Sri Lankan Airline අලුත්_සාමාජිකයා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Sri Lankan Airline අලුත්_සාමාජිකයා

    ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් සමාජිකයෙක්



    download (1).jpg


    COLOMBO (News 1st) – ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව එයාර් බස් ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ වර්ගයේ ගුවන් යානයක් එක් කර තිබේ.
    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය රජය සමයේ කළ ඇනවුමක් අනුව යානය අද මෙරටට ළඟා වූ බවයි.

    පසුගිය රජය විසින් එයාර් බස් නියෝ යානා 6 ක් ඇනවුම් කර තිබු අතර එම ඇනවුම අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලැබුණු අවසන් යානය මෙය බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

    ජර්මනියේ නිෂ්පාදිත ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ ගුවන් යානය හැම්බර්ග් නුවර සිට අද මෙරටට ළඟා විය.

    නව ගුවන් යානය තව ත් දින දෙකකින් පමණ මගී ප්‍රවාහන සේවා සඳහා එක් කිරීමට නියමිත වනු ඇති.

    ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, පැය තුනක වැනි කෙටි ගමන් සඳහා එයාර් බස් නියෝ යානය යොදා ගැනීමට නියමිතව ඇති බවයි.

    දැනට ලෝකයේ ඇති ගුවන් යානා අතුරින් නවීනතම ගුවන් යානයක් ලෙස ද මෙම යානය හඳුන්වනු ඇත.

    පහසුකම් රැසකින් සමන්විත එයාර් බස් නියෝ යානය ඉන්ධන පිරිමැසුම්දායක බවින් ද ධාරිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බව ගුවන් සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

    එයාර් බස් නියෝ යානයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 129 කි.

    මේ අතර පසුගිය රජය සමයේ ඇනවුම් කළ ඒ 350 යානා හතරක ඇනවුම් වත්මන් රජය යටතේ අවලංගු කෙරුණි.






    News1st_logo-lg-v2.png
     
    Last edited:
    • Like
    Reactions: TheRockSays

    Similar threads