නෑ, අල්ලාට අපහාස කිරීම තමයි හේතුව.
ඒකත් බොරු චෝදනාවක් කියලා මුස්ලිම් එවුන්ම කියනවා..ඒ මිනිහා අපහාස කරලා නෑ කියලා කියන්නේ. අන්තවාදී බල්ලෝ බොරු චෝදනා කරලා මරලා තියෙන්නේ. අන්තගාමී පාහර බල්ලෝ. ලන්කාවෙත් ඉන්නවා ඔය ජාතියේ බල්ලෝ.. ඔය අසාද් සාලි , බදුර්දීන් අයිති වෙන්නෙත් ඔය ගොඩටමයි.. පාහර බදුර්දීන්ගේ ගෙදර දෙමල කෙල්ලෙක් ගිනි තියලා මෑරුවේ
https://lankacnews.com/ලංකාවේ-ආර්ථිකය-ගොඩදාගන්/
ඉස්ලාමීය රටවල තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
මෙම හමුව සහ රාත්‍රි භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ආරාධනාව අනුවය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී පැමිණි සිටි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත විය.
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග මෙහි පැමිණ සිටි තානාපති හා මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්විය.
ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහි දී අදහස් පළ කළහ.
වසංගත තත්ත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරණ වෙහෙස පිළිබඳව මෙහි දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.
ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.
ඕමානය, පලස්තීනය, කුවේට් රාජ්‍ය, සෞදි ආරාබිය,මලයාසියාව,කටාර්,තුර්කිය,ඉරානය, ලිබියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දුනීසියාව සහ ඊජීප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්ථානය රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට එක්වූහ.
------
Post added on Dec 3, 2021 at 4:47 PM