ඉතින් බං
සහාරන්ගේ ගැන්සිය ඔක්කොම පල්ලිවලට බැග් අරන් බහින වීඩියෝ තිබ්බ ලකෙට
එතකොට ගම්මිරිස් මුදලාලි අල්ලන්න ගියාම ගෙදර හිටපු එවුන් බෝම්බ ගහ ගත්ත
තව මුලතිව් වල අල්ලන්න ගියාම බෝම්බ ගහල පැනල යන්න හැදුව
උන් මොක්කුද බන්?
උඹලත් එක එක ගුණ්ඩු කන එවුන් නේ
වගකීම තියෙන්නේ බොම්බ ගහපු උන්ගේ අතේ විතරක් නෙවෙයි මෙතන. මොලේ පාවිච්චි කළොත් ඒක තේරෙන්න ඕන. බුද්ධි තොරතුරු නම් ගම් ඇතිව දීලා තියෙද්දී, බෝම්බ වලට කලින් උන පිළිම කරන සිද්දි, පොලිසියේ දෙන්නා මරපු සිද්දිය, පුපුරණ ද්‍රව්‍යය ගබඩාව තිබ්බ පොල් වත්ත හොයා ගත්ත ඒක, නැගෙනහිරදී මෝටර් බයසිකලයක් පුපුරවපු එක, එහේ ඔය ගැන පැමිණිලි කරපු මිනිහව පාරේ කපලා දාපු එක වගේ ගොඩක් සිද්දි ගැන හොයලා බලලා අදාල අත්අඩංගුවට ගැනීම් කළා නම් ඕක බොම්බේ වෙනකම් යන්නේ නෑ. ඉන්දියාව දවස් විස්සකට කලින් නම් ගම් එක්ක තොරතුරු දීලා තියෙද්දී ඒ කරුණු ගලපලා කතාව හදා ගන්න බැරි බුද්ධි අංශ ආරක්ෂක අංශ මොකටද? එක්කෝ අපිට ඉන්නේ එහෙම ආරක්ෂක අංශයක්, එහෙනම් ඒ ඉන්න දුර්වල නිලධාරීන් අයින් කරලා අලුත් අය දාලා හොඳ එකක් හදා ගන්න ඕන. එහෙම නැත්නම් ආරක්ෂක අංශ වල වැඩේ හරියට කරන ඒක කවුරු හරි නතර කරලා තියනවා හිතාමතාම. එහෙනම් එයා ජනාධිපතිද, අගමතිද, අමතිද, බුද්ධි ප්‍රදනියද, වෙන කෙනෙක්ද කියලා හොයලා දඩුවම් කරන්න ඕන. Criminal negligence කියලා කියන්න තියන හොදම හේතුව තමයි ඔය ගම්මිරිස් මුදලාලිගේ පුතාලා දෙන්නා කලින් අත්අඩංගුවට ගත්තේ නැති එක. මොකද දවස් 20කට කලින් දෙන්නගේ නම් එක්ක ඉන්දියාවෙන් බුද්ධි වාර්තා අවනේ. සහාරන් හැංගිලා හිටියා හොයා ගන්න බැරි උනා කියමුකෝ. ඔය දෙන්නා හිටියේ දෙමටගොඩ ගේදරනේ, ඇයි එයාලව ඇල්ලුවේ නැත්තේ? ඒවට වගකියන්නේ කවුද?
ගුණ්ඩු නෙවෙයි මොලේ පාවිච්චි කරපං පාට කණ්නාඩි ගලවලා. එතකොට කියන්නේ මොකක්ද කියලා තේරෙයි.
මොකක්ද මන්ද කොමිසමක් දාගෙන
නඩු අහල, පොන්සේකා එහෙමත් හිටියේ අනතිමට එතකොට හිටපු පොලොස් පොති අර රහස් බුවා හිරේ දැම්ම
අර හිටං ට වන්දි ගෙවන්න කියල නඩුව තීන්දු කරා
උඹලට ඒවා එතකොට මොනද?
දෙකේ පන්තියේද ඉන්නේ??? කොමිසමකි නඩු අහන්න කොහොමද?
ෆොන්සේකා හිටියේ පාර්ලිමේන්තු වීමර්ශන සභාවේ නේ. උන් ඔවා ගැන expert ල නෙවෙයිනේ අපරාධ පරීක්ෂණ කරන්න. උන්ගේ රිපෝට් එකේ තියෙන්නේ මේ මේ අය වගකීම පැහැර හැරිය කියලා. එකෙන් එහාට කරන්න පුළුවන් ලබ්බක් නෑ.
පොලිස් ලොක්කා, ලේකම් හිරේ ගියේ නෑ. රිමාන්ඩ් කරලා හිටියා නඩුවකට මතක විදියට. ඒ නඩුව නීතිපති පරාදයි. පොලිස්පති නිදහස්.
හිටං ට වන්දි ගෙවන්න කිව්වේ ඒ නඩුවෙන් නෙවෙයි. ආණ්ඩුවෙන් හරි අපරාධ පරීක්ෂණයක් කරලා නඩු දැම්මේ නැති හින්දා බොම්බෙන් අගතියටපත්වූ මිනිස්සූ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා. එකෙන් තීරණය කළා හිටං සහ තව කීප දෙනෙක් වගකීම පැහැර හැරලා තියනවා ඒ හින්දා අර මිනිස්සුන්ට වන්දි ගෙවන්න කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට අපරාධ නඩු දාන්න බෑ. ඒව දාන්න ඕන නීතිපති එකෙන්. තාම නඩු දාලා නෑ.
ඕකේ වැරදිකරුවන්ට නඩු පවරන්න ඕන තීරණ ගන්න ජනාධිපති කොමිසමක් දැම්මා හිටං. ගෝතයා ඇවිල්ලා පරීක්ෂණ කරනවා කිව්වට කරපු මඟුලක් නෑ. හිටං දැම්ම කොමිසමේ කාලේ දීක් කළා. එකෙන් දුන්නා විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ කාලේ නෑ සම්පූර්ණයෙන්ම. ගෝතයා එකේ සමහර පරිච්ඡේද හැංගුවා. ඒක හින්දා තමයි ඔය සැකය ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ඔය හන්ගන්න එපා කියන්නේ.
උබලත් අනේ මන්දා...
දැන් උඹලට හරි අර තම්බියෙක් ඇවිත් අලුත් බොරුවක් කියල
පොඩ්ඩක් ආතල් එකක් දෙන සුද්දෝන්ගේ එකක්
මම දැන් තම්බියයි සුද්දොයි හරි කියලා කියලා තියනවාද?
මිනිස්සූ සැක කරන්නේ මොකද කියලා මම උඩින් විස්තර කරලා තියනවා. ඔය වාර්තාව එළියට දාලා එකේ තියන විදිහට වගකිව යුතු අයට අපරාධ නඩු දාලා උසාවි හරහා දඩුවම් දුන්නා නම් ඉවරයිනේ.
එතකොට කාටවත් සොනික් සොනික් කියලා කෑ ගහන්න ඕන නෑ. සුද්දෝන්ට ෆිල්ම් හදන්න ඕනත් නෑ.
ඕක නොකරන හින්දා තමයි බෝම්බ ගැහුව එකට පාලකයෝ සම්බන්ධයි කියලා මිනිස්සූ විශ්වාස කරන්නේ.
ලංකාවේ සුද්දෝ කිවුවොත් දැන් එන හිපියොත් ඉතින් පට්ට ටුවරිස්ට්
අනේ මන්ද බන්
මේ මොන හරූපයක්ද? ටුවරිස්ලාගෙයි මේකයි සම්බන්ධය මොකක්ද? තොට අමු කැවිලද?
මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් උබ පුන්නක්කු බයියෙක්. නැත්නම් ඉස්කෝලෙ 5 වසරේ ඉන්න පොඩි එකෙක්.