Sri Lanka Train Detial's

maheshdill

Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    ජාලය

    එවකට ලංකාණ්ඩුවේ දුම්රිය යනුවෙන් හැදින්වුණු දුම්රිය සේවයට රටේ සංවර්ධන හා ඒකාබද්ධ මෙවලමක් වශයෙන් 1850 දශකයේ දී බිහි විය. ශ්‍රී ලංකා දුම්රිය මාර්ගයේ ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේ ශ්‍රී මත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසිනි. ඒ 1858 අගෝස්තුවේ දීය. ප්‍රධාන මාර්ගය කොළඹ සිට අඹේපුස්ස දක්වා නැගෙනහිරට කි.මී. 54ක් දක්වා ඉදිකිරීමෙන් පසු ප්‍රථම දුම්රිය 1864 දෙසැම්බර් 27වැනි දින ධාවනය කළේය. මේ මාර්ගය ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත වූයේ 1865 ඔක්තෝබර් 02 වැනිදාය. ස්වකීය ජාල පද්ධතිය වර්ධනය කර ගත් දුම්රිය සේවා 1927 දී කි.මී. 1530කින් යුත් මුළු ධාවන මාර්ගයක් ක්‍රියාත්මක කළේය. ප්‍රධාන මාර්ගය 1867 දී මහනුවර දක්වා ද, 1874 දී නාවලපිටිය දක්වා ද 1885 දී නානු ඔය දක්වා ද 1894 දී බණ්ඩාරවෙල දක්වා ද 1924 දී බදුල්ල දක්වා ද අදියර මගින් ව්‍යාප්ත විය. අනෙකුත් දුම්රිය මාර්ග රටේ විවිධ ප්‍රදේශ ඒකාබද්ධ කරමින් යථා කාලයේ දී සම්පූර්ණ කරන ලදී. . ඒ අනුව මාතලේ මාර්ගය 1880 දී ද මුහුදුබඩ මාර්ගය 1895 දී ද උතුරු මාර්ගය 1905 දී ද මන්නාරම මාර්ගය 1914 දී ද කැලණිවැලි මාර්ගය 1919 දී ද පුත්තලම් මාර්ගය 1926 දී ද මඩකලපුව සහ ත්‍රිකුණාමලය මාර්ග 1928 දී ද සම්පූර්ණ කරන ලදි.

    ආරම්භයේ දී දුම්රිය ඇති කරන ලද්දේ කඳුරටින් කෝපි සහ තේ කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා ය. අපනයනය සඳහා ගෙනා මෙම නිෂ්පාදන ප්‍රධාන ආදායම් මාර්ගය විය. ජනගහණ වර්ධනය සමග මගී ප්‍රවාහනය වැඩි වුණු අතර 1960 දශකයේදී ප්‍රධාන ව්‍යාපාර මූලාශ්‍රය බවට භාණ්ඩ ප්‍රවාහනය පත්විය. දුම්රිය දැන් ප්‍රධාන වශයෙන් කරනුයේ මගීන් ප්‍රවාහනය කිරීමය. වැදගත් මගී ප්‍රවාහන සේවයක් ඉටු කරන දුම්රිය මහා මාර්ග තදබදය අඩු කරමින් මගීන් කොළඹට සහ කොළඹින් ප්‍රවාහනය කරයි.


    රෝලිං ස්ටොක් ඇන්ජිම

    පළමුවන රෝලිං ස්ටෝක් ඇන්ජිම ලංකාවට ගොඩබෑවේ 1864 දීය. මෙම ඇන්ජිම් 4-4-0 වර්ගයේ රෝද දෙකකින් ද ඉන්ධන ටොන් 5ක සහ වතුර ගැලුම් 15,200ක ධාරිතාවක් සහිත ටෙන්ඩර්” ට්‍රක් එකකින් ද යුක්ත විය.

    බෆරය ඔස්සේ එහි දිග අඩි 49 ක් වූ අතර බර ටොන් 59 ක් විය. මෙම ඇන්ජිම් 1926 වන තෙක් පාවිච්චි කරන ලදි. සන්තෘප්ත වාෂ්ප අධි තාප බොයිලේරු සහිත ධාවන රෝද තුනේ සහ හතරේ ලොකොමොටිව් ඇන්ජිම් යන්ත්‍ර 1915 දී හඳුන්වා දෙන ලදි. කඳුරට ප්‍රදේශ වල 44ට 1ක බෑවුම් සහිත මාර්ග වල දුම්රිය තල්ලු කිරීමට 2වැනි ඇන්ජිමක් යෙදීමේ අවශ්‍යතාව වැළැක්වෙන පරිදි ගැරට් ක්ලාස් ඩබල් හෙඩඩ් ලෙකොමොටිවි ඇන්ජිම් 1928 දී හඳුන්වා දෙන ලදි. 1954 දී කැනේඩියානු රජය අශ්ව බල 1310 යේ M2 පන්තියේ ජෙනරල් මෝටරස් ඉලෙක්ට්‍රික් ලොකොමොටිව් ඇන්ජිම් ලංකාවට පරිත්‍යාග කළේය. 1950 මැද භාගයේ දී කාර්යාල සේවකයන් සඳහා වේගවත් වූ ද පිරිසිදු වූ ද සේවයක් ලබා දීම සඳහා 1950 දශකයේ මැදභාගයේ දී හයිඩ්‍රොලික බලවේග දුම්රිය මිල දී ගන්නා ලදි. දුම්රිය ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් වනුයේ 1969 දී මුළු දුම්රිය ධාවනය සඳහා ඩීසල් ඇන්ජිම් භාවිත කළ හැකි වන පරිදි ඩීසල් හයිඩ්‍රොලික් ලොකොමොටිව් ඇන්ජිම් 88 ක් මිලදී ගැනීම ය.

    රෝද 2ක් ද දොරවල් 2 ක් ද 9'6? ක රෝද පාදකයක් සහිත රෝද දෙකක් ද 22' 6? ක දිගක් ද සහිත වූ ,ඉර ආවරණ සහිත වූ ද වාතාශ්‍රය ලබා දෙන බොනෙට් වර්ගයේ වාතාශ්‍රය වීදුරු ද ආලෝක අඩු කිරිමේ පහසුකම් ද පොල් තෙල් පහන් සහිත පියසි දෙකක් ද යන මේවායින් සමන්විත ප්‍රථම කෝච් රථ තොගය අවුරුදු 20 කට ද වැඩි කාලයක් සේවයෙහි යොදවා තිබිණි. රෝද හතරේ ලී ආවරණ සහිත වැගන් රථ යොදා දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවය ආරම්භ කරන ලදී.


    සංඥා භාවිතය සහ විදුලි සංදේශය

    1864 දී පළමුවන දුම්රිය අඹේපුස්ස බලා ධාවනය කිරීම ආරම්භ කළ අවස්ථාවේ දී සංඥා භාවිතයක අවශ්‍යතාවක් නොවි ය. දුම්රිය ධාවනය කළේ සෑහෙන වේලාවකට එකක් වශයෙනි. කාල සටහන පිළියෙළ කර තිබුණේ ද ධාවනය කෙරෙන දුම්රිය සෑහෙන තරම් දුරින් ධාවනය කෙරෙන පරිදි ය.

    වේගය වැඩි කිරීමත් නිතර නිතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමත් සමග තනි මාර්ගයේ ධාවනය වන දුම්රියවල ආරක්ෂාව සඳහා ටැබ්ලට් උපකරණය භාවිත කිරීම ආරම්භ විය. ද්විත්ව මාර්ග සහිත ප්‍රදේශවල ලොක් සහ බ්ලොක් උපකරණ භාවිත විය. ලිස්ට් සහ මෝරස් පද්ධතිය තනි මාර්ගය සහිත දුම්රිය ස්ථානවල භාවිත කළ මුල්ම අතුරු අගුලු දැමීමේ ක්‍රමය විය. වර්ණාලෝක සංඥා ක්‍රමය සහ මධ්‍යම දුම්රිය ධාවන පාලනය ආරම්භ වූයේ 1959 දීය. දුම්රිය ස්ථාන සහ පාලක මැදිරිය VHF / UHF අතර ගුවන් විදුලි සන්නිවේදන ක්‍රමය ඉදිරිපත් කිරිමෙන් දුම්රිය සන්නිවේදන පහසුකම් නවීකරණය කර තිබේ.


    මෙහෙයුම

    1906 දී දුම්රිය මෙහෙයුම් දෙපාර්තමේන්තුව කොළඹ, අනුරාධපුරය සහ නාවලපිටිය යනුවෙන් අංශ 3කට බෙදා තිබේ.

    http://www.railway.gov.lk