Spray Paint a RALEIGH Bicycle

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    1967 අවුරුද්දේදී මාගේ පියා විසින් මිල දී ගත් RALEIGH වර්ගයේ බයිසිකලයක් ගෙදර තියෙනවා, මේක පේන්ට් කරලා පාවිච්චියට ගන්නයි බැලුවේ, පේන්ට් වැඩ කරන හාදයකුත් ඉන්නවා, ගෙදරට ඇවිත් කරලා දෙන්නම් කියලාත් කිව්වා, මේක පේන්ට් කරන්න TOA SPRAY පාවිච්චි කරන එක හොඳයිද? Raleigh.jpgදිගු කාලයක් මල නොබැඳී පේන්ට් එක පවතින විදියට කර ගන්නයි ඕනේ. ඒ සඳහා හොඳම විදිය මොකක් ද? Primer සඳහා පාවිව්චි කිරීමට සුදුසු තීන්ත වර්ගය ඇතුළුව විස්තර දෙන්න පුළුවන් නම් බොහොම ස්තුතියි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''පේන්ට් වැඩ කරන හාදයකුත් ඉන්නවා, ගෙදරට ඇවිත් කරලා දෙන්නම් කියලාත් කිව්වා............''
    මෙහෙම කරන්න ඒපා. බයිසිකල් හදන තැනකට ගිහින් අහපං, පේන්ට් කරගන්න පුලුවන් තැනක්.
    (හදන කෙනාට කියල කෑලි ඔක්කොම ගලවල වෙන් කරන්න ඔ්න මුලින්ම - පස්සෙ ෆිට් කරන්න ඔ්න)
    ඊට පස්සෙ ඒතනට ගිහිං බලපං - තියෙනව නම් මීට කලින් පේන්ට් කරපු බයිසිකලයක්...
    හොදයි නම් දීපං. මමත් වැඩබැරි බාස් කෙනෙක්ට දීල වන කරගත්ත ඒක සැරයක්..
     
    • Like
    Reactions: animation and th62

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගලවලා පේන්ට් කරන්න පුලුවන්නම් හොදයි

    පේන්ට් එකට කලින් හොදට වැලිකොල වලින් හූර ගන්න

    ඊට පස්සේ සින්ක් පොස්පේට් පේන්ට් එක ගාන්න, එකෙන් මලකඩ වලින් ආරක්ෂා වෙනවා

    toa ස්ප්‍රේ ගියොත් කෑන් ලොකු ගානක් යනවා, බොහොම පොඩි ප්‍රමාණයයි ඕකෙන් ගාන්න පුළුවන්
    අඩු ගානේ ටින් 6-7 ක් වත් යනවා, එක ටින් එකක් ඩිස්කවුන්ට් දාලා ගත්තත් 900-1000 වෙනෝ

    ඕනනම් මෙහෙම කරන්න පුළුවන් (තමන් කරනවානම්)

    මුලින් වාහන වලට ගහන ජෙට් බ්ලැක් (ඔටෝ පේන්ට් එක ඉක්මනට වේලෙනවා, නැත්නම් නෝමල් එනමල් පේන්ට් එක ගත්තත් අව්ලක් නෑ, ඔය දෙකේ මිලේ ලොකු වෙනසක් නැහැ) පේන්ට් ලීටර් බාගයක් හෝ ලීටරයක් ගෙනත් අතින් කෝඩ් දෙකක් විතර ගාන්න.

    ඒ කෝඩ් දෙක හොදට වෙලුනාට පස්සේ ස්ප්‍රේ කෑන් වලින් ෆයිනල් පේන්ට් එක යන්න
    කෑන් තුනකින් විතර ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට ෆිනිෂින් එකත් ස්ප්‍රේ ෆිනිෂින් එක එනවා.

     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ''පේන්ට් වැඩ කරන හාදයකුත් ඉන්නවා, ගෙදරට ඇවිත් කරලා දෙන්නම් කියලාත් කිව්වා............''
    මෙහෙම කරන්න ඒපා. බයිසිකල් හදන තැනකට ගිහින් අහපං, පේන්ට් කරගන්න පුලුවන් තැනක්.
    (හදන කෙනාට කියල කෑලි ඔක්කොම ගලවල වෙන් කරන්න ඔ්න මුලින්ම - පස්සෙ ෆිට් කරන්න ඔ්න)
    ඊට පස්සෙ ඒතනට ගිහිං බලපං - තියෙනව නම් මීට කලින් පේන්ට් කරපු බයිසිකලයක්...
    හොදයි නම් දීපං. මමත් වැඩබැරි බාස් කෙනෙක්ට දීල වන කරගත්ත ඒක සැරයක්..
    බයිසිකලය කෑලි කෑලි වලට ගලවන්නේත්, සවි කරන්නේත් මමයි. මට ඒ වැඩ පුරුදුයි පොඩි කාලේ කරලා, මේ බයිසිකලය එක් වතාවක් පේන්ට් වැඩත් කරන වින්කල් බාසෙකුට දීලා පේන්ට් කළා. ඌ රැලේ නම හා ලෝගෝ එහෙමත් ඇන්දා, ඒත් ඌ හොරට කරලා තියෙන්නේ, ප්‍රයිමර් තීන්ත මොකුත් ගහලා නෑ, ටික කාලෙකින්ම මලකඩ එන්න පටන් ගත්තා, එවෙලේත් මම කෑලි වලට ගලවලායි පේන්ට් කරන්න ගිහින් දුන්නේ, මම ආපහු ගෙනැත් සවි කරන්න යද්දී පිටුපස පෝක් එක වෙනස්, මං ඌට ගිහින් කිව්වාම ඌ මාවත් එක්ක ගිහින්ම මාරුව ඇරලා දුන්නා, කි.මී. කීපයක් දුරින් ඉන්න රේස් පදින එකෙකෙුට දීලා තිබුණේ, බාසා කිව්වේ වැරදීමකින් වුනා කියලායි, මං ඒකයි මේ සැරේ ගෙදරට කෙනෙක් ගෙනැත් කර ගන්න බැලුවේ.