Sri Lanka's government is to present a 'vote on account' instead of a formal budget for the three-month May to July period and a 'mini-budget' thereafter to cover spending till year's end, a spokesman said.
Former health minister Nimal de Silva told a news conference the normal budget process would be resumed in 2011.
The government last year sought parliament's permission for a 'vote on account' for spending permission for the first four months of this year, based on last year's projected budget.
This was because of presidential and parliamentary polls called ahead of schedule, both of which were won by incumbent president Mahinda Rajapaksa and the ruling alliance.
LBO
2010 වසර සදහා අය වැය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව ඇමති මණ්ඩලයක් යටතේ ගෙන එන බවට ලබාදුන් පොරොන්දුව පාර්ලිමේන්තුව පත්වී දෙවන දිනයේදීම කඩ කිරීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර තිබේ. මහවැලි කේන්ද්‍රයේදී අද පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිමල් සිරිපාල සිල්වා මහතා පැවසුවේ අය වැය වෙනුවට තවත් මාස තුනක් සදහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.
මෙම වසරේ පළමු කාර්තුව සදහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම එළබෙන අප්‍රෙල් 31 වනදායින් අවසන් වන බවත් ඒ තත්වය මත ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව තවත් මාස 4ක් සදහා නව අතරු සම්ත ගිණුමක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවයි. එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ගැටලුවක් නොවන බවත් ඒ සදහා අවශ්‍ය ජනවරමක් ජනතාව ජනාධිපතිවරයාට ලබාදී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව මැතිවරණ වේදිකාවලදී රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ජනතාව දුන් ජන වරමේ බල මහිමයෙන්ම ඉවත ලා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6 ණය මුදල ලබා ගැනීමේදී එකඟවූ කොන්දේසි උල්ලංඝනය කරමින් අතුරු සම්මත ගිණුමක් ගෙන ඒම හේතුවෙන් එම අරමුදල විසින් ණය මුදලේ තෙවන වාරිකය ගෙවීම ප්‍රමාද කිරීමට කටයුතු කළේය. එහිදී ආණ්ඩුව මූල්‍ය අරමුදලට පොරොන්දුවූයේ මහ මැතිවරණයෙන් පසු ව්‍යූහාත්මක ගැලපීම් සහිත නව අයවැයක් ඉදිරිපත් කරන බවයි.
ජනාධිපතිවරයාගේ මෙම තීරණයෙන් පසු මූල්‍ය අරමුදලේ එම එකගතාවයන්ද උල්ලංගනය කර තිබේ. ඒ අනුව ණය මුදලේ ඉදිරි වාරිකයන් ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල විසින් ඉදිරියේදී සලකා බලනු ඇත. මහ මැතිවරණයෙන් පසු සියලු දෙනාගේ පැතුම් ඉටුකරන ආකාරයේ අයවැයක් ගෙන එන බවට පාරම් බස් කී ආණ්ඩුවට මේ ආකාරයෙන් එම පොරොන්දු ඉවතලා කටයුතු කිරීමට සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ මේවන විට රට පත්ව ඇති ආර්ථික අර්බුදයේ ප්‍රකාශණයක්ද යන සාධාරණ සැකය අප හමුවේ මතුවේ.
LT