ලෝම සිටියේ කඳබඩ මහත මනා නම්‍යතාවකින් තොර ශරීර ඇති පුණ්‍යවන්ත උදවිය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු 11 දෙනකුගේ කණ්‌ඩායමක් තෝරා ගැනීම මහත් ගැටලුවක් වූහ. පාසල් මට්‌ටමේත් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති විමල්, ඩලස්, කෙහෙලිය වැනි කිහිපදෙනෙක් සිටියත් 11 දෙනෙක් තෝරා ගැනීම ලොකු ප්‍රශ්නයක් විය. මේ නිසා ඇමැතිවරු කළේ ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දු පිරිස එකතු වී කොළඹ සංවෘත පිට්‌ටනිවල උදේ පාන්දර පුහුණු සැසිවලට සහභාගිවීමය. පසුගිය සතියේ හරියටම උදේ 7.00 ට ක්‍රිකට් පුහුණුවීම් අරඹන ඇමැතිවරු 8.30 පමණ වන විට ක්‍රීඩාව නතර කළේ ඒ අතර පාර්ලිමේන්තුවට ද යැමට සිදුව තිබූ නිසාය.
මේ අතර වැඩි දෙනකුගේ අවධානය දිනා ගත් කණ්‌ඩායම ලෙස කැපී පෙනුනේ මන්ත්‍රීවරුන්ගේ කණ්‌ඩායමයි. ලංකාවේ ලෝක පූජිත ක්‍රිකට් නායකයන් දෙදෙනකුම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කණ්‌ඩායමට ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඒ හැරුණ විට නාමල්, සජිත්, දයාසිරි, රුවන් රණතුංග, රුවන් විඡේවර්ධන, සුජීව සේනසිංහ ඇතුළු කඳබඩ තවම මහත් වී නොමැති තරුණ මන්ත්‍රීවරු රැසක් මන්ත්‍රීවරුන්ගේ කණ්‌ඩායමට ක්‍රීඩා කිරීම නිසා වැඩි වාසි මන්ත්‍රීවරුන්ගේ පිලට අත්පත් වේ යෑයි මතයක් පාර්ලිමේන්තුව තුළ ඒ වන විටත් පැතිර ගොස් තිබිණි.
මේ ආරංචිය නාමල් ජනාධිපතිවරයාට ද කීවේ පාර්ලිමේන්තුවේ පොඩි කොල්ලන් ටික මෙදාපාර ඇමැතිවරුන්ට දුවන්නට දේවි යෑයි කියමිනි.
මේ ආරංචිය ලැබුණ පසු ජනාධිපති මහින්ද ඩලස්, මහින්දානන්ද, විමල්, කෙහෙළිය, ඩිලාන්, රංජිත් සියඹලාපිටිය ඇතුළු ඇමැතිවරුන්ගේ කණ්‌ඩායමට කතා කළේය.
"ඔය තරගය මටත් සෙල්ලම් කරන්න පුළුවන් පිට්‌ටනියක පවත්වනවා නම් ඇමැතිවරයෙක් විදියට ඔයාලැයි පැත්තට සෙල්ලම් කරන්න මමත් එන්නම්" ජනාධිපති කීවේය.