Sri Lanka CDS hit near 2-1/2 year high after rating downgrade
LONDON, Nov 20 (Reuters) - The cost of insuring Sri Lanka’s debt against default hit a near 2-1/2 year high on Tuesday after Moody’s cut the country’s credit rating deeper into junk territory.
Data from Markit showed 5-year Sri Lanka credit default swaps climbed to 399 basis points from 397 points and to the highest since July 2016. (Reporting by Marc Jones)
- https://www.reuters.com/article/sri...ear-high-after-rating-downgrade-idUSL8N1XV4QF
ඡාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් වලින් ලංකාව පහළට
රංජන් කස්තුරි
ඡාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව මෙතෙක් බී - 1 මට්ටමේ පැවති අතර ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි බී- 2 මට්ටමට ශ්‍රේණිගත කර තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් පහත ගිය විට ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී අවදානම් පොලී අනුපාතය ඉහළ යන බවද ඔහු කිය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් සියයට 5.5 ක පැවති පොලී මට්ටම සියයට 10 ක තරම් ඉහළ ගොස් ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය
- http://www.lankadeepa.lk/latest_news/ඡාත්‍යන්තර-වෙළඳපොලේ-ශ්‍රේණිගත-කිරිම්-වලින්-ලංකාව-පහළට/1-540700
ඔක්තෝබර් 26 වැනි දා සිට විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී
හර්ෂණ තුෂාර සිල්වා
විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා සඳහන් වේ.
මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.
ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.
මේ අතර සඳුඳා (19) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්විණි.
- http://www.lankadeepa.lk/news/විදෙස්-ආයෝජකයන්-බිලියන-30-ක්--වෙළඳපොළෙන්-ඉවත්-කරගනී/101-540698

Last edited: