Sri Lanka President removes top detective probing Rajapaksas

monson

Well-known member
  • May 7, 2007
    25,384
    28,013
    113
    By By Our Police Correspondent

    Nov 19, 2018 10:52 AM GMT+0530

    ECONOMYNEXT – Sri Lanka President Maithripala Sirisena has ordered the immediate removal from the Criminal Investigation Department a senior detective investigating a string of high profile cases involving members of the Rajapaksa family.

    Chief Inspector Nishantha Silva was transferred out under direct orders from Sirisena who had been accused by the United National Party (UNP) of preventing the arrest of Gotabhaya Rajapaksa and other family members.

    Top police sources said Sirisena’s nexus with the Rajapaksas came out into the open after the events of October 26 when he controversially sacked Prime Minister Ranil Wickremesinghe and replaced him with Mahinda Rajapaksa.

    Chief Inspector Silva was pursuing an investigation into Chief of Defence Staff Ravindra Wijegunaratne who is accused of shielding navy officers responsible for killing 11 children between 2008 and 2009.

    The Colombo magistrate has already ordered the arrest of Wjegunaratne who is now being protected by the highest levels in the government, official sources said.

    Removing the top field investigator could seriously undermine the ongoing cases such as the Lasantha Wickrematunga assassination, the abduction and murder of 11 children, the Eknaligoda abduction and the Avant Garde floating armoury racket. (COLOMBO, November 19, 2018)

    - https://economynext.com/Sri_Lanka_President_removes_top_detective_probing_Rajapaksas-3-12663-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,384
    28,013
    113
    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ හදිසි ස්ථාන මාරුව අවලංගු කරන්නැයි තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස් කොමිසමෙන් ඉල්ලති

    November 19, 2018

    මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයතු කර ඇති බවත් එසේ මාරු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව යැයි තම විශ්වාසය බවත් එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිම් පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා අමතා යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

    “2018 නොවැම්බර් මස 19 වැනිදා

    සමන් දිසානායක මහතා

    ලේකම්,

    ජාතික පොලිස් කොමිෂන් සභාව,

    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය.

    ලේකම්තුමනි,

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුව සම්බන්ධවයි

    මාධ්‍යවේදීන්ට වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන කිහිපයක්ම සිදුකරමින් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා ඊයේ (18)සවස කටයුතු කර තිබේ.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ නිශාන්ත සිල්වා මහතා විසිනි.

    රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.

    එලෙස තිබිය දී නිශාන්ත සිල්වා මහතා හදිසියේ රහස් පොලිසියෙන් ඉවත් කර මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේ ජනමාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ඇතුළු දැනට පවතින විමර්ශන කඩාපකප්පල් කිරීමේ අරමුණින් බව අපගේ විශ්වාසයයි.

    එම නිසා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා පරීක්ෂණයක් පැවැත්වීමට යම් කාලයක් අවශ්‍ය නම් එම පරීක්ෂණය අවසන් වන තෙක් ඒ මහතාගේ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

    ස්තුතියි,

    මෙයට විශ්වාසී,

    ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්

    පිටපත්

    1) පොලිස්පතිවරයා

    2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව”


    - http://www.lankatruth.com/si/පොලිස්-පරීක්ෂක-නිශාන්ත-ස/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,384
    28,013
    113
    CID නිලදාරියාගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම අවලංගු කරයි…

    November 19, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ලබාදි තිබූ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

    ඒ අනුව ඔහු හෙට සිට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට නියමිතය.

    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදු කරන ලද බරපතළ අපරාධ රැසක් පිළිබද විමර්ශන මෙහෙයවූ නිලධාරීවරයා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මේ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීම, නාවික හමුදා කප්පම්කරුවන් විසින් පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම, මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධ විමර්ශන මෙහෙයවමින් සිටියේය.

    පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊය විසින් කරල අලද අපරාධ 60ක පමණ විමර්ශන සිදුකරනු ලැබ අපරාධකරුවන් නීතිය ඉදිරියට ඉදිරිපත් කර ඇති පොලිස් නිලධාරියෙකි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස කටයුතු කරද්දී ඔහු ඝාතනය කිරීමට සැලසුම් කිරීම, පුත්තලම අනුරාධපුර පාරේ සිංහ විල්ලුව යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාළියකට පුපුරණ ද්‍රව්‍ය අඩංගු වාහනයක් යොදවා පුපුරවා හැරීමට කුමන්ත්‍රණය කිරීම, කොළඹ සිට ගුවන් තොටුපොළට ඉන්ධන රැගෙන යන දුම්රියට එඬේරමුල්ල ප්‍රදේශයේදී බෝම්බ තබා විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීම, 2007 වසරේ දී විල්පත්තු අභය භූමියේ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට ගිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඝාතනය කිරීම යන අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අනාවරණය කර ගෙන තිබෙන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා විසිනි.

    2007 දී නත්තල දේවමෙහෙයකට සහභාගී වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, වැලිවේරිය කාන්ති ක්‍රීඩංගනයේ දී ජෙයරාජ් ප්‍රනාන්දපුල්ලේ මහතා ඝාතනය කිරීම, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්කරගෙන 2006 දී පිත්තල හංදියේ සිදු කළ බෝම්බ ප්‍රහාරය, මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 17 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, කොටුව දුම්රිය ස්ථානයේ දී ඩී.එස් සේනානායක විද්‍යාලයේ සිසුන් දස දෙනකු බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීම යන විමර්ශන පවත්වා ඇත්තේ ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකි.

    කැලණිය ගෝනවල පදිංචිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරිකයකු 2002 දී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, ආනමඩුව උප තැපැල් ස්ථානාධිපතිවරයා 2003 වසරේ දී ඝාතනය කිරීම, ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා වත්තලදී පොලිසියෙන් ඝාතනය කිරීම, අනුරාධපුර රථගාලක රියදුරකු වශයෙන් සිටි ගාමිණී වනිගසේකර මහතා 2004 වසරේ දී රවටාගෙන ගොස් මන්නාරම් පාරේ යුද හමුදා කඳවුරකදී නිදිපෙති ලබා දී කපා කොටා ඝාතනය කිරීම ආදී විමර්ශන ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබේ.

    වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදංචි පුද්ගලයන් දෙදෙනකු 2005 දී පිලිස්සී මියයෑම අපරාධයක් නොවන බවට පොලිසියෙන් ප්‍රකාශකර තිබිය දී ඒ ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, 2005 වසරේ දී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගැනීම, අඟුලානේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම ආදී විමර්ශනවලටද නිශාන්ත සිල්වා මහතා දායකත්වය ලබා දී ඇත.

    රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. එම විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමටද ලක් කළේය.

    කොළඹ දී පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීම සහ ඔවුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ 10 දෙනකු අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර්, උපාලි තෙන්නකෝන් සහ නාමල් පෙරේරා මහත්වරුන්ට වධහිංසා සිදු කිරීම යන සිදුවීම් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේද නිශාන්ත සිල්වා මහතා විසින් වන අතර එම විමර්ශන තවමත් අවසන් නැත.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට දැනුම් දී ඇත්තේද නිශාන්ත සිල්වා මහතා විසිනි.

    ඒ නිසාම ඔහු තර්ජනවලටද ලක්වී ඇත.

    කෙසේන මුත් පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට 19වන සංශෝධනයෙන් හැකිවීම මත අද වනවිට දූෂණයට, වංචාවට එහෙමි සත්‍යගරුක රාජ්‍ය නිලධාරීන්ට යම් තරමක හෝ ගෞරවයකින් රාජ කාරි කිරීමේ හැකියාව උදා වී ඇත.

    මිට පෙර පැවති 17වන සංශෝධනයෙන්ද මෙලෙස ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබූ නමුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා 18වන සංශෝධනය මගින් එම කොමිෂන් සභා මුළුමනින්ම දේශපාලනී කරණයට ලක් කරන ලදී.

    ඒ අනුව එදා විශේෂයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්ට දේශපාලඥයන් ඉදිරියේ හිස පහත් කරගෙන රාජකාරි කිරීමට සිදුව තිබිණි.

    එබැවින් මෙම නිලධාරියාගේ මාරුව අවලංගු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේද ජයග්‍රහණයකි.


    - http://www.lankatruth.com/si/cid-නිලදාරියාගේ-ස්ථාන-මාවරු/