සංචාරක අමාත්‍ය නවීන් දිසානායක නව ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ තිබේ.
අමාත්‍යවරයා ලබන බ්‍රහස්පතින්දා නව පදවියේ දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රීලාල් ගෝමස් බීබීසී සංදේශය ට පැවසීය.
නව ජනාධිපතිවරයා පසුගිය සතියේ නව කැබිනට් මණ්ඩලය පත් කළ අවස්ථාවේ ක්‍රීඩා අමාත්‍යවරයකු පත් නොකිරීම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට ලක් වී තිබුණි.