Sri Lanka Cricket

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය නැවත වරක් වෙනස් කරමින් , සීමීත ඕවර තරග ආකෘති සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත් කිරීමට පසුගියදා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කළා.
මේ 2017 වසරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පත් කරන ලද පස්වෙනි සීමිත ඕවර නායකයා වන අතර 2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කර තිබෙන්නේ එක්දින තරග හතරක් පමණක් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ අයුරින් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහො දෙනෙකු අතර කතාබහට ලක්ව තිබෙන අතර මේ පිළිබදව බොහො දෙනෙකු අදහස් දක්වාද තිබුණා.

මේ අතර හිටපු ක්‍රිකට් නායක , හිටපු ක්‍රිකට් සභාපති , අමාත්‍ය අර්ජුන රණතුංග ද වනවා . මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක ශූර හිටපු නායකයා පවසන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බවයි. ක්‍රිකට් නායකත්ව වෙනස ගැන මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් හිටපු නායකයා මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ

“මේ වගේ වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති, ක්‍රිකට් ගැන දැනුමක් නැති අය කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ටීම් තෝරන්නේ, ක්‍රිකට් වැඩ කරන්නේ ක්‍රිකට් ගහලා නැති අය. ඒ නිසා තමයි අපේ ක්‍රිකට් විනාශ වෙන්නේ. අද එන්න එන්නම මෙරට ක්‍රිකට් නරක අතට ගමන් කරමින් තමයි තියෙන්නේ.

හොඳ තේරීම් කමිටුවක් එන්නේ නැහැ පාලක මණ්ඩලය එක්ක වැඩ කරන්න. මොකද වර්තමාන පරිපාලනය ගැන කිසිම කෙනෙකුගේ විශ්වාසයක් නැහැ. කරන්න කිසිම දෙයක් නැති දුර්වල පුද්ගලයෝ කිහිපදෙනෙක් මේ වැඩවලට සම්බන්ධ වේවි.

එක්දින කණ්ඩායමේ නායකත්වය ගැන සහ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ගැන කතා කරන්නේ අඩුම ගානේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියකටවත් බැහැලා නැති අය. මේක හරිම අවාසනාවක්. මෙහෙම ගියොත් ක්‍රිකට් තවත් විනාශ වෙන එක තමයි වෙන්නේ” ලෙසය.


Untitled-11.jpg

http://nethgossip.lk/article/28553
 

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා වුවද දැරිය හැකි බවයි.
    :dull::dull::dull: