මචංල මට මේ ත්‍රෙඩ් එක අරින්න හිතුනේ, බුකියෙදි, රේඩියෝ එකේදි දැක්ක, ඇහුන ඇඩ්වර්ටීස්මන්ට් වගයක් දැකල
ලංකාවේ ගොඩක් උන් දැන් එක එක ස්ටාටප් පටන් ගන්න. ඒ අතරින් ගොඩක් ඒව IT startup
තව ගොඩක් උන්ට හීනයක් තියෙනව CEO කෙනෙක් වෙන්න. ඉතින් උන් කරන්නේ website එකක් හැදුවා ඉන් පස්සේ බුකියේ දානව CEO of අහවල් කම්පැනි කියල 
හරි හරි ඒක ගැන නෙමේ මම කතා කරන්න ආවෙ.
මම දැක්ක tuk tuk කියල ස්ටාටප් එකක් ටිකක් වැඩියෙන් Promotions කරනව. ඒක Mobile app එකක් threewheler එකක් ටක්ගාල හොයාගන්න ගමනක් යන්න.
මම පොඩ්ඩක් හොයල බැලුව මේ සර්විස් එක වැඩ කරන්නේ කොහොමද කියල. තේරුන විදියටනම් මේ tuk tuk කියල Mobile app service එකට මේ වැඩෙන් කිසිම ඉන්කම් එකක් එන බවක් පේන්න නෑ. ඒ කියන්නේ මේ සර්විස් එක මනිටයිස් කරන්න පුලුවන් විදියක් දැනට පේන්න නෑ.
ඒත් මුන් ෆේස්බුක් ඇඩ්වර්ටීස්මන්ට් වලට වියදම් කරනව.

මට තේරෙන්නෑ කිසිම ඉන්කම් එකක් නොලැබෙන දේකට තමන්ගේ කාලය මහන්සිය කැප කරන්නේ කොහොමද කියල.
අනික මේ සර්විස් එක ගොඩක් ඇඩ්වාන්ස් නෑ. ඇප් රීවිවිස් බැලුවම ගොඩක් තියෙන්නේ නෙගෙටිව් ෆීඩ්බැක්ස්.

අඩුම තරමේ gps තාක්ෂනේවත් මේ app එකේ යූස් වෙන්නෑ 

why? මං අහන්නේ why?? why?????

Last edited:
